ජිනිවාහිදී ආණ්‌ඩුව විශ්වාසය භංග කරගත් හැටි…
(Courtesy of the “Sunday Diwaina”)
ජයග්‍රාහී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා හතරවන ඊළාම් යුද්ධයේදී (අගෝස්‌තු 2006 – මැයි 2009) යුද අපරාධ නොකළ බවට පිළිගත හැකි කරුණු කාරණා මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීම එජාප ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුව නැවතත් මගහැරියේය. 2018 මාර්තු 19 වන දින ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මෑතකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී හෙළිවූ ශ්‍රී ලංකාවට වාසිදායක කරුණු සම්බන්ධයෙන් යම් සඳහනක් නොකිරීම බලවත් කනගාටුවකි. පසුගිය ඔක්‌තෝබර් මස බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ නේස්‌බි සාමිවරයා ජිනීවා යෝජනාවට පාදක වූ 40,000 ට අධික සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවක් ඝාතනය වූ බව අසත්‍යයක් බවත් සත්‍ය කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ වාර්තා අනුව (ජනවාරි 1 2009 – මැයි 2009) මරණයට පත්වූ මුළු සංඛ්‍යාව 8000 පමණ බවත් එයිනුත් 1/4 ත්‍රස්‌තවාදීන් බවත්, කළ ප්‍රකාශය මුළුමණින්ම අමතක කර දමා ඇත. එලෙසම නේස්‌බි සාමිවරයා පැවසූ පරිදි ශ්‍රී ලංකා දේශපාලන හා හමුදා නායකත්වය හිතාමතා ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමට නියෝග නොදුන් බව සම්පූර්ණයෙන් අමතක කර දමා ඇත. තම රට අපකීර්තිමත් කිරීමට බටහිර රාජ්‍යය දැරූ උත්සාහය එම ක්‍රමය තුළින්ම අභියෝගයට ලක්‌කිරීමට තිබූ අවස්‌ථාව යහපාලන නායකයෝ අශිෂ්ට ලෙස පැහැර හැර ඇත. මෙම දේශද්‍රෝහී හා ජාති ද්‍රෝහී ක්‍රියාව මෙරටේ අති බහුතරය පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරනු බවට කිසිදු සැකයක් නැත.
රජය, ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන සභා හමුදා නායකත්වය (2005- 2015) යුද අපරාධ නොකළ බවට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ හැකිව තිබූ නෙස්‌බිසාමිවරයා බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ පසුගිය ඔක්‌තෝබර් මස හෙළි කළ කරුණු කාරණා කිසිවක් පැවසීමට මැලි වූයේ ඇයි දැයි මෙම ලියුම්කරු අප්‍රේල් 6 වැනි දින ජනපති මන්දිරයේ පැවැති ජනපති මාධ්‍ය හමුවේදී එතුමාගෙන් විමසීමක් කරන ලදී. ජනපතිවරයා පැවසුවේ තමන් විදේශ අමාත්‍ය තිලක් මාරපනට අමතරව ආචාර්ය සරත් අමුණුගම සහ ෆයිසර් මුස්‌තාපා අමාත්‍යවරුන් 37 වැනි ජිනීවා සැසියට යෑවූ බවත්, ඔවුහු ඉතා හොඳින් කටයුතු කළ බවත් ය. විදේශීය විනිසුරුකරුවන් කිසිසේත්ම තවත් පිළිනොගන්නා බවත් රටට අහිතකර කිසිවක් නොකරන බව ද එතුමා පැවැසීය.
සාධාරණ සැකයකින් තොරව කිසිදු අධිකරණ පද්ධතියක පරීක්‍ෂාවට ලක් නොවූ චෝදනා මත 2015 ඔක්‌තෝබර් මස 1 වන දින ජිනීවා යෝජනා සම්මත විය. අප පාලකයෝ එම චෝදනා සම්පූර්ණයෙන්ම අනුමත කරමින් එම යෝජනාවලිය ශ්‍රී ලංකාවේ යෝජනාවලියක් ලෙස පිළිගත්තේ අති බහුතරය පුදුමයට පත් කරමිනි. එමගින් වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධව යන්ත්‍රන 4 ක් සහ ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක් හඳුන්වා දීමටද යෝජනා විය. නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා මෙම මුළු ජිනීවා ක්‍රියාවලියම අභියෝගයට ලක් කළේය. ජිනීවා යෝජනාවලිය පිළිබඳව නැවත විමර්ශනයක් කළ යුතු බවත් ඊට අදාළ කරුණු කාරණා සංශෝධනය විය යුතු බවත් ඔහු යෝජනා කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමා කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකාව ප්‍රතික්‌ෂේප කර ඇති බව පැහැදිලිsය. යම්කිසි රටක පළුදු වූ හොඳ නාමය නැවත ඇති කර ගැනීමට බාහිර පාර්ශ්වයක් කළ යෝජනාවක් ප්‍රතික්‌ෂේප කළ එකම රජය ලෙස ලෝක ඉතිහාසයට සිරිසේන – වික්‍රමසිංහ පාලනය එක්‌වී ඇත.
තමන් විසින් බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා ශ්‍රී ලංකාව ප්‍රතික්‌ෂේප කළ බව තේරුම් ගත් නේස්‌බි සාමිවරයා අදාළ ලිපි ලේඛන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය. මහජන ඡන්දයෙන් තේරී පත්වන බදු මුදලින් අප රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම තත්ත්වය පිළිබඳව ලැ-ජා විය යුතුමය. ඉතා පැහැදිලිsව පැවසිය යුතු වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව නැඟුන යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකළ බවය. ඒකාබද්ධ විපක්‍ෂයටද ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් පැහැදිලිs ක්‍රියාමාර්ගයක් තිබුණේ නැත. ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා 40,000 කට අධික ජනතාවක් ඝාතනය නොකළ බව ඔප්පු කිරීමට සහ සිතාමතා මනුෂ්‍ය සංහාරයක නොයෙදුන බවට ඉදිරිපත් කළ හැකිව තිබුණු කිසිදු කරුණක් ජිනීවාහිදී සඳහන් නොකිරීමට මේ රජය වගබලා ගත්තේය. විදේශ අමාත්‍යාංශයේ හැසිරීමද පුදුම සහගතය. ආරක්‍ෂක අමාත්‍යාංශයද කිසිවක් නොදන්නා ආකාරයට කටයුතු කරයි. ජනාධිපති සිරිසේන දිගින් දිගටම දෙමුහුන් යුද අධිකරණ පද්ධතියකට තම රජය එකඟ වූ බවක් පැවසුවත් අදටත් ජිනීවා යෝජනාවලියේ එවැනි අධිකරණ පද්ධතියක් සම්බන්ධයෙන් ඉතා පැහැදිලිsව සඳහන් කර ඇත. එය එලෙසම විය යුතු බවට ජනාධිපතිවරයාගේ රජය පත්කළ මනෝරි මුත්තෙට්‌ටුවේගම කොමිසම ස්‌ථිර කර ඇත.
නේස්‌බි සාමිවරයා කළ හෙළිදරව්ව ශ්‍රී ලංකාව කිසිදා ප්‍රයෝජනයකට නොගනු ඇත. නේස්‌බි සාමිවරයා මෙම තොරතුරු ලබාගත් ආකාරය පිළිබඳව සඳහනක් කිරීම අත්‍යවශ්‍යය. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන තොරතුරු දැන ගැනීමේ පනත අනුව යුද සමයේ ශ්‍රී ලංකාවේ සිටි ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් (බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජික) විසින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයට යෑවූ ලිපි නේස්‌බි සාමිවරයා ලබාගෙන ඇත.
මෙම ඉල්ලීම නේස්‌බි සාමිවරයා 2014 නොවැම්බර් 6 බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයෙන් කළ අතර නොයෙකුත් හේතු දක්‌වමින් එම ඉල්ලීම පැහැර හැරියේය. නමුත් තම සටන ඉදිරියට ගෙන ගිය නේස්‌බි සාමිවරයා තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය ඇති ආයතනය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට අදාළ ලිපි ලේඛන යම් ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය. නමුත් එම ලබාදුන් ලිපි ලේඛනවල පවා යම් කොටස් වාරණය කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය. නමුත් ලැබුණු තොරතුරු ප්‍රමාණය ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙනා යුද අපරාධ චෝදනා මත 2015 ඔක්‌තෝබර් මස 1 වන දින සම්මත කර ගන්නා ලද ජිනීවා යෝජනාවලිය අභියෝගයට ලක්‌කිරීමට තරමටම ප්‍රබල විය. නමුත් අප රජය රටට වාසිදායක මෙම තොරතුරු යටපත් කර ඇත. එයට ප්‍රධාන හේතුව එම තොරතුරු නිසියාකාරව යොදා ගැනීමෙන් අප රටට එරෙහිව කරනා බටහිර මෙහෙයුම උඩුයටිකුරු වනු ඇත.
ජිනීවා යෝජනාවලිය සැකසීමට යොදාගත් සාවද්‍ය කරුණු කාරණා සාර්ථකව අභියෝගයට ලක්‌කිරීම මගින් දැනට කරගෙන යනු ලබන රටට අහිතකර ව්‍යවස්‌ථාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්‌වනු ඇත. LTTE ත්‍රස්‌තවාදය වෙනුවෙන් අවසන් මොහොත දක්‌වා පෙනී සිටි ආර්. සම්බන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සන්ධානය කුප්‍රකට ජිනීවා යෝජනාවලිය මෙහෙයවන ප්‍රබල සාධකයක් වී ඇත. අවාසනාවකට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි කිසිදු කරුණක් ඉදිරිපත් නොකර යහපාලන නායකයෝ විකාර කරති. මොවුන්ට ලඡ්ජාවක් නැති බව දිගින් දිගටම පෙන්නුම් කරයි. 2017 මාර්තු මස ජිනීවාහිදී පොරොන්දු වූ පරිදි රටට අහිතකර යෝජනාවලිය 2019 මාර්තු මස වන විට කෙසේ හෝ ඉෂ්ට කිරීමට යහපාලන නායකයෝ උත්සාහ දරනු ඇත.
යුද්ධය දිනූ රජයට වැරදුනු තැන
නේස්‌බි සාමිවරයා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් 2009 දී නිකුත් කළ ලිපි ලේඛන ආශ්‍රයෙන් 2017 ඔක්‌තෝබර් මස බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ප්‍රකාශයට හා සමාන හෙළිදරව්වක් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිටි ඇමරිකානු ජාතික ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්‌මිත් 2011 ජුනි මස කොළඹදී කළේය. නේස්‌බි සාමිවරයා උපයෝගි කරගත් ලේඛන සම්පාදනය කළ ලුතිනන් කර්නල් ගෑෂ් සහ ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්‌මිත් හතරවන ඊළාම් යුද්ධයේදී කොළඹ සේවය කළ තානාපති නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන් අතර තොරතුරු හුවමාරු වූ බවට කිසිදු සැකයක් නැත. එවැනි පසුබිමක් තුළ 2011 ජුනි මස ඇමරිකානු හමුදා නිලධාරියා සහ බ්‍රිතාන්‍ය නිලධාරියා සකස් කළ වාර්තා ලංකාවේ එවකට තිබූ තත්ත්වය නිසියාකාරයෙන් තේරුම් ගැනීමට ඉවහල් වන බව පැහැදිලිය.
1987 සිට 1990 දක්‌වා ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය හමුදාවේ මේජර් ජෙනරාල් අශෝක් මේතා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි LTTE නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළේය. එම ප්‍රශ්නයට තමන් පිළිතුරු දීමට කැමැති බව පැවසූ ඇමරිකානුවා එවැනි ඝාතන සිදුවූයේ නැති බව පැවසීය. මොහු මෙම ප්‍රකාශය කරන්නේ යුද්ධය අවසන් වී වසර 2 ටත් පසුය. ශ්‍රී ලංකා හමුදා යටත්වන LTTE සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය නොකළ බව විදේශීය හමුදා නිලධාරියකු ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රථම සහ එකම අවස්‌ථාව එය විය. තමන් 2008 ජුනි මස සිට කොළඹ සේවය කළ බවත් බොහෝ තොරතුරු තමන්හට ලැබුණු බවත් එම වාර්තා අනුව LTTE සන්නද්ධ අංශය කිසිදු විටෙක ශ්‍රී ලංකා රජයට යටත් වීමට යෝජිත කළේ නැති බව පැහැදිලිsය. ඔහු පෙන්වා දුන්නේ LTTE ය වෙනුවෙන් නඩේසන් සහ කේ. පී. (කැමරන් පත්මනාදන්) යටත් වීමට නොයෙකුත් පාර්ශ්වකරුවන්ට කළ යෝජනා සැක සහිත බවය. නැවතත් පෙන්වා දිය යුත්තේ මෙම ප්‍රකාශ යුද්ධය අවසන් වී මාස 25 කට පසුව කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වක් බවය. කොළඹ ගලදාරි හෝටලයේ කළ මෙම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා යුද හමුදාව පැවැත්වූ ප්‍රථම කොළඹ සම්මන්ත්‍රණයේදීය. රටවල් 40 ක පමණ හමුදා නිලධාරීන් එයට සහභාගි වී සිටි අතර මෙම ලියුම්කරුද එම අවස්‌ථාවට සහභාගි විය. පුදුමයකට මෙන් පැවැති රජය මෙම වටිනා ප්‍රකාශය නොසලකා හැරියේය. දි අයිලන්ඩ් පුවත්පත කීප වාරයක්, පැවැති රජයේ අවධානය මෙම ඇමරිකානු ප්‍රකාශයට යොමු කළත් යහපාලන රජය නේස්‌බි සාමිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම කටයුතු කළේය. 2015 රාජපක්‍ෂ පක්‍ෂය පරාජය වනතුරුම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියාකිරීම රජය නොසලකා හැරියේය. පසුගිය රජය කළ වරද මෛත්‍රිපාල – වික්‍රමසිංහ පාලනය අද කරනා ෙද්‍රdaහී ක්‍රියාවට වඩා බරපතළය.
ද්‍රවිඩ ත්‍රස්‌තවාදය පැරදවූ රාජපක්‍ෂ රජය අනිවාර්යයෙන්ම මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබිණි. අදටත් ඇමරිකාව වෙනුවෙන් 2011 කළ එම ප්‍රකාශය කිසිවකු අභියෝගයට ලක්‌කර නැත. සිදුවී ඇත්තේ නේස්‌බි සාමිවරයා කළ හෙළිදරව්ව හේතුවෙන් ඇමරිකානු ප්‍රකාශය වඩාත් පිළිගත හැකි තත්ත්වයකට පත්වීමය. දී අයිලන්ඩ් පුවත්පත මුල් වරට මෙම ඇමරිකානු ප්‍රකාශය පළකළ අවස්‌ථාවේදී කොළඹ පිහිටි ඇමරිකානු කාර්යාලය නිහඬව සිටි නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව අපූරු ප්‍රකාශයක් කළේය. ස්‌මිත් එවැනි ප්‍රකාශයක් කළ බව පිළිගත් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එම ප්‍රකාශය නිල වශයෙන් කළ නොහැකි බව පැවසීය. පැවැති රජය රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද නිහඬව සිටියේය.
ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය එදා පිහිටුවා තිබුණේ නැත. අද අප රට වෙනුවෙන් ඉතා වැදගත් කාර්යයක් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත, විශේෂයෙන්ම ජිනීවා හිදී කරනා ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ අවශ්‍යතාව මතු වන්නේ පැවැති රජය කටයුතු කළ අඩුපාඩු නිසාය.
ශ්‍රී ලංකාව මිනීමරු දේශයක් ලෙස හංවඩු ගැසූ දරුස්‌මාන් වාර්තාව 2011 මාර්තු 31 වන දින එළිදැක්‌වූවාට පසු කළ ඇමරිකානු ප්‍රකාශය එවකට රජයේ ප්‍රබලම අවිය විය යුතුව තිබිණි. බලයෙන් මත්වී සිටි එම පාලකයෝ ඒ කිසිවක් ද තැකීමකට ගත්තේ නැත. බොරු යුද අපරාධ චෝදනා මත ඇමරිකාව එජාප නායකත්වයෙන් යුතු දේශපාලන සන්ධානයක් ගොඩනඟා එයට ද්‍රවිඩ ජාතික සන්ධානයද සම්බන්ධ කර 2015 දී රාජපක්‍ෂ රජය පරාජය කරනතුරුම ජිනීවා ක්‍රියාවලිය හඳුනා ගැනීමට එම පාලකයන්ට නොහැකි විය. අද මුළු රටම ඔවුන්ගේ දුර්වලකම් සහ සිතාමතා කළ අතපසුකම් නිසාවෙන් බරපතල වන්දියක් ගෙවන බව පැහැදිලිsය.
තවත් වරද්දවා ගත් අවස්‌ථා
විකී ලික්‌ස් වෙබ් අඩවිය හෙළිකළ රහස්‍ය ඇමරිකානු වාර්තා ශ්‍රී ලංකා යුද හමුදාව මානුෂීය මෙහෙයුම් කිරීම හේතුවෙන් විශාල ජීවිත හානිවලට මුහුණදුන් බවත් සාමාන්‍ය ජනතාව සිටිනා බව නොසලකා ප්‍රහාර එල්ල කළේ නම් වන්නි මෙහෙයුම (මාර්තු 2007 – මැයි 2009) සාපේක්‍ෂව කෙටිකලක් තුළදී අවසන් කළ හැකිව තිබූ බවය. මෙම ප්‍රකාශය ජාත්‍යන්තර රතුකුරුසය වෙනුවෙන් ඩී මායියෝ 2009 ජුලි වල කළ තිබුණේ එවකට ජිනීවාහි ඇමරිකානු තානාපතිව සිටි ක්‌ල්න්ට් විලියම්සන් හටය. පැවති රජය මෙම ප්‍රකාශයද සැලකිල්ලට ගත්තේ නැත. පැවැති රජයේ හොරමැරකම් හා දූෂණ සොයනා යහපාලන රජය ජිනීවා සම්බන්ධයෙන් එම රජය කළ කිසි වරදක් නොදකී. සියලු වැරදි එලෙසම පිළිගෙන රටට අහිතකර ජිනීවා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යැමට කටයුතු කරති. පවතින රජයේ ජිනීවා ක්‍රියාවලිය ප්‍රබල විවේචනයට ලක් කරනා කිසිදු දේශපාලනඥයකු හෝ සංවිධානයක්, ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය ඇතුළුව අප රාජ්‍ය තන්ත්‍රය යුද්ධ අවසන් වූ දින සිට කරණා ලද කිසිදු අඩුපාඩුවක් නොදකී. සාවද්‍ය යුද අපරාධ චෝදනා නිසියාකාරයෙන් නිෂ්ප්‍රභ කිරීමට තිබෙනා ප්‍රධානතම සාධකය පසු විපරමක් නොකිරීමයි. අප වෙනුවෙන් නේස්‌බි සාමිවරයා ඉදිරිපත් කළ කරුණු කාරණා රජය ජිනීවා නුවරට වාර්තා කර නැත. වාර්තා කරන බවකුත් පෙනෙන්නට නැත. පැවැති රජය නොසලකා හැරිය ප්‍රබලතම සහ ඉතාම වැදගත් කරුණක් වූයේ අප රටට එල්ල වූ ප්‍රධානතම යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශ්ව කරනා ලද පරස්‌පර විරෝධී සංඛ්‍යා ලේඛන අභියෝගයට ලක් නොකිරීමයි.
දරුස්‌මාන් වාර්තාව හරහා එක්‌සත් ජාතීන් ශ්‍රී ලංකාවට කළ 40,000 අධික ද්‍රවිඩ සිවිල් ජනතාවක් ඝාතනය කිරීමේ චෝදනාව ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය නිකුත් කළ වාර්තාවකින් නිෂ්ප්‍රභ කෙරුණි. 40,000 ඝාතනය කිරීමේ චෝදනාව 2011 මාර්තු මස එල්ල වූ අතර එම වසර අවසානයේදී ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය මියගිය සංඛ්‍යාව 10,000 ලෙස සඳහන් කරමින් ජිනීවා කවුන්සලයට වාර්තාවක් ලබා දුන්නේය. පුදුමයකට මෙන් එම වසරේදීම නැගෙනහිර වන්නි පෙරමුණේ මියගිය ද්‍රවිඩ සිවිල් ජනතාව සහ ඛඔඔE සාමාජික සංඛ්‍යාව 100,000 ක් බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කෙරිණි.
මෙම පරස්‌පර විරෝධී සංඛ්‍යා ලේඛන ලෝකය ඉදිරියේදී පෙන්වා දීමට පැවැති රජය කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවාහි 2011 – 2014 පසුගිය රජය කරනා ලද කිසිදු ප්‍රකාශයකට ඉහත සඳහන් කරන ලද කරුණු කාරණා කිසිවිටක එකතු කළේ නැත. එලෙසම ශ්‍රී ලංකාවේ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය විසින් 2008 අගෝස්‌තු – 2009 මැයි දක්‌වා භූමියේ කරනා ලද තොරතුරු රැස් කිරීම අනුව මරුමුවට පත්වූ සිවිල් සහ කොටි සංඛ්‍යාව 7721 කි. තුවාල ලැබූ සංඛ්‍යාව 18,000 කට අධිකය. මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳවද පැවැති රජය මෙම කාලය තුළ කිසිවිටෙක ජිනීවා හිදී සඳහන් කළේ නැත. නේස්‌බි සාමිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන එක්‌සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන සමඟද සැසඳේ. යහපාලන රජය සහ එම රජයේ ක්‍රියාකලාපයට එරෙහි කිසිදු කණ්‌ඩායමක් අදටත් මෙම සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර නැත.
වන්නියේ ජනතාව මිනිස් පළිහක් ලෙස ත්‍රස්‌තවාදීන් යොදා ගැනීම වැළැක්‌වීමට එක්‌සත් ජාතීන් හිතාමතා මඟහැරීම 2007 මුල් කාලයේ හෙළිවූ නමුත් පැවැති රජය ඒ පිළිබඳව ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
කොළඹ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඛඔඔE ත්‍රස්‌තවාදීන් සමඟ රහස් සාකච්ඡාවල යෙදීම එලෙසම නිව්යෝක් හි පිහිටි හැම ප්‍රධාන කාර්යාලය එම සාකච්ඡා පිළිබඳ දැනුවත් නොකිරීම මෙම ලියුම්කරු හෙළිකළ අතර ඒ පිළිබඳවත් පසුගිය රජය කිසිදු අවධානයක් යොමු කළේ නැත.
පසුගිය රජය ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව කිසි ලෙසකත් සෑහීමකට පත් විය නොහැක. එම අඩුපාඩුකම් පිළිබඳව පූර්ණ විමර්ශනයක් කළ යුතුමය. යහපාලන රජය ජිනීවාහිදී කරනා පාවාදීම අධ්‍යයනය කළ යුතු වන්නේ පැවැති රජයේ නොසැලකිල්ල හේතුවෙන් අප රටට අත්වූ අවාසිදායක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
844 Viewers