ජිනීවා කළ කතා
Speech by Ms. Marry Williams (Co-President of GSLF for Kuwait)
Speech by Mr. Janath Wimala (Co-President of GSLF for Israel)
Speech by Rear Admiral Sarath Weerasekara
Speech by Dr. Nalaka Godahewa
Speech by Ms. Anuradha Yahampath (patriotic activist)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරය අමතමින් ගෝලීය ශ්රී ලංකා සංසදය වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා දේශණයක් කරනු ලැබුවා.
ඒ, ‘ලංකාව තුළ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මූලික කර ගෙනයි.
ඝාතනයට ලක්වූ ද්‍රවිඩ ජාතිකයෙකු වන ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා ජීවත්ව සිටියා නම් මේ වනවිට ජනාධිපති පදවියට පත්වීමට ද ඉඩ තිබූ බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.
මෙරට ක්‍රියාත්මක ව්‍යාපාර ආයතන කිහිපයක්ම ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ට අයත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ආචාර්ය නාලක ගොඩහේවාගේ සම්පූර්ණ දේශණය පහතින් කියවිය හැකියි.
‘ගරු සභාපතිතුමනි
ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි
ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමළ පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමණ සිටිනවා.
1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමළ ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමළ දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි.
ලංකාව තුල දෙමළ ජාතිකයෙකුට ඉහළට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමළ ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි.
මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්
නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමළ ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් දෙමළ ජාතිකයෙක්. දෙමළ ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුණා.
මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් දෙමළ ජාතිකයෙක්.
වර්තමාන මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමළ ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමළ ජාතිකයෙක්.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් දෙමළ ජාතිකයෙක්.
වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමළ ජාතිකයෙක්
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් දෙමළ ජාතිකයෙක්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමළ ජාතිකයින්
අද උතුරු පළාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්.
කොළඹ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලයක් අයිති දෙමළ ජාතික පවුලටයි.
ලංකාවේ විශාලතම බියර් නිෂ්පාදන සමාගමක් අයිති දෙමළ ජාතික පවුලටයි
මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමළ ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”?
අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.’
ජිනිවා සමුළුවේ නැගුණු හඬ
කීර්ති වර්ණකුලසූරිය
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ දූෂිත ක්රියා රැසක් සිදුවේ. එය ඇස් පනාපිට සනාථ වූයේ එකම දිනයේදී රාජ්‍යනොවන සංවිධාන දෙකකින් ඊලම්වාදීන්ට පට්ටපල් බොරු ප්රකාශ කිරීමට ඉඩලැබීමය.
පසුගිය සැප්තැම්බර් 18 දා උදේ තමිල්නාඩු කොටි හිතවාදී වයිකෝ සංවිධාන දෙකකින් සමුළුව අමතමින් ශ්රී ලංකාවටඑරෙහිව බොරු චෝදනා එල්ල කළේය.
අපි මේ ගැන මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියකගෙන් විමසූ විට ඇය පැවසුවේ වයිකෝට කතා දෙකක් හෝඊට වැඩි ගණනක් පැවැත්විය හැකි බවයි.
එසේම තමිල්නාඩු ඊලම් සංවිධාන 14 ක් ශ්රී ලංකාවට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරද්දී ශ්රී ලාංකිකයන්අටදෙනක් ඊට ප්රතිචාරය දැක්වූහ.
අද අපි ඉදිරිපත් කරන්නේ එම කරුණුයි.
හිටපු විශේෂ කාර්ය බළකා භටයකු මෙන්ම ගෝලීය ශ්රී ලංකා සංසදයේ නියෝජිත ජනත් විමල සමුළුවට අමතමින්මෙලෙස කීවේය.
“වසර 30 ක් තිස්සේ ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානය ම්ලෙච්ඡ ක්රියා සිදුකරද්දී මානව හිමිකම් කවුන්සිලය නිහඬවසිටියා. අදත් එම සංවිධානයට සම්බන්ධ පිරිස සාවද්‍ය ප්රචාර මගින් ශ්රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්රචාර දියත්කරනවා. ඒ බව සනාථ වන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවෙන් ගෙන ආ දේශපාලන අනාථයන් ලවා ශ්රීලංකාවට මඩ ගැසීමයි. මේ නිසා මෙම කොටි හිතවාදීන්ගේ තක්කඩි ක්රියා නොපිලිගැනීමට මානව හිමිකම්කවුන්සිලය ක්රියාකළ යුතුයි.
කොටි සංවිධානය අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරද්දී කවුන්සිලය නිහඬව සිටියේය. මේ නිසා මානව හිමිකම්කවුන්සිලය අපක්ෂපාතී හා සාධාරණ විය යුතුයි. දුප්පත් ද්රවිඩයන්ගේ අරමුදල් වලින් යෑපෙන ද්රවිඩයන් සුළු පිරිසකටමෙම මානව හිමිකම් කවුන්සිලයේ ක්රියාදාමයන් කඩාකප්පල් කිරීමට ඉඩ නොදිය යුතුයි.
ගෝලීය ශ්රී ලංකා සංසදයේ නියෝජිත එරික් මාකවිට මහතා මෙලෙස ප්රකාශ කළේය.
ද්රවිඩ ඩයස්පෝරාවේ බලපෑම් මත රජය ජිනීවා යෝජනාවට සම අනුග්රාහකත්වය ලබාදීමට ක්රියාකළා.ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කිරීමට හෝ රටේ ඒකීය භාවය විනාශ කිරීමට මානව හිමිකම් භාවිත නොකළ යුතුයි.
මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය උල්ලංඝණය කරමින් සෛවරී රාජ්යයක කටයුතුවලටමැදිහත්වී සිටිනවා. එසේම අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පමණක් නොව හමුදාව අඩුකිරීමට පවා මානව හිමිකම්කවුන්සිලය යෝජනා කර තිබෙනවා. උතුරේ ජනතාවට දේශපාලන හිමිකම් ලබාදුන්නේ පසුගිය රජයයි. වසරගණනකට පසු මැතිවරණයක් තබා එම අයිතිය ලබාදුන්නා. අද සියයට 50 ක් ද්රවිඩ ජනතාව ජීවත්වන්නේ දකුණේසිංහල ජනතාව සමඟයි. රජයේ ඉහල ධුර දරමින් විවිධ ව්යාපාර පවා මෙහෙයවන්නේ ද්රවිඩ පාර්ශවයයි.
මානව හිමිකම් ගැන හඬ නගන අපි ශ්රී ලංකාව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් පරදවා සියළු දෙනාගේ මානව හිමිකම්ආරක්ෂා කළ අයුරු ගැන නිරීක්ෂණය කළ යුතුයි.”
කුවේටයේ සිට පැමිණි මාරි විලියම්ස් මහත්මිය සමුළුව අමතමින් පැවසුවේ මානව හිමිකම් උල්ලංඝණය කරන්නේත්රස්තවාදීන් බවයි. අපේ හමුදාව විසින් කොටි සංවිධානය පරාජය කළ පසු 2009 මැයි 27 දා එක්සත් ජාතීන්ගේසංවිධානය විශේෂ සැසිවාරයක් පවත්වමින් ශ්රී ලංකා රජය ඇගයීමකට ලක්කළා. එහෙත් අද එම මානව හිමිකම්කවුන්සලයට අපට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා.
මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ පරස්පර විරෝධි හඬ රැසක් තිබෙන බව කිවයුතුයි.
එහෙත් ඒ ගැන අවධානය යොමුනොකර සෛවරී රාජ්යයකට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා. මේ ගැනමානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකළ යුතුයි.
1129 Viewers