• Home »
  • Sinhala »
  • ජිනීවා මානව හිමිකම් සැසිවාරය අවසන් විය

ජිනීවා මානව හිමිකම් සැසිවාරය අවසන් විය

By Dinasena Rathugamage
(Courtesy of Divaiana)

රජය වෙනුවෙන් ඊට සහභාගි වූ පිරිස ආපසු දිවයිනට පැමිණියද දෙමළ ජාතික සන්ධානය විසින් ජිනීවා යවන ලද පිරිස තවමත් ආපසු පැමිණ නොමැත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඊට සහභාගි වූ පිරිස ආපසු පැමිණීමට තවත් දින කීපයක් ගත වන බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා ජිනීවා නුවර සිට උතුරේ මාධ්‍යයට පැවසීය.

තමන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ කීප දෙනෙකුම මේ දක්වා ජිනීවා නුවර සිටින බව කී ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා තමන් ආනන්දි සෂිහරන් හිටපු පළාත් සභා අමාත්‍යවරිය සමග එකතු වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාකච්ඡුා කිරීම සඳහා ජිනීවා නුවරදී සාකච්ඡුාවන් කීපයක්ම යොදා ගෙන ඇති බව පැවසීය.

දෙමළ ඩයස්පෝරාවේ ජිනීවා සිටින නියෝජිතයින් විසින් එවැනි සාකච්ඡුා කීපයක්ම සංවිධානය කොට ඇති බව කී ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා ඒ සාකච්ඡුාවලට අමතරව ජාත්‍යන්තර නියෝජිතයින් කීප දෙනෙකු සමගද සාකච්ඡුා කිරීමට සූදානමින් සිටින බව පැවසීය.

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැුස්වීමේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා රජයේ ස්ථාවරය පැහැදිලි කළත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැසලේ මහත්මියගේ ප‍්‍රකාශයට අනුව ශ‍්‍රී ලංකාවට එම යෝජනා වලින් ඉතා පහසුවෙන් ඉවත් නොවිය හැකි බවද ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා ජිනීවා නුවර සිට පැවසීය.

මේ පරස්පර වූ අදහස් පිළිබඳව ජිනීවා සිටින කීප දෙනෙකු සමග සාකච්ඡුා කිරීමට තමන් සූදානමින් සිටින යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡුා කිරීමට ආනන්දි සෂිහරන් මහත්මිය සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජිනීවා නුවර පැවති මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ගැන අදහස් දක්වන උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය  සී.වී.විග්නේස්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයට දෙහි කපන්නේය.

විග්නේස්වරන්ගේ දොස්

දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නොව පසුගිය රජය යළි බලයට පත් කිරීමට යැයි උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.

යාපනයේ මාධ්‍ය සංගම් ශාලාවේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට සහභාගී වෙමින් අදහස් දැක් වූ විග්නේස්වරන් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට පසුගිය රජයෙන් විවිධ වරප‍්‍රසාද ලැබුණු නිසා ඔවුන් එම රජය ආරක්ෂා කළා මිස දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු නොකළ බවයි.

පසුගිය රජය පැවති සමයේද ජිනීවා මානව හිමිකම් කමිටුව රැුස් වූ නමුත් එහිදී දෙමළ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට කමිටුව විසින් නිර්දේශ කළ දේ රජය ලවා ඉටු කරගැනීමට හෝ දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ බව විග්නේස්වරන් මහතා සඳහන් කළේය.

මේ රජය බලයට පත්වීමෙන් පසුව පැවති පළමු ජිනීවා මානව හිමිකම් කමිටු රැුස්වීමේදී කාරණා කීපයකින්ම ඉවත්වීමට රජය තීරණය කරනු ලැබූවත් දෙමළ ජාතික සන්ධානය නිහ`ඩව සිටින බව කී  විග්නේස්වරන් මහතා ඔවුන් නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ මැතිවරණයන් දිනා ඔවුන් මන්ත‍්‍රීවරු බවට පත්වී සැප විඳීමට මිස දෙමළ ජනතාවට සහන සැලසීමට නොවන බවද විග්නේස්වරන් මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වෙන බැවින් දෙමළ ජාතික සන්ධානය වත්මන් රජය කුමක් කළද නිහ`ඩව සිටින්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බව කී විග්නේස්වරන් මහතා ඇතැම් විට ඔවුන් මේ බලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ සන්ධානය බිහිවන තුරු විය හැකි යැයි තමා විශ්වාස කරන බවද විග්නේස්වරන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නිතරම නාට්‍ය ර`ගදැක්වීම හැරෙන්නට දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරනු ලබන කිසිදු දේශපාලන ක‍්‍රියාදාමයක් නොමැති බව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ රැුස්වීමේදී ඔවුන් කටයුතු කළ ආකාරය දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනී යන බවද විග්නේස්වරන් මහතා මෙහිදී පැහැදිලි කළේය.

දෙමළ ජනතාව මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියා කලාපය ඉතා හොඳින් තේරුම් ගෙන ඇති නිසා ඔවුන්ට ජනතාවගෙන් විශාල සහයෝගයක් ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කළ නොහැකි බව කී විග්නේස්වරන් මහතා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී එහි තත්ත්වය ඉතා හොඳින්ම පැහැදිලි වනු ඇතැයිද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය බරපතළ අවුලක

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයත් සමගම දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ බලය අහිමි වී යෑම පිළිබඳව බරපතල දේශපාලන අර්බුදයකට පත්ව සිටියි.

මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කිරීම සඳහා අලූතෙන් පිහිටුවන ලද නව දෙමළ සන්ධාන තුනක් බිහිවීමත් සමගම දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර සිටීම සඳහා විවිධ උපක‍්‍රම රාශියක්ම දියත් කොට තිබේ.

මෙවර මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේස්වරන් මහතාගේ දෙමළ ජාතික ජනතා සන්ධානය ද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණද කටයුතු කරන අතර හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් පිහිටුවා ගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමීන්ගේ පෙරමුණද දෙමළ ජාතික සන්ධානය පරාජය කිරීමේ සටනට අවතීර්ණ වී සිටියි.

මෙම දේශපාලන පක්ෂ වලට අමතරව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් උතුරු පළාතේ පිහිටුවාගෙන තිබෙන ප‍්‍රධාන සංගම් හයක්ද මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

මේ තත්ත්වයත් සමගම දෙමළ ජාතික සන්ධානය යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හා ආචාර්යවරුන්ගේ සංගමයේ සහය දෙමළ ජාතික සන්ධානය වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දීමට කැමැත්ත පළකොට ඇතත් එහි ශිෂ්‍ය සංගම් එකමුතුව මේ සඳහා දක්වා ඇත්තේ ඉතා දුර්වල ප‍්‍රතිචාරයක් බව වාර්තාවේ.

ඊට හේතුව වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් බලයට පත්වන ජනාධිපතිවරයා දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කාරණා දහතුනකින් සමන්විත ඉල්ලීම් මාලාවක් සකස් කොට ඒවා ඉටු කරන බවට පොරොන්දු වන ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය ලබා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටින ලද නමුත් එම පක්ෂය ඒ කාරණා නොසලකා හැරීමයි.

මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් ප‍්‍රදේශයේදී සංවිධානය කළ මහවිරු උළෙලට දෙමළ ජාතික සන්ධානයට වඩා විග්නේස්වරන් මහතා සහය ලබා දීම නිසා යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ බහුතර කැමැත්ත විග්නේස්වරන් මහතාට තිබෙන බව එම ශිෂ්‍ය සංගම් ප‍්‍රකාශ කොට තිබේ.

මේ ආදී වශයෙන් උතුරු පළාත තුළ දෙමළ ජාතික සන්ධානයට අහිමි වී යන බලය යළි රැුක ගැනීම සඳහා මේ දිනවල දෙමළ ජාතික සන්ධානය ගම් මට්ටමින් කුඩා පරිමාණයේ රැුස්වීම් පවත්වන්නට පටන් ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන බලය කෙමෙන් පහත වැටුණද උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා දෙමළ ජාතික සන්ධානය හරහා යාපනයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට තොරතුරු ලැබී තිබේ.

මේ සඳහා මේ වන විටත් රාගවන් මහතා ඔහුගේ කැමැත්ත පළකොට ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

රාගවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කල සමයේදී ඔහුගේ සංවර්ධන ක‍්‍රියා රැුසකට බාධාවන් එල්ල කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයයි.

මේ විරෝධතාවයන් එල්ල වූයේ ඔහු රජය නියෝජනය කරමින් උතුරේ කටයුතු කිරීමත් ඔහු උතුරේ පුද්ගලයෙකු නොවීමත් නිසා බවට එකල මතයක් පැවතියද දේශපාලන වශයෙන් විශාල බලයක් අපේක්ෂා කරන දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී සුරේන් රාගවන් හිටපු ආණ්ඩුකාරවරයාව අවශ්‍ය වී තිබේ.

නව දෙමළ සන්ධානයක් බිහි කළ උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාටද සුරේන් රාගවන් මහතාව දේශපාලනයට ඔවුන්ගේ සන්ධානය හරහා ඈඳා ගැනීමට අවශ්‍ය වුවත් විග්නේස්වරන් මහතාගේ ප‍්‍රමාදය නිසාම රාගවන් මහතා මේ වන විට දෙමළ ජාතික සන්ධානය පැත්තට බර වී හමාරය.

කච්චතීව් හා කොරෝනා

කොරෝනා වෛරස් රෝගය පිළිබඳව සැලකිල්ලෙන් යුතුව මෙවර කච්චතීව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය සූදානම් කිරීමට නාවික හමුදාවේ හා යාපනය දිසාපති කාර්යාලයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

මාර්තු මස 6 සහ 7 යන දිනවලදී කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන අතර මේ සඳහා ඉන්දියාවෙන් බැතිමතුන් 3879 දෙනෙකු සහ කතෝලික පියතුමන්ලා 76 ක් සහභාගී වීමට නියමිතය.

ශ‍්‍රී ලාංකික බැතිමතුන් 7000 ක් පමණ මෙවර කච්චතීව් වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගි වෙතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් යාපනය දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවකදී කොරෝනා වෛරස් රෝගය පිළිබඳව අවධානය යොමු කරමින් කච්චතිව් වාර්ෂික මංගල්ලයට බැතිමතුන් සහභාගී කරවීමට තීරණය කොට තිබේ.

ඉන්දියාවෙන් හා ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් රෝගය වැළඳුණු බවට සැකකරන රෝගීන් හමු වීම නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට කච්චතිව් වාර්ෂික මංගල්ලය සූදානම් කරන පිරිස අවධානය යොමු කොට තිබේ.

මේ අනුව යාපනය දිසාපති කාර්යාලය සඳහන් කළේ සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඔවුන් සපයා දෙන උපදෙස් වලට අනුව කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට බැතිමතුන් සහභාගි කරවන බවයි.

සෞඛ්‍ය බලධාරීන් රෝග නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය බව තීරණය කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හා ආරක්ෂක අංශවල සහය ලබා ගෙන එම කටයුතු සිදු කරන බවද යාපනය දිසාපති කාර්යාලය සඳහන් කරයි.



239 Viewers