ජිනීවා යෝජනාවලියෙන් අප ඉවත්වූ පමනින් අපි ජිනීවා දිනුවායැයි හිත හදාගෙන සැනහෙන්නට හිතන්නේ නම් එය මුලාවකි.
ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් ඉවත් වන බවත්, ඒ අනුව කටයුතු නොකරන බවටත් දන්වා සිටීම වනාහී තවත් සටනක ආරම්භයක් පමනි.
ඇමතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස පැමින සම අනුග්‍රහයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර කර ආපසු යනු ගියත් සම අනුග්‍රහය හා යෝජනාවට අපේ වගවීමට ඇති පොරොන්දුව හැර අන් සියල්ල එලෙසම පවතී. කොටින්ම කිවහොත් අප සම අනුග්‍රහයෙන් ඉවත් වූ පමනින් යෝජනාව ඉවත් නොවේ.
මන්දයත් යෝජනාව ගෙනාවේ අප නොවන බැවිනි. මෙතැන් සිට ජාත්‍යන්තරය අවි අමෝරා ගැනීම වැලැක්විය නොහැක . සම අනුග්‍රහයෙන් ඉවත් වීමට ගත් තීරණය වනාහී ජිනීවා යෝජනාවට එරෙහි සටනේ ආරම්භයයි. එසේ මෙම සම අනුග්‍රහයෙන් ඉවත්වීම මේ සම්භන්දයෙන් සිදු විය යුතුව තිබූ හොදම ආරම්භයයි.
මේ ආරම්භය ජාත්‍යන්තරයට දෙන පනිවුඩය වන්නේ මේ යොජනාවට ශ්‍රී ලංකාව එකග නැති බව පමණක් නොව යෝජනාව වැරදි කරුනු වාර්තා පදනම් කරගෙන සකස් කල, ලංකාවේ කැමැත්ත ට පටහැනිව සම්මත කල, දේශීය සාධාරනීකරනය තඹ සතේකටවත් මායිම් නොකර සකස් කල සම්පූර්ණයෙන්ම විදේශික වූ ඒ හේතුවෙන් ම ක්‍රියාත්මක කල නොහැකි වු යෝජනාවක් බවයි.
අප ඉවත් වූ පමනින් යෝජනාව හෝ ඊට පාදක වූ කරුනු වල බලපෑම් නැති නොවේ. අපේ සහයෝගය නොමැතිව වුවද මෙහි දැක්වූ කාරනා ක්‍රියාත්මක කරවා ගැනීමට ඔවුන් ක්‍රියා කරනු ඇත.
දැන් සිදු වී තිබෙන්නේ අප 2015 ට පෙර පැවති තැනට පැමිනීමයි. මෙනැන් සිට 2021 මාර්තු මාසයේදී නැවතත් සාකච්ඡාවට ගැනෙන යෝජනාව සම්පූර්ණයෙන්ම ඉවත් කරවා ගැනීමේ මාර්ග සිතියම දැන් සිටම එලා ගත යුතුව ඇත. මේ ගමන වනහී කොමිසමේ බහුතර සාමාජික රටවල් දිනා ගනිමින් කොමිසමේ ප්‍රබල සාමාජික රටවල තර්ජන මැද යන දුශ්කර ගමනකි. මේ සම්භන්දයෙන් පුලුල් අද්ධ්‍යනයන් කොට සකස් කල වාර්තාවක් මෙවනවිටත් අප විසින් රජයට ඉදිරිපත් කර තිබේ.
ජිනීවා මහකොමසාරිස් කාර්‍ය්යාලයෙන් අපට එල්ලවූ එකම තර්ජනය මේ යෝජනාව පමණක් ම නොවේ. 2015 දී එලිදැක්වූ මහකොමසාරිස්වරයාගේ OISL වාර්තාවද ලංකාවට ඒ හා සමානම තර්ජනයක් වේ. ලංකාවේ හමුදාව ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතියත් ජාත්‍යන්තර මානුශිය නිතියත් උල්ලංඝනය කල බව එහි සදහන් වේ. යුද නායකත්වය දුන් ඇතැම් සේනාංක ප්‍රධානීන් එහි මේ නීතී උල්ලංඝනය කල බව දක්වා තිබේ. පසුගිය දිනවල එක්සත් ජනපදය යුද හමුදාපතිවරයා ගේ ගමන් තහනම් කිරීමට හෙතු දක්වන්නට උපුටා ගන්නේද මේ වාර්තාවයි.
අවාසනාව වන්නේ මේ වාර්තාව නිල වශයෙන් 2015 දී ශ්‍රී ලාංකා රජය පිලිගෙන තිබීමයි. මෙයත් මංගල සමරවීර ගේ තවත් වික්‍රමයකි.
මෙහි දක්වා ඇති කිසිදු චෝදනාවක් නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම හෝ පිලිතුරු බැදීම තවමත් රජය සිදු කර නැත. ගෝලීය සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් අපි ජීනීවා ගොස් කරන්නේ මේ හිඩැස සපුරා ලීමයි. එනම් අපට හැකි පමනින් මේ චෝදනා වලට විරුද්ධ වීම හා පිලිතුරු බැදීමයි.
සම අනුග්‍රහයෙන් ඉවත් වනවා මෙන්ම මේ වාර්තාවට එරෙහි ක්‍රියාවලිය ද රජය ආරම්භ කල යුතු වේ .
11 වන වතාවටත් මෙවර අපට ජිනීවා යනන්ට සිදුවී තිබෙන්නේ තවමත් එය සිදු වී නැති බැවිනි .
නීතිඥ ජයරාජ් පලිහවඩන
ගෝලීය සංසද විධායක සභාවේ
ජිනීවා මෙහෙයුම් කමිටුව වෙනුවෙන් .
180 Viewers