• Home »
  • Sinhala Articles »
  • ජුලී චෑං යනු , ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියයි.

ජුලී චෑං යනු , ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයාට, ජුලී චෑං එක්ක , විසඳගන්න තිබෙන ප්‍රශ්ණය මොකක්ද කියල, පළමුවෙන්ම විමසිය යුතුය.
ශ්‍රී ලංකාවේ , තවත් විදේශීය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් කොතෙකුත් ඇත.

ඒ කාටවත් නැති ප්‍රශ්ණයක්, ජුලී චෑංට, අපේ මැතිවරණ කොමසාරිස්වරයා සමග ඇති උනේ කොහොමද කියලා, දෙවනුව විමසිය යුතුය.
මැතිවරණ කොමසාරිස් යනු , අපේ රටේ , පරිපාලන ක්‍ෂෙත්‍රයේ, ඉහළම තලයක වැජඹෙන, රජයේ නිලධාරියෙකි.

එතුමාට, තානාපතිනියක් සමග සාකච්ඡාවකට, ගනුදෙනුවකට , කිසිදු ඉඩකඩක්, තමන්ගේ විෂයපථයේ නැත.

එමෙන්ම, කිසිදු තානාපතිවරයකුට, මහ කොමසාරිස්වරයකුට, අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමට , නෛතික වශයෙනුත්, සදාචාරාත්මක වශයෙනුත් අයිතියක් නැත.

මැතිවරණ කොමසාරිස්වරයාට, දේව ආශිර්වාද ඉල්ලා , යාච්ඤාවක් කිරීමට ජුලී චෑං තානාපතිනියට උවමනාවක් තිබුනා නම්, එතුමාගේ නිවසට ගොස් , ඒ කටයුත්ත ඉෂ්ඨ කරගන්න තිබුනාය.

අපේ රටේ දැන් , ” බල්ලා නගුට වනන්නේ නැත. නගුටෙන් බල්ලාව වනනවා ” ය.

ඇමරිකාවටත්, ජුලී චෑං තානාපතිනියටත්, අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගසනවාට වඩා , අපේ රටේ මානව හිමිකම් ගැන , කිඹුල් කඳුලු හෙලනවාට වඩා , ගාසා තීරයේ සිවිල් වැසියන් සමූලඝාතනය කරමින් ගෙනයන මිනිස් සංහාරය නවත්වන්න කටයුතු කිරීම වැදගත්ය.



49 Viewers