ජෙනරාල් සිරිල් රණතුංග..
හමුදාපති අසුන නොලබාම ජනරාල් නිලයට උසස් වූ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨයා – ජෙනරාල් සිරිල්
හමුදාපති අසුන නොලබාම ජනරාල් නිලයට උසස් වූ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨයා – ජෙනරාල් සිරිල් රණතුංග..
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වන ජෙනරල් එස්. සිරිල් රණතුංග (විශ්‍රාමික) මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ කීර්තිමත්, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
වර්ෂ 1980 දශකයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේනාංකාධිපතිවරයෙක් මෙන්ම, ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී යන ප්‍රධාන තනතුරු රැසක් හෙබවූ ජෙනරල් සිරිල් රණතුංග මහතා ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ,පැපුවා නිව්ගිනියාවේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ද සේවය කළේය. එමෙන්ම විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ද ජෙනරල් සිරිල් රණතුංගයන් සේවය කළේය.
වර්ෂ 1971ඇතිවු කැරැල්ල ආරම්භයේදී ගුරුනගර් ප්‍රදේශයේ බෙදුම්වාදී සටන්කරුවන් වර්ධනයවීම වැළැක්වීමට ක්‍රියාකාරීව දායක වූ ජෙනරල් සිරිල් රණතුංග දක්‍ෂ හමුදා නායකයෙකු ලෙස විශිෂ්ඨ සේවා විභූෂණ (VSV) සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. මීට අමතරව, මව්බිම වෙනුවෙන් කරනු ලැබු සේවය අගයමින් තවත් පදක්කම් රැසකින් ද හෙතෙම පිදුම් ලබා තිබේ.
වර්ෂ 1977 ජනවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග යුද්ධ හමුදා මූලස්ථානයේ යුධ සේවා ලේකම් තනතුරට පත්වීම් ලැබූ අතර වර්ෂ 1978 ජනවාරි මාසයේදී පනගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය – බටහිර ආඥාපති ලෙස පත් කරන ලදී. වර්ෂ 1978 පෙබරවාරි මස 4 වන දින හෙතෙම බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබු අතර වර්ෂ 1980 ජනවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර ලෙස සේවය කිරීමට අමතරව ආධාරක බලකායේ ආඥාපති ලෙස ද පත් කරන ලදී. යුද්ධ හමුදා සුභසාධක අරමුදල පිහිටුවීමට ද හෙතෙම දායක වූයේය.
වර්ෂ 1982 පෙබරවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය – යාපනය ආඥාපති ලෙස පත් කරන ලදී. එවකට උතුරේ ක්‍රියාත්මක වු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ජෙනරල් සිරිල් රණතුංග යාපනයේ යුද්ධ හමුදා බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරන ලදී. හෙතෙම වර්ෂ 1988 දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගත්තේය.
1950 වසරේදී හමුදා සේවයට එක් ව 1988 වසරේදී විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දරමින් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලැබූ සිරිල් රණතුංගයන් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ යුද හමුදාපති තනතුර නොලබා ජෙනරාල් ධූරයට උසස්වීම් ලැබූ පළමු නිත්‍ය නිලධාරියාද වන්නේය.
දෙවැන්නා වන්නේ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ය. ඔහු සක්‍රිය සේවයෙන් විශ්‍රාම ගන්නා විට මේජර් ජෙනරාල් නිලය දරමින් සිටියේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග ඔහුව ජෙනරාල් නිලයට උසස් කළේය.
️විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරල් සිරිල් රණතුංග ගුවන් තොටුපල හා ගුවන් සේවා සභාපති ලෙස ද සේවය කළේය. වර්ෂ 1990 පෙබරවාරි මාසයේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද හෙතෙම පත් කළ අතර වර්ෂ 1993 අප්‍රේල් දක්වා එම තනතුරේ කටයුතු කළේය.
උපුටා ගැනීමකි
️ජෙනරාල් සිරිල් රණතුංගයන් මීට දෙවසරකට පෙර දැයෙන් සමුගත්තේය.
5 Viewers