තවත් තහඩූ කෑල්ලක කථාවක්

ඊයේ කෙනෙක් ඇහුවා, “අනේ මේ තහඩු කෑලි නේද….?” කියලා.
හිනා වුණා. උත්තර දුන්නේ නෑ.
මොකද උත්තර දෙන්න වචන මදි.
ඔව් සහෝදරයා….
මේවා තහඩු කෑලිම තමයි.
නමුත් මේ හැම “තහඩු කෑල්ලකම”
කතාවක් තියෙනවා….
හැබැයි සාමාන්‍ය තහඩු කෑලි නෙමෙයි.
මේවාට මිලක් තියන්න බෑ…..
මොකද මේවා මිලදී ගත්තේ ලේ වලින්……
මගේ තාත්තාගේ අවුරුදු 25ක ජීවිතේ හිරවෙලා තියෙනවා.
කෑලේ රාත්‍රින් වල, බඩගින්නේ, “අම්මා මතක් වෙනවා ” කියලා හිත හදාගත්තු හැම තප්පරම ඒකේ තියෙනවා.
“අම්මේ අඬන්න එපා” කියලා අත්තම්මට කිව්ව වචන ඒකේ තියෙනවා.
” පුතේ අම්මට කරදර කරන්නෙපා ” කියපු වචන ඒකේ තියෙනවා….
ගෙදර මග හැරුණු උපන් දින, අවුරුදු, මග හැරුණු මගේ සහා නංගිගේ පළවෙනි පාසල් යන දවස…
ඔක්කොම ඒකේ තියෙනවා….
මේ හැම එකක්ම එක එක මෙහෙයුමක මතකයන්…..
“අද රෑට ගෙදර එන්නම්” කියලා ගිහින් ආපු නැති රෑවල් ඒවායේ තියෙනවා.
“බය වෙන්න එපා මම ඉන්නවා” කියලා අම්මට දුන්න පොරොන්දු ඒවායේ තියෙනවා.
මේවා බිත්ති සැරසිලි නෙමෙයි.
ඒක තමයි මගේ තාත්තා අපි වෙනුවෙන් කල අවසාන සටන.
ඒක තමයි එයා අපිට තියලා ගිය උරුමේ.
ඔයාට පේන්නේ ලෝහ කෑලි.
මට පේන්නේ මගේ තාත්තාගේ දාඩිය, කඳුළු, ලේ.
ඔයාට පේන්නේ මේසේ උඩ දූවිලි බැඳුණු දේවල්.
මට පේන්නේ මගේ පවුලේ පූජාසනය………
ඔයා කියනවා වගේ මේවා “තහඩු කෑලි” විතරක් නම්…
එහෙනම් මම ආඩම්බරයෙන් කියනවා, ඔව් මේවා තහඩු කෑලි.
මොකද මේ තහඩු කෑලි නිසා තමයි ඔයාට අද මට එහෙම කියන්න තරම් නිදහසක් ලැබුනේ.
මේ තහඩු කෑලි නිසා තමයි ඔයාගේ දරුවා, මගේ දරුවා නිදහස් වටපිටාවක හුස්ම ගන්නේ…..
මේ “තහඩු කෑලි” නිසා තමයි අද ඔයා නිදහසේ කතා කරන්නේ.
මේ “තහඩු කෑලි” නිසා තමයි අද රටේ කොහේ හරි දරුවෙක් බය නැතුව නිදාගන්නේ.
මේ තහඩු කෑලි නිසා තමයි මේ ලංකා කොඩිය අද නිදහසේ ඉහල යන්නේ…..
ඉතින් මේවාට ලැජ්ජා වෙන්නේ නෑ.
ආඩම්බරෙන් ඔලුව උස්සලා පපුව ඉදිරියට දාලා කොන්ද කෙලින් කරන් මම කියනවා…
ඔව් මේ මගේ තාත්තාගේ “තහඩු කෑලි”.
මම පසුතැවෙනවාද…? නෑ.
ආඩම්බරයි. ලක්ෂ වාරයක් ආඩම්බරයි.
මොකද මගේ තාත්තා මැරුනේ නෑ.
එයා මේ තහඩු කෑලි උඩ, මේ රටේ පපුව උඩ, මගේ හුස්ම උඩ සදා ජීවමානයි.
රටේ විජයග්‍රහණ වෙනුවෙන් පණ දුන්න මිනිහෙක්ගේ මතකයට.
“තහඩු කෑලි” කියන්න කලින්,
එකපාරක් ඇස් පියාගෙන හිතන්න…
ඔයා අද ඉන්නේ කවුරු නිසාද කියලා. 🙏🇱🇰
මේ මුදලට හෝ වෙන මොනවා හරි ක්‍රමේකට ගත් සම්මානයක් නෙමෙයි…….
ඒක තාත්තා අපිට දීලා ගිය අවසාන උරුමේ.
ඒක තමයි “ඔයාට මට නිදහසේ ඉන්න” කියලා ගිය කැප කිරීම…..
ඉතින් මම දුක් වෙනවාද…?
නෑ. සහෝදරයා
ඒ මගේ තාත්තා. ඒ මගේ වීරයා.
මම දුක් වුනොත් මගේ තාත්තා කල කැපකිරිම් ඵලක් නෑ…….
මම වීරයෙකුගේ පුතේක් කියලා මට කියන්න බැරිව යනවා……
තාත්තාගේ පදක්කම් සහිත කෝට් එක ඇදිමට නිතියේන් පවා අවසර ඇති අභීමානවත් පුතෙක් මම ……. 🥹💪🏆🇱🇰❤️💚🤍
ඊළඟ පාර තව කෙනෙක් මේවා දිහා බලලා “තහඩු කෑලි” කියන්න කලින්…
තප්පර කිහිපයක් නතර වෙලා,
හිස නමලා වඳින්න,ආචාර කරන්න
මොකද ඒකේ ඔයාට අද තියෙන නිදහසේ මිල ගණනය කරලා තියෙන්න නිසා. 🙏🇱🇰
මගේ තාත්තේ…
ඔයා මගේ වීරයා…
නමස්කාරයි…..
ඔයා තාමත් ජීවමානයි….
7 Viewers





