තහනම් කළ එල්. ටී. ටී. ඊ. මහවිරුවන්ට වැට
කතරගම දෙවියන් පිළිබ`දව බොහෝ දෙනා හො`දින් අසා ඇති නමුත් ‘‘කන්ද සෂ්ඨි විරදම්’’ යන ක‍්‍රියාව සමහරුන් අසා නොමැති තරම්ය.
හින්දු බැතිමතුන් කතරගම දෙවියන් උදෙසා බාරහාර වී යම් දෙයක් ප‍්‍රාර්ථනා කොට මාසයක කාලයක් උපවාස ශීලයේ නිරත වීම කන්ද සෂ්ඨි විරදම් වේ. මේ කාලයේදී ඔවුන් දිවා කාලයේදී ආහාරයට ගන්නේ එළකිරි ස්වල්පයක් පමණි.
සිරුරට අධික ලෙස දුක් දෙමින් කතරගම දෙවියන් සිහිපත් කරමින් යම් ප‍්‍රාර්ථනයක් කළහොත් එය ඉටුවන බව හින්දු ජනතාවගේ විශ්වාසයි.
මේ කාලය කන්ද සෂ්ඨි විරදම් කාලයයි. කතරගම දෙවියන් වැඩ සිටින කෝවිල්වලට විශාල වශයෙන් හින්දු බැතිමතුන් එක්
රැුස්වන කාලයකි. නමුත් මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් බැතිමතුන්ට කතරගම කෝවිල්වල දොරවල් වැසී ගොසිනි. යාපනයේ නල්ලූර් කෝවිල තුළට ගොස් බැතිමතුන්ට පූජා තැබීම තහනම් කොට තිබේ.
මේ නිසා හින්දු බැතිමතුන්ගේ බලාපොරොත්තු බි`ද වැටී ඇතිවා සේම කෝවිල්වල ආදායමද අහිමි වී ගොස් තිබේ. උතුරේ හින්දු කෝවිල් යනු ධන උල්පත්වලට වඩා ධන ආකරයන්ය.නමුත් ඒ සියල්ල කොරෝනා වෛරසය හමුවේ යටපත් වී තිබේ.
කොරෝනා මැද මහවිරුවන්ට වැට
හින්දු බැතිමතුන්ගේ කන්ද සෂ්ඨි විරදමට වඩා ඊනියා දැඩි මතවාදී දෙමළ ජන කොටසකට කොතරම් කොරෝනා වසංගතයක් පැවතියත් මහවිරු සැමරුම කිරීමට අවශ්‍යව තිබේ.
ඔවුන් කියා සිටින්නේ මියගිය පිරිසක් සැමරීම ස`දහා ඕනෑම ජන කොටසකට සදාචාරාත්මක අයිතියක් ඇති බවයි.
මේ තර්කය සාධාරණ වූවත් කොරෝනා වසංගතය මැද අනවශ්‍ය ආකාරයට සෙන`ග එක් රැුස් කිරීම ඉතාම භයානක වී තිබේ. මේ නිසා මෙවර උතුරේ මහවිරු සැමරුම් සිදු නොකරන ලෙස ඉල්ලීම් ගණනාවකි.
උතුරේ අධිකරණවලින් හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කොට ඇති වාරණ නියෝගවලට අනුව මෙවර උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීම තහනම්ය.
නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වන විට මහවිරු සතියක් ප‍්‍රකාශයට පත් කොට හමාරය.
යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකු ඇතුළු පිරිසක් මහවිරු සතිය ආරම්භ කරමින් පහන් දල්වා හමාරය.
යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී නීතිඥ වී. මනිවන්නන් ඇතුළු කීපදෙනකු යාපනයේදී මහවිරු සතිය ආරම්භ කරමින් 22 දා පහන් දල්වා තිබේ.
පෞද්ගලික ස්ථානයකට නීතිඥවරයා හා තවත් නාගරික මන්ත‍්‍රීවරු කීප දෙනකුද මිතුරන්ද එක්වී පහන් දල්වා මියගිය පිරිස සමරා ඇති අතර එම අවස්ථාවේ ඡුායාරූප ගණනාවක් යාපනයේ ජනමාධ්‍යවේදීන් වෙත ලබා දී තිබේ.
නාගරික මන්ත‍්‍රී මනිවන්නන් ප‍්‍රකාශ කරන්නේ රජය විසින් කොරෝනා වෛරස් රෝගය ස`දහා නිර්දේශ කොට ඇති සියලූම සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලවත් රටේ පවත්නා නීතියට අනුවත් ඔවුන් පිරිස මහවිරු සතිය සැමරීම ආරම්භ කළ බවයි.
මහවිරු සතිය ආරම්භ කරමින් ඔවුන් සිදු කළේ මියගිය පිරිස සැමරීම මිස පෞද්ගලිකව කිසිදු අයකුගේ ඡුායාරූප තබා පහන් නොදැල්වූ බව ඔහු ස`දහන් කරයි.
නාගරික මන්ත‍්‍රීවරයා එසේ ප‍්‍රකාශ කළද පහන් දැල්වීම ස`දහා සකස් කොට තිබූ ස්ථානයේ පිටුපස අලංකාර කොට තිබුණේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් භාවිත කරන කොඩියේ වර්ණ දෙක පමණක් භාවිත කරමිනි.
විශාල උත්සව පවත්වා මහවිරු උළෙල පැවැත්වීමට පවත්නා තත්ත්වය යටතේ හැකියාවක් නැතත් හැකි අයුරින් මහවිරුවන් සැමරීමට කටයුතු කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පවසයි.
ඔහු පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලය සෑම වසරකම මෙම මහවිරු සතිය ප‍්‍රකාශයට පත් කළ ආකාරයටම මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ක‍්‍රියාත්මක වන බවයි.
පොලිසිය විසින් අධිකරණවලින් මහවිරු උළෙල පැවැත්වීම ස`දහා තහනම් නියෝග ලබා ගෙන ඇත්තේ කොරෝනා වෛරස් රෝගය පිළිබ`දව හා සෞඛ්‍ය නීති රීති පෙන්වා දෙමින් බව පැවසූ හිටපු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ විශාල පරිමාණයෙන් ජනතාව කැ`දවා මහවිරු සැමරුම සිදු කළ නොහැකි වූවත් නිවෙස් මට්ටමින් හා ආයතන මට්ටමින් කුඩා කණ්ඩායම් වශයෙන් මෙවරද මහ විරු උළෙල සමරණ බවයි.
මේ සමගම මියගිය සාමාජිකයන්ව සැමරීම ස`දහා රජයෙන් හෝ වෙනත් ආරක්ෂක අංශවලින් පූර්ව අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය නොමැති නිසා උතුරු නැගෙනහිර දෙමළ වැසියෝ මෙවරද යුද්ධයෙන් මියගිය පිරිස සමරන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා යාපනයේදී පැවසීය.
ඔහු පැවසුවේ ඕනෑම ජාතිකට අයත් ජන කොට්ඨාශයකට තමන්ගේ මියගිය ඥාතීන් සිහිකොට පින්කම් සිදුකිරීම ආගමික චාරිත‍්‍රයක් බවයි.
රජය හා ආරක්ෂක අංශ මර්දනය තුළින් දෙමළ ජනතාවට ඇති එම සදාචාරාත්මක අයිතිය අහෝසි කරන්නේනම් ජනතා විමුක්ති පෙරමුණටද ඔවුන්ගේ මියගිය සාමාජිකයන් අනුස්මරණය කිරීමට ලබා දී ඇති අවස්ථාව අහිමි කළ යුතු බව පැවසීය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් වූවත් දෙමළ ජනතාව මේ දිනවලදී සමරණු ලබන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නොව යුද්ධය හේතුවෙන් මියගිය තම ඥාතීන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වීරත්වයට හෝ මෝඩකමට හෝ ප‍්‍රදර්ශනයට මෙවර හොර රහසේ හෝ මහවිරු සැමරුම් පැවැත්විය හැකිය. එය එසේ වුවහොත් මෙවර තත්ත්වය බරපතළ විය හැකි බවට යාපනයේ ආරක්ෂක අංශ අනතුරු අ`ගවා තිබේ.
මහවිරු සැමරුම් සිදුකරණු ලබන කවර තරාතිරමක පුද්ගලයකු වූවත් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව යාපනය ප‍්‍රදේශය භාර ආරක්ෂක අංශ ප‍්‍රධානියකු පැවසීය.
උතුරේ අධිකරණවලින් හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගත් ශ‍්‍රී ලංකාවේ නීතියත් කොරෝනා සෞඛ්‍ය නීති රීති අනුවත් අනුව මෙවර ජනතාව රැස් කළ නොහැකි නිසා මහවිරු සැමරුම් ස`දහා සහභාගි වන පිරිස් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැතිබවද ඔහු පැවසීය.
එවැනි උත්සව සංවිධානය කොට පවත්වන පිරිසට සාමාන්‍ය නීතිය යටතේ පවත්නා ද`ඩුවම්වලට මුහුණ දීමට අමතරව දින දාහතරක කාලයක් නිරෝධානය වීමට සිදු වන බවද එම නිලධාරියා ස`දහන් කළේය.
මියගිය පිරිසක් සැමරීමට ඕනෑම අයකුට අයිතියක් ඇතත් තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ව සැමරීමට කිසිදු අයිතියක් නොමැති බව ඉතා පැහැදිලි බවත් මෙවර ජනතාව ඒකරාශී වන එවැනි අවස්ථා සංවිධානය කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් යාපනයේ ආරක්ෂක අංශ ප‍්‍රධානියා පැවසීය.
කෙසේ වෙතත් අණ හා නීති නොතකා මහවිරු සැමරුම් උළෙලවල් පැවැත්වීමට යෑමෙන් බොහෝ විට විශ්වවිද්‍යාල සිසුන් ගණනාවකගේ අනාගතය අ`දුරු වී යා හැකිය. එවිට දුකට පත්වන්නේ ඔවුන් නොව ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ය. විශ්වවිද්‍යාල සිසුන්ට කරුණු කාරණා අවබෝධ වී යථාර්ථය වැටහෙන විට පෙරහැර ගොස් හමාරය.
36 Viewers





