ත්‍රස්තවාදය සහ වීරත්වය.
සිය ජාතිය වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව උපවාසකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ අහිංසක දමිළ තරුණයෙකු ව වීරයෙකු ලෙස මිය ගියායැයි මෙලෝ හසරක් නොදැන දිලීපන්ට කවි ලියූ, දිලීපන්ගේ පිලිරුව විවෘත කළාට හුරේ දැමූ මෝඩ අමනයින් දිලීපන් කවුදැයි දන්නේ නැත.
දිලීපන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොව. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමග හැරගොස් කොටි සංවිධානයට බැඳුණු ත්‍රස්තවාදියෙකි.
LTTE ත්‍රස්තවාදියෙකු ලෙස ‘ ශිෂ්‍ය කොටි ‘ ඒකකයට පාසල් සිසුන් බඳවා ගැනීමේ ප්‍රධාන සංවිධායක ත්‍රස්තවාදියා වූයේ දිලීපන් හෙවත් තිලීපන් ය. දිලීපන් උපවාස කොට මැරී ගියේ කොටි සංවිධානය මර්දනයට ලංකාවට ආ ඉන්දියන් හමුදාවට රටින් පිටව යන ලෙස බල කරමින්ය. ප්‍රභාකරන් ඔහුව ඊට තෝරා ගත්තේ ඔහු කොහොමත් අද හෙට මැරෙන්නට ආසන්න දුර්වල සෞඛ්‍යයක් ඇති කොටි ත්‍රස්තවාදියෙකු නිසාය. දිලීපන් කොටි කොඩිය පසුබිමේ තබාගෙන උපවාස කරන අයුරුත්, ඔහු වටා සිටින මුරලි ඇතුළු සෙසු ත්‍රස්තවාදීනුත්, ප්‍රභාකරන් දිලීපන් හා කතාබස් කරන අයුරුත් ඇති චායාරූප ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් සොයාගත හැක. ඉතින් දිලීපන් යනු ත්‍රස්තවාදියෙකි. රටේ වාසනාවට මැරී ගිය පාසල් සිසුන් දහස් ගණනකට අධ්‍යාපන අයිතිය අහිමිකොට ඔවුන්ගේ ගෙලෙහි සයනයිඩ් එල්ලූ දේශද්‍රෝහී ත්‍රස්තවාදියෙකි.
කොටි සංවිධානය යනු ද තමන්ගේ ම ජාතයේ පුංච් එකාගේ අධ්‍යාපන අයිතියේ සිට ජීවත් වීමේ අයිතිය දක්වා සියලු අයිතිවාසිකම් තුවක්කුවෙන් උදුරාත් ලොව විශාලතම මිනිස් පලිහ සිය ජාතියේම සිවිල් වැසියන්ගෙන් තනාගෙන ඔවුන් බුරුතු පිටින් ඝාතනය කළ ලොව ම්ලේචචතම ත්‍රස්ත සංවිධානයයි.
නමුත් හමුදා පාලන ප්‍රදේශවල දමිළ වැසියන්ට සියලු පහසුකම් ලබාදී හමුදාව ඔවුන්ව රැකබලා ගත් සහ අදට ද රැකබලා ගන්නා ආකාරයත්, ලොව විශාලම මානුෂීය මෙහෙයුම සිදුකොට ඔවුන් ත්‍රස්ත ප්‍රාණ ඇපයෙන් මුදවාගත් ආකාරයත් ඔවුන් නිර්ධය ලෙස අමතක කොට ඇත.
ඒ උතුරේය.
මේ දකුණේ හැටිය. රණවිරුවන් නොසිටින්නට ඔය දිලීපන්ලා පිපිරූ බෝම්බයකින් තමන්ගේ කෑලි ද එකතු කරන්නට වන බව වටහා ගන්නට තරම් මොළයක් නැති නිවට අමනයින්ට දිලීපන් නම් ත්‍රස්තවාදියා වීරයෙකුකොට ලියන්නට ඕනෑ තරම් හෑලි ඇත. නමුත් රණවිරුවාට රණවිරුවා කියන්නට කට ඇරෙනනේ ද නැත. ඒ නියම ගුණමකු නිවට අමන ගතියයි, හරිහමන් ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනි ගතියයි.
මිනී ඇටකටු විකුණාගෙන කන, ත්‍රස්තවාදීන්ට හෑලි ලියන, පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදීන් සමරන, කොටි සංවිධානය නමට පමණක් තහනම්කොටයාපනය විශ්වවිද්‍යාලය සහ කොළඹ වැල්ලවත්ත ඇතුළු රටපුරා ත්‍රස්ත සැමරුම්වලට ඉඩදෙන, රණවිරු දිනයට සිංහ කොඩියක් ඔසවන්නට කොන්දක් නැති නිවට මොළ බාගයේ අමනයින් දකුණේ බෝවීමේ ප්‍රතිඵල උතුරෙන් ඵල දරා ඇත.
වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුල්ලුන්ට රජ මඟුල් කියන්නේ ඒකය.
වීරයෙකු කියන්නේ රට රැක ගැනීම වෙනුවෙන් දිවි පිදූ උන්ට මිස රට වනසන්නට ගොස් මැරී ගිය කාල/කණ්ණින්ට නොව. රණවිරුවන් හැර වෙනත් වීරයින් මේ රටේ නැත. රණවිරුවා යනු රණවිරුවාය. ත්‍රස්තවාදියා යනු ත්‍රස්තවාදියාය.
කොහොමටත් තමන්ගේ සැබෑ වීරයින්ට ගරු කරන්නට තරම් කළගුණයක් කොන්දක් නැති එවුන්ට පැවැත්මක් ද නැත.
3 Viewers





