ද්‍රෝහී අනුරගේ නිදහස් උත්සවය
රටක නිදහස් දිනය සැමරීම නම් එරටෙහි අභිමානය, යුධ බලය, සශ්‍රීකත්වය හා විචිත්‍රවත් සංස්කෘතිය ආදී අංගයන් ලොවට විදහා අපූර්ව අනගිභවනීය තේජාන්විත උත්සවයකි. නමුදු සිය රටෙහි සන්නද්ධ (නිල) හමුදාවන්ට වෛර කරන දේශද්‍රෝහී පාලකයෙක් වූ අනුර කුමාර ගිය වර මෙන්ම මෙවරද අප රටෙහි අභිමානය ලොවක් ඉදිරියෙහි බිඳ දැමුවේය. ද්‍රෝහියාගේ කතාව පුරාවටම ගැබ්ව තිබුණේ සිරිත් පරිදි සිංහල බෞද්ධ විරෝධයයි. මොහු වැසිකිළියට ගියත් “ ජාතිවාදය එපා. කිසිවිටෙකත් අප ජාතිවාදයට ඉඩ තබන්නේ නැහැ” යනුවෙන් තෙපලන්නේ LTTE කොටි ඩයස්පෝරාව සනසා ඔවුන් සතු ධනය ලංකාවට ගෙනැවිත් ඒ මතින් රට පාවා දී තවත් ටික කලක් බලයේ රැඳී සිටීමට බව ද්‍රෝහී කුමාරගේ හෘද සාක්ෂිය දනී.
ඓතිහාසික පුරාවෘත්තයක් සහිත මේ සිරිලකට සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ රාජසිංහ රජ දවස කැප්පෙටිපොළ දිසාව විසින් පිළිගත් සියම් මහ සඟරුවන පා ස්පර්ශය ලත් ත්‍රිකුණාමල ඉදි වූ පළමු දහම් පාසල් ගොඩනැගිල්ලේ පාදම මත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර බුදුරජාණන් වහන්සේට ආවරණයක් සැලසීම ජාතිවාදය වැපිරීමක් ලෙස අර්ථකථනය කර පොලිසියේ දඩ බල්ලන් විසින් මහ සඟරුවනට හා උපාසක උපාසිකාවන්ට පහරදී බුදු පිළිමය සුරැකීමට වෙර දැරූ මහ සඟරුවන හා උපාසක උපාසිකාවන් සිරගත කොට ද්‍රෝහී අනුර මර්දනය කරන්නට තනන්නේ ජාතිවාදයද? සිංහල බෞද්ධයන්ගේ හඬද? අද මෙරටෙහි උතුරට එක් නීතියකි. කතෝලිකයන්ට තවත් නීතියකි. ශිෂ්ඨාචාරය ගොඩනැගූ රණභූමියෙහි දිවිදුන් සිංහලයාට තවත් නීතියකි. ද්‍රෝහියා කියන පරිදි නීතියේ විධානය බලහත්කාරයෙන් අසාධාරණ ලෙස ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධයන්ට පමණද ?
ද්‍රෝහියා වරෙක මෙසේ පවසනු ඇසුණි. ඒ පරිසරය ආරක්ෂා කොට සෞන්දර්ය සුරැකීමයි. නිලාවේලි සිට මොර වැව දක්වා අක්කර සිය දහස් ගණන් වනරක්ෂිත ඉස්ලාම් දමිළ අන්තවාදීන් විසින් කපා එළිපෙහෙළි කරමින් ජනපදකරණය කරයි. නැගෙනහිර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල අක්කර 800 පමණ ආලංකූලම වැවෙන් බලහත්කාරයෙන් ජලය ලබාගෙන සුන්දර වනය වනසමින් වගා කරනු ලබයි. සාම්බල්තිවු කලපුව ගොඩ කරමින් වගුරු බිම් වනසා දමයි. අම්පාර පොතුවිල්හි සෙංගමුව වන රක්ෂිතය වනසා කාන්තාර හා සමාන ඉස්ලාම් ගම්මාන තනයි. මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන වනසා දිවුලපතාන සිංහල ගොවිබිම්හි ගවයන්ට තණකොළ කෑමට ඉඩ හැර තබයි. නැගෙනහිර පළාතම දෙමළ මුස්ලිම් අන්තවාදීන්ට සිතු සිතුසේ වනසන්නට ඉඩදීම පරිසර සංරක්ෂණය ද? නීතිය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික සිංහල බිම රැකගත් සිංහලයන්ට පමණද?
තිස් දහසකට අධිකව ජීවිත පරිත්‍යාග කොට ලක්ෂයකට අධිකව අත පය අහිමිව ලේ රුධිරය ඉස් මස් දන්දී රුධිරු කොටි ත්‍රස්තයන් වනසා දැමුවේ මෙලෙස භූමිය, සංක්‍රමණ ජනවර්ග වෙත ප්‍රදානය කිරීමටද? ලිවීමට කරුණු නම් දහස් ගණනකි. නමුදු මේ ත්‍රිකුණාමල බන්ධනාගාරයයි. අප සිරගත කොට ඇත. එහෙත් සිංහල බෞද්ධ හඬ උරුමය සිරගත කළ නොහැක. සිංහලයාට, බෞද්ධයාට කරන මේ අසාධාරණයට එරෙහිව සංග්‍රාම උදා වූ විට මහා සුළි කුණාටුවක් සේ මහා ගිනි කන්දක් සේ මාලිමා පාලකයන් හා දේශද්‍රෝහීන් වෙත විමුක්ති සටන එළඹෙනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවන බව ද්‍රෝහියා ප්‍රමුඛ මාලිමාකාරයින් සිහි තබාගත යුතුය.
පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි,
සභාපති,
නැගෙනහිර භික්ෂු පෙරමුණ.
(076 686 6290)
වර්ෂ 2026 ක් වූ පෙබරවාරි 05 දින ත්‍රිකුණාමාල බන්ධනාගාරයේදීය.
9 Viewers





