දෙෂද්‍රොහින්
(ඔහු ඇමැතිවරයෙකුගේ නම සඳහන් කරමින්ම විස්තර වගයක් පැවසුවා) සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා..එතනදී රාසමාණික්කම් මංත්‍රීවරයාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී , පාර්ලිමේන්තුවේත් නැති මහින්ද රාජපක්ෂයන්ටද ඒ හා සමාන ප්‍රහාරයක් එල්ල කරා..
ඒ 2012 දී පමණ රාසමානික්කම් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන් බව පවසමින්..
( රාසමානික්කම් මංත්‍රී වරයාගේ පසුකාලීන දේශපාලන භාවිතාව සමගින් අපද කිසිදු එකගතාවයක් නැහැ..)
සභානායක වරයා ඔහුගේ කතාවෙදි කියනවා
“2005 රට බෙදීමේ ප්‍රශ්නය නිසා මුලදී රාජපක්ෂ පාලනයට සහය දුන්නත් ඒ පිළිබඳ තමන්ට ස්වයං විවේචනයක් ඇති බවත්, 2009 වන විට තමන් සම්පූර්ණයෙන්ම එම මානසිකත්වයෙන් ඉවත් වී සිටි බවත්..”
එය අපට තේරෙනවා ..
2008 කිලිනොච්චිය යටත් කරගැනීමට ගිය මොහොතේදී අයවැය යෝජනාවලින් රජය පෙරළා දැමීමට එජාපය ද්‍රවිඩ එක්සත් පෙරමුණ සමඟින් ජවිපෙද එකතු වුණා..
ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වූවානම් රජයේ පෙරළී යුධ මෙහෙයුම් නැවතී එල්ටීටීඊය නැවතත් ඉදිරියට එනවා..
ඊළඟට සභානායකවරයා අසන්නේ,
“2009න් පසු මේ රටේ දෙමළ වැසියෙකුට රාජපක්ෂලාට සහාය දිය හැකිද?”..යන ප්‍රශ්නයයි.
අපට ඇති විමතිය එම ප්‍රශ්නය පිළිබඳවයි..
2009 අවසන් වූයේ දෙමළ ජනතාවට විරුද්ධ යුද්ධයක් නොවේ..
සිංහල මෙන්ම දෙමළ ජන නායකයන්ද මරා දැමූ ලෝකයේ බිහිසුණුම කුරිරුම ත්‍රස්තවාදයක්..
ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා , මෙරට ප්‍රථම ද්‍රවිඩ ජාතික විපක්ෂ නායකවරයා වූ ඒ. අමිලතලිංගම්,
මෙරට සිටි කීර්තිමත්ම විදේශ ඇමතිවරයෙකු ලක්ෂ්මන් කදිර්ගාමර් ,නීලම් තිරුචේල්වම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායකයන් රැසක් එල්ටීටීඊය විසින් මරා දමනු ලැබුවා….
ඊට අමතරව තම මතයට විරුද්ධ මතයක් දැරූ දෙමළ වැසියන් විශාල ගණනක්ද ඔවුන් විසින් මරා දම ලැබුවා..
ඒ නිසා එම ජයග්‍රහණය පිළිබඳ සාමය අගයන ද්‍රවිඩ මුස්ලිම් සිංහල කිසිවෙකුටත් විරුද්ධ වීමට හැකියාවක් නැහැ..
සාමකාමී ද්‍රවිඩ ජනතාවට එම යුද්ධයෙන් පසුව ලැබුණේ සහනයක්.
2009 පසු කණගාටුවට පත්වෙනවා නම් කනගාටුවට පත්වන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට සහාය දුන් සහ අගය කළ අය සහ තවමත් ඔවුන් අගය කරන අය පමණයි…
මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දේශපාලන සහ රාජ්‍ය නායකත්වය දුන්නේ,
නිදහස් රටක් මරබිය නැති රටක් බලාපොරොත්තුවූ,
ශ්‍රී ලංකාවාසී සියලු ජනතාව වෙනුවෙන් බව අප අමතක කළ යුතු නැහැ..
එය දේශපාලන වෛරයකට ලඝු කල යුතු නැහැ..
මන්ද ඉසින් නොවීනම් මේ වන විට රට පුරා මහ මැතිවරණයක් හෝ ජනපතිවරණයක් තෙමන්නට මේ රටේ වාතාවරණයක් තිබී යැයි සිතන්නට බැහැ..
එම ජයග්‍රහණය නොලැබුවා නම් ,
එදා ගිය විදිහට තව ටික කලක් ගියා නම්,
රටින් කොටසක් මේවන විට බිහිසුණු ත්‍රස්ත සංවිධානයකට අයිති වී හමාරයි..
වර්තමාන රජයටද පාලනය කරන්න වන්නේ අනුරාධපුරයෙන් අම්පාරෙන් පුත්තලමෙන් පහල කොටස විතරයි..
රජයක් නිරතුරුව රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි..
කිසිදු හේතුවක් නිසා රාජ්‍යය හෝ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් පියවරවල් විවේචනය නොකළ යුතුයි..
14 Viewers





