• Home »
  • Sinhala Articles »
  • නැදුන්ගමුවේ රාජාගේ නිවීම සහ ලිබ්බන්ගේ ජාතකත්වයේ අවුල

නැදුන්ගමුවේ රාජාගේ නිවීම සහ ලිබ්බන්ගේ ජාතකත්වයේ අවුල

ලංකාවේ ලිබරල් මතධාරීන් අමු සංස්කෘතික විරෝධීන් වෙති. මේ උන්නැහේලා සංස්කෘතික විරෝධී යමක් වේද එය හිස්මුදුනේ තමාගෙන නටති.

ඒකීය රට,  සිංහල බෞද්ධ ජාතිකත්වය , සමලිංගික විවාහ සඳහා ඇති නීති, නැකැත් ජෝතිශ්‍ය , දෙවියන්ගේ සම්මුති පැවැත්ම , කාන්තාවගේ සිරුරේ අයිතිය හා ගබ්සා තහනම ආදිය ගැන උකුනු පස්චාත්භාගෙක අදහසක් නැති උනත් හුදෙක් සංස්කෘතික විරෝධය නිසා දැඩි සේ ඒවාට විරුද්ධව නටති. එලිමහනේ ලව් කරන්නට අවස්ථාවක් නෑ කියා නිදහස් චතුරස්‍රයේ උද්ගෝශන කරති

සාමාන්‍යයෙන් ලිබ්බන්ගේ පස්චාත්භාගයෙන් “අලින්ගේ ස්වයංතීරන ගැනීමේ අයිතියේ” ඉත්තෑවා ඇතුල්වන්නේ ඇසල පෙරහැර මාසයේය. නමුත් නැදුන්ගමුවේ හස්තිරාජයාගේ මරනයත් සමග වේලපහම ඉත්තෑවා ඇතුලුවී ඇත.  නැදුන්ගමුවේ හස්තිරාජයාට නිවන්සැප ප්‍රාර්ථනා කිරීම ලිබ්බන්ට හෙන වදයකි . හැබැයි ගෙදර පූසා බල්ලා වන්ද්‍යකරනය කිරීම ඔවුන්ගේ සංස්කෘතියට එකඟය.

ලංකාවේ ලිබ්බන්‍ තරම් විසංවාදීව ජීවත්වෙන සත්වකොටසක් මනුෂ්‍ය කොටසක් මා දැක නැත. සත්ව අයිතීන් වෙනුවෙන් දඟලන ආලවක නෝනලා කැමල් රයිඩ් යන අවස්ථා,  කාන්තාවන්ගේ නිදහස උදෙසා බුකියේ බයිලා ගසන ජටිලයින් පෙම්වතියට අනවරත නීති දැමූ අවස්ථා,  සංස්කෘතික විලාසිතා ප්‍රශ්නකරන චිංකිමානවිකාවන් විවාහ දිනට නිලමේ උඩටරට අඳින අවස්ථා ,  බුදුදහම පරසක්වල ගැසූ තීර්ථකයන් බිරින්දෑගේ දරු ප්‍රසූතිය වේලාවේ අංගුලිමාල පිරිත කියන අවස්ථා ඒවා සඳහා උදාහරන පොඩි උදාහරන වේ.

සංස්කෘතිය යනු වෙනස්වන දෙයකි. ඒ ගැන කතාවක් නැත. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගෙන්නේ බුදුදමේ මූලික හරයන් මතය. බෞද්ධ ශාසනය මෙ භූමියේ පවතින තාක් සංස්කෘතියත් බුදුදහමත් අන්‍යෝන්‍ය වශයෙන් රැකෙනු ඇත. එසේ රැකෙන සේ සිංහල බෞද්ධයයින් ක්‍රියාකරනු ඇත.

නැදුන්ගමුවේ හස්තියාට නිවන්සැප ලැබේවායි පතමු!



85 Viewers