පළාත් සභා අහෝසි කළ යුත්තේ ඇයි?
බුදුගල ජිනවංස හිමි – ශාස්ත‍්‍රවේදී

මේ රට ශ‍්‍රී ලංකාවයි. ඒ ස`දහා ඓතිහාසික ජාතිය වන්නේ සිංහලයි. බෝහෝ කාලයක් ලෝකයේ බෞද්ධ දර්ශනය පිළිගත් ජාතිය සිංහල ජාතියයි. බෞද්ධ දර්ශනය මගින් පෝෂණය ලත් ජාතියකින් අන් ජාතියකට හෝ අන් ආගමකට වෙනසක් සිදුවිය නොහැකිය. බෞද්ධයන්ගේ මුදුන් මලකඩ ඉදිරිපිට මුස්ලිම් හා කතෝලික පල්ලි ඉදිකරන්න ඉඩ දෙන්නේ බෞද්ධාගමෙන් ලැබෙන සහනශීලීත්වයයි. ලෝකයේ ආගමක් අවි ආයුධ භවිතා නොකර ලෝකයේ පුරා ප‍්‍රචාරය වූ එකම දර්ශනය බුද දහමයි. එහෙම රටක යම් අර්බුදයක් ගොඩනැ`ගුණු අවස්ථාවක ඉදිරියට පැමිණීම ඒ ස`දහා වගකීමෙන් අපගේ පැරණි ආදි මුතුන් මිත්තන්ගෙන් අපට ලබාදුන් දායදයකි. එම මග යමින් අද අප ක‍්‍රියාකරන්නේ ඒ ඓතිහාසික වගකීම බව මෙහිදී අප මුලින්ම අවධානය කළ යුතුය.
බටහිර අධිරාජ්‍යයන්ගෙන් නිදහස් වූ විවිධ ආණ්ඩු විවිධ පාලකයන් ශ‍්‍රී ලංකාව පාලනය කරන ලදී. එහිදී 1980 දශකයේදී ලංකාවේ දේශපාලන ප‍්‍රතිපත්තිය වූයේ ඉන්දියන් විරෝධී ඊශ‍්‍රායල් ඇමරිකන් හිතවාදීන් විය. මේ නිසා එවකට ඉන්දියාව පාලනය කළ ඉන්දිරා ගාන්ධිතුමා හා ජයවර්ධන ජනාධිපතිතුමා තදබල ලෙස බටහිර හිතවාදී පාලකයෙක් විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රතිපත්ති වූයේ නොබැ`දි සමුළුවේ දී ගත් ප‍්‍රතිපත්තියයි. මේ වූ විවිධ කාරණා නිසා ඉන්දියානු පාලකයන් ශ‍්‍රී ලංකාව දෙස බැලූවේ වපර ඇසිනි. එපමණක් නොව ඉන්දියාව කළේ ලංකාවේ පවතින දෙමළ භාෂාව කතා කරන පළිහක් කරගැනීමයි. එහිදී උතුරේ සිටින දෙමළ තරුණයන් ඉන්දියාවට ගෙන්වාගෙන ලංකාවට එරහිව අවි ආයුධ පුහුණුවක් ලබා දී හා අවි ආයුධ ද ඔහුන්ට ලබාදීම සිදුකරන ලදී. මේ නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉතාමත් ශක්තිමත් සංවිධානයක් බවට පත් විය. එයින් දෙමළ ජනතාවට වුණු සෙතක් නැත.
1987 දී මෙරට පාලකයන් ඓතිහාසික වශයෙන් විශාල වරදක් සිදුකරයි. එම වරද අපට අදවන තුරු නිවැරදි කරගැනීමට නොහැකි වී ඇත. එම වරද සිදුවන්නේ අන් කිසිවක් නිසා නොව මෙරටේ ඓතිහාසික ජාතිය කියන මග නොගස් බටහිර බලපෑම් හා අප ආසන්නම රටවන ඉන්දියාවේ මිථ්‍යා මත සිට ක‍්‍රියා කිරීමයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හා ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි මැතිතුමා අත්සන් කරන ලද ඉන්දු- ලංකා ගිවිසුම මගින් සිදුවූ විපත අපටත්, ඉන්දියාවටත්, අති විශාල හානි සිදුවිය. ඉන්දියානු සාම හමුදාවේ විශාල සෙබළු පිරිසක් ඝාතන වූ අතර තවමත් ආබාධිත වූ සෙබළුන් සිටින අතරම ඉන්දියානු අගමැතිතුමාට තම ජීවිතයෙන් වන්දි ගෙන්නට සිදුවිය.
ලංකාවේ අපිට දැන උගත් භික්ෂූන් වහන්සේලා 664ක් ද තරුණ ජීවිත 66000 දහසක් ද ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවිය. ඉන් පසුව ලංකා ආර්ථිකයට වූ හානිය මෙතෙක් කිසිවෙක් ගණන් බලා නොමැත. දශක තුනක ශාපලත් යුද්ධය අපට තාම අමතක වී නොමැත. එම සාපලත් යුද්ධය අවසන් කිරීමට මෙම ඉන්දු – ලංකා ගිවිසුමෙන් ගිවිසගත් කිසිදු යෝජනාවක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉටු කිරීමට හෝ ඉන්දියාවට ඉටු කරන්නට නොහැකි විය. එහෙත් 1977 ඊනියා ආණ්ඩුව ඉටු කළේ ඓතිහාසික ජාතිය මරා පාගාගෙනය. එම ඓතිහාසික වරද නිවැදි කිරීමට මේ 2010 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අවස්ථාවක් ලැබුණත් එම වරද නිවැරදි කරනවා වෙනුවට උතුරු හා නැගෙනහිර සංවර්ධනය කිරීමට ආණ්ඩුව පෙළඹිණි. එහිදී බෙදුම්වාදයට ඉඩහසර එකතු කරන දෙමළ සන්ධාන ප‍්‍රකාශ කර සිටියේ මේ සියල්ල විනාශ කළේ සිංහල හමුදාව විසින් බැවින් එම වන්දිය ඒ අය ගෙවිය යුතු බවයි.
2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආසන 142ක් හිමිකර ගන්නා අතර ඉන් පසුව මෙම බලය හමුවේ ආණ්ඩුව සමග අත්වැල් බැ`ද ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හා වෙනත් සුළු පක්ෂ කටයුතු කිරීමෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවේ ආසන 162 දක්වා ඉහළ ගියේය. එම අවස්ථාවේ දී ආණ්ඩුව දුර දිග බලා ක‍්‍රියා කළේ නම් මෙපමණ ගැටලූවකින් තොරව රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවක් හෝ සංශෝධන ගෙනත් මෙම ප‍්‍රශ්නය විස`දාලීමට තිබිණි. එම අගනා අවස්ථාව ආණ්ඩුව අතින් ගිලිහී ගිය අතර එම ක‍්‍රමය මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති විසින් එම අවාස්ථාවලදී ප‍්‍රයෝජනයට ගෙන ඇති බව ඓතිහාසිකව බලන විට පෙනේ. අද එම ජනවරම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබී ඇත. එම ජනවරමෙන් 20 වැනි සිල්ලර වැඩ නොකර රටට හිතැති ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නොවේද?
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජාතික හෙළ උරුමය අතර 2005 දී දළදා වහන්සේ ඉදිරිපිට දී ප‍්‍රතිපත්තියක් ලෙස රටේ ඒකීය භාවය මුලින්ම පිළිගැනීමට ප‍්‍රතිඥා දෙන ලදී. එය අදර්ශයට ගනිමින් සියලූ ප‍්‍රධාන දේශපාලන පක්ෂ ඒ අනුව ගමන් කිරීම ඉතා සුබ ලකුණක් විය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රටට හ`දුන්වා දුන් (පැකේජය* ව්‍යවස්ථාවේ පැවැතියේ ශ‍්‍රී ලංකාව එක්සත් රටක් ලෙස නම් කරමින්ය.
යම් ආණ්ඩුවකට 13 සංශෝධනයේ ඇති බරපතළකම පෙනෙන්නේ එය වෙනත් රටක් හදන්න ඕනෑ යැයි සිතුවිලි ඇති මහ ඇමැති කෙනකුට බලයට පත්වූ දවසකය. මෙම 13 සංශෝධනයේ ඉන්දියානු ව්‍යාවස්ථාවේ ද නොමැති කරුණු මේ පුංචි රටට හ`දුන්වා දී ඇත. එනම් පළාත් දෙකක් එකට එකතු වීමේ ඇති අයිතිය හ`දුන්වා දී ඇත. මෙවැනි අ¥රදර්ශී ක‍්‍රියාමාර්ග හ`දුන්වා දුන්නේ ඉන්දියාව තම රට දෙකට වීමේ පසුබිම මගහරවා ගැනීමටය.
2010 ආණ්ඩු සමයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන ලද දිළි`දු ජනතාව න`ගාසිටුවීමේ දිවිනැ`ගුම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන අධිකරණය, පාර්ලිමේන්තුව හා පළාත් සභාව යන ආයතනවල ගැටුම් නිර්මාණ වී අගවිනිසුරුට තම තනතුර පවා අහිමි වන්නේ මේ හේතුවෙනි. යම් විදියකින් උතුරු හා නැගෙනහිර පළාත් දෙක අප එක භාෂාවක් කතා කරන බැවින් අපිට මෙම පළාත් දෙක එකතු වෙන්න අදහස් කළොත් ඒ ස`දහා ඉඩකඩ සකස් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උතුරු හා නැගෙනහිර පුරාවස්තූන් ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත. පළාත් සභා යම් විදියකින් විරෝධය පල කළොත් එසේ පත් කිරීමට නොහැකිය. උතුරු හා නැගෙනහිර ඓතිහාසික නටඹුන් ප‍්‍රමාණය අති විශාලය. ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිමවලට මොකද වුණේ යන්න අප සියලූ දෙනාට සිහියේ තබා ගත යුතුය. එම නිසා පොලිස් බලතල හා ඉඩම් බලතල සම්බන්ධයෙන් වඩාත් සැළකිය යුතුය. පළාතක අපරාධයක් කර තවත් පාළාතකට පැන යා හැකිය. එවැනි අවස්ථාවක මහඇමැති කැමැත්ත අනුව ක‍්‍රියාකරන බැවින් මහ ඇමැතිගේ බලය ලබා දෙන කොට අපාරධකරුට තවත් පළාතකට හෝ රටින් පැනයෑමට ඉඩහසර සලසා දී ඇත.
යම් අවස්ථාවක මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය වුවහොත් සංවර්ධන කටයුත්තට මැදිහත් වන්න මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කළ නොහැකිය. ඒසේ කරන්නේ නම් සියලූ පාළත්වල අවසරය ගැනීමට අවශ්‍ය වෙයි. කිසිම ආණ්ඩුවකට මෙම ඡුන්ද ක‍්‍රමය අනුව 3/2 බලයක් ඇතුව පාර්ලිමේන්තු ඡුන්දයක් නම් ජයග‍්‍රහණය කිරීමට නොහැකිය. අපේ රටේ සම්ප‍්‍රදායක් හැටියට විරුද්ධ පක්ෂය කිසි දිනක හා මොන තරම් සුදුසු යෝජනාවක් වුවත් ඡුන්දය නම් ලබා දෙන්නේ නැත.
විශේෂයෙන්ම මෙම ප‍්‍රශ්නයේදී ඉන්දියාව මෙහිදී වගකීම භාරගත යුතුය. ඒසේ නොමැති නම් අපට මේ වරද නිවැරදි කර ගැනීමට සහය දී පැත්තකට වී සිටිය යුතුය. ඉන්දියානු රජය දැනගත යුතුය. ලංකාව ඉන්දියාව කොලනියක් නොවන බවත්, සිංහල බෞද්ධයන්ගෙන් දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාවට වූ අසාධරණය කුමක් ද යන්නය. අසාධාරණයක් සිදුවන්නේ නම් එය සිංහල දෙමළ මුස්ලිම් හැමට එක හා සමානව අසාධාරණ සිදුවේ. යම් විදියකින් බලන විට වැඩිපුර අසාධාරණයට හා අපහසුතාවයට පත්ව ඇත්තේ මහ ජාතිය වූ සිංහලයන්ය.
අද ලංකාවේ අගනුවර වැඩිපුර සිටින්නේ අන් ජාතිකයන්ය. එහින් දෙමළ ජනතාව දැනට ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් සිටී. එසේම එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය තිබූ යුගයේ දෙමළ ජනතාව යුද්ධය පැවැති උතුරු හා නැගෙනහිරට නොව සංක‍්‍රමණය වූයේ කොළඹ හා වෙනත් දිස්ත‍්‍රික්කවලටය. අප ඊනියා බටහිර ජාතිකයන් අප මානව හිමිකම් කැඩුවා යැයි පවසන වෙලාවේ අප සමග සහයෝගයෙන් කටයුතු කළේ නම් එසේ නොකර ඉන්දියාවට හෝ බටහිර කිසිම රටකට අප වෙනුවෙන් කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැත.
මෙම පළාත් සභා පිහිටුවීමෙන් ආර්ථික වශයෙන් ද රටට වූ සෙතක් වී නැත. දැනට අවුරුදු 32 ක් තුළ රට තුළ පළාත් සභා ක‍්‍රමය තිබී ඇත. 2018 දී උතුරු පළාතෙන් ලැබී තිබෙන දායකත්වය සියට 4.1 කි. නැගෙනහිරින් සියයට 5.6 කි. ඌවෙන් හා උතුරු මැදින් සියයට 5.7 කි. සබරගමුවෙන් සියයට 7.6 කි. දකුණෙන් සියයට 10 කි. වයඹින් සියයට 11 කි. මධ්‍යම පළාතෙන් සියයට 11.8 කි. බස්නාහිර පළාතෙන් සියයට 38.5 කි. යම් විදියකින් මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් ලබා නොදුන්නොත් මෙම පළාත් සභාවලට රජයේ සේවකයන්ට වැටුපවත් ගෙවා ගන්නට නොහැකිය. මෙම සෑම පළාත් සභාවකම පිරිස් කොළඹට පැමිණ තම සේවය ලබාගත යුතුය. ඒ එන විට රැුගෙන එන අපද්‍රව්‍යයන් බැහැර කර යන්නේ බස්නාහිර පළාතේය. හැබැයි මේ හැම කියනනේ කොළඹ කුණු අපිට එපා කියලාය.
2018 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාශ නියෝජිතයන් වශයෙන් ලංකාවේ පළාත් පාලන සභිකයන් 8000 ඉක්මවා පත්විය. ඒ අනුව ලංකාවේ ජනග‍්‍රහනය අනුව එක සභිකයකුට 2750ක් පමණ ජනතාවක් සිටියි. ඊට අමතරව රජය නියෝජනය කරමින් සංවර්ධන නිලධාරි, ග‍්‍රාම සේවක, වින්නඹු අම්මා, කෘෂිකර්ම නිලධාරි හා සමෘද්ධි නිලධාරි වශයෙන් ගත් කල මහජන බදුවලින් නඩත්තු වෙන විශාල පිරිසක් සිටියි. එම නිසා පළත් පාලන ක‍්‍රමය ශක්තිමත් කර පළාත් සභා අහෝසි කිරීම රටේ ආර්ථිකය සුරක්ෂිත වීම හේතුවන්නේය.
ආණ්ඩුව මේ අවස්ථාවේදී 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට එරහිව සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා අද රට කරවන පක්ෂය වන පොදුජන පක්ෂය ද, එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීන්ද, මේ අවස්ථාවේදී තම වගකීම ඉටුකිරීමට අවස්ථාවක් කරගත යුතුය. මෙවැනි අවස්ථා හැම කල්හිම පැමිණෙන්නේ ද නැත.
2013 දී පළාත් සභාව අහෝසි කිරීමේ ජාතික එකමුතුවක් බෞද්ධ මහා සම්මේලනය මුල්කරගෙන ගොඩනැ`ගී සිටියහ. එහිදී ජාතික සංඝ සම්මේලනය බොදුබල සේනා සංවිධානය හා බෞද්ධ හා සිංහල සංවිධාන රාශියක් මේ අවස්ථාවේ දී එකරාශී වී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි නම් පහත ස`දහන් අංග ඉවත් කර රටේ ඒකීයභාවය සුරකින සංශෝධනයට යායුතු බවයි. මෙම හැම සංවිධානයක්ම පළාත් සභා ක‍්‍රමයට විරෝධීව සිටියි.
20 වෙනි සංශෝධනය සමග සම්මත කරගැනීම මෙම සිංහල බෞද්ධ ආණ්ඩුව කටයුතු කළ යුතුය. 01 පළාත් සභා සතු පොලිස් හා ඉඩම් බලතල ඉවත් කර ගැනීම, එකිනෙකට යාබද පළාත් දෙකක් හෝ තුනක් ඒකබද්ධව, තනි පළාත් සභාවක් පිහිටුවීමට හැකි විධිවිධාන ඉවත් කිරීම, පළාත් සභා ලැයිස්තුවේ විෂයක් සම්බන්ධයෙන් හෝ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ විධිවිධාන සංශෝධනය කිරීම. පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් කෙටුම්පතක් සරළ බහුතරයෙන් සම්මත කර ගැනීම, සමස්ථ රටට බලපාන සංවර්ධන යෝජනාවලියක් හෝ නීතියක් සියලූම පළාත් සභාවන්හි එක`ගතාවය ලබාගත යුතුය යන විධිවිධාන සශෝධනය කිරීම, පළාත් සභාවන්ට විධානයන් නිකුත් කිරීමට ආණ්ඩුවට බලය පැවරෙන විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම යන යෝජනාවන් මෙම අවස්ථාවේ දී ඉටුකරගත යුතුය.
67 Viewers





