බණ්ඩාරණායක පිළිරුව

තේරුම් ගන්න! බන්ඩාරණායක මහත්තයට ගහන්නේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න. වසර 500 ක් හිර කරලා තිබුන සිංහල භාෂාව උඩට අරන් දුන්නේ මෙතුමා. ඒ කාලෙ බුද්ධාගමත් හිර කරලයි තිබුනේ. ඒකෙන් රිදුනෙ කාටද? Divide and Rule ක්‍රමය යටතේ මහ ජාතියෙන් එන කැරැල්ලකට මුහුණ දීම උදෙසා එදා සුද්දො සුළු ජාතීන්ට රටේ රාජ්‍ය පාලනයේ ඉහල තැන් දුන්නා. එතකොට සුළු ජාතිය තමයි ෂොක් ඇබ්සෝබ් කරන බෆර් එක.

එතකොට ඒ ද්‍රවිඩ අය කතා කලේ දෙමලද? නෑ. ඒ ගොල්ලො කතා කලේ ඉංග්‍රීසි. ඒගොල්ලන්ට තමයි රිදුනෙ. ඉංගිරිසියෙන් වසර 500 ක් තිස්සේ යට කරලා තිබුනු සිංහල භාෂාවට මුල් තැන දුන්නට පස්සෙ වසරක් ඇතුලත දෙමල භාෂාවට ඒ පලාත් වල පරිපාලන භාෂාව හැටියට පත් කරන්න නීති සැකසුවා. දැන් මොකද්ද ප්‍රශ්ණෙ?

ඔයින් පස්සෙ තමා ගම් නියම් ගම් වලට අධ්‍යාපනය විහිදිලා ඕන ගමකින් එන ළමයෙකුට අද විශ්ව විද්‍යාලයට යන්න පාර කැපිලා තියෙන්නේ.

මෙන්න අහගන්න අපේ අම්මාගෙ කතාව:
අපේ අම්මා ගොඩක් දක්ෂයි. ඇයි අම්මෙ කැම්පස් ගියේ නැත්තෙ? ඒ කාලෙ දහය පන්තිය පාස් වුණායින් පස්සෙ ආයිත් හතේ පන්තියට යන්න කීවනේ. ඈ!? ඒ මොකද? එහෙම තමයි ඒ කාලෙ හැටි. සිංහල භාෂාවට තැනක් තිබුනේ නෑ. දහය පන්තියට එනකල් සිංහල ඉස්කෝලෙට නම් ගියේ, උසස් පෙල කරන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි ඉස්කෝලෙට ගිහින් ආපහු හතේ පන්තියෙ ඉඳලා ඉගෙනගන්න ඕන. ඉතිං මං වෙන අතක් බලා ගත්තා.

භාෂාව සිංහල වීමෙන් පසු රටේ සිංහල ජනතාව සිංහලෙන් හිතන්න ගත්තෝය. කොටින්ම ක්‍රිකට් ලෝක ශූරතාවය දිනුවේත් ක්‍රීඩකයන් සිංහලෙන් කතාකරන්න පටන් ගත් පසු මිස, ඉංග්‍රීසි කතා කල කාලයේ නොවේය.

1956 යේ අඩුවක් වූයේ නම් ඒ සිංහල ජනතාවට දෙමල ඉගෙන ගැනීමට බල නොකිරීම/පහසුකම් නොසැලසීමය. එයද පසුගිය කලක නිවැරදි කරන ලදුව දැන් පාසල් වල කරගෙන යන දෙයකි.

බෞද්ධ විරෝධී සිංහල විරෝධී මෙම අරගලය අනිවාර්යෙන් පැරදවිය යුතුය! දේශප්‍රේමීන් පෙරට එනු! දූෂණ විරෝධී කොඩිය අතට ගනු!

– රනිල් ජයනෙත්ති –



68 Viewers