බ්‍රිතාන්‍යයේදී කොටි නඩයට රිදවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදා දිවියෙන් විශ්‍රාම ලබයි.
වර්ෂ 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන ප්‍රියංක ප්‍රනාන්දු මහතා 1987 වසරේදී උපලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව සිය යුද හමුදා සේවය ඇරඹීය.
ඊලාම් යුද්ධය නිමා වන තුරුම ක්‍රියාන්විත රැසකටම විවිධ නිලතල යටතේ දායකත්වය දැක්වූ මෙතුමා 1991 වසරේ කයිට්ස් ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් අතරතුර තුවාල ලැබූ අතර යුද්දයේ පෑ දස්කම් හේතුවෙන් රණ වික්‍රම පදක්කමෙන් දෙවරක් පිදුම් ලැබීය.
ඉන් අනතුරුව 2017 වසරේ මැයි මස බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරට පත් කරනු ලැබීය.
මේ අතරතුර 2018 පෙබරවාරි 04 වන දින බ්‍රිතාන්‍යයේ මෙරට නිදහස් දින උළෙල අසලට රැස්වූ කොටි හිතවාදී නඩය ශ්‍රී ලංකාවට සහ මෙරට හමුදාවන්ට දිගින්දිගටම ගරහමින් LT:TE ධජ ප්‍රදර්ශනය කරන්නට විය. සමථයකට පත්කරන්නට නොහැකි තැන ප්‍රියංක ප්‍රනාන්දු මහතා කොටිහිතවාදීන්ට පිළිතුරු බැන්දේ අභිනයකිනි. එම දසුන නැරඹූ ශ්‍රී ලාංකිකයන් සිය හදවතේ ප්‍රියංක ප්‍රනාන්දු නාමය නොමැකෙන සේ සටහන් තබාගත්තේ මහත් අභිමානයෙනි.
මේ වනවිට මේජර් ජෙනරාල් තනතුරේ කටයුතු කරන මෙතුමා 2021/12/08 දින විශ්‍රාම දිවියට එළඹෙයි.
44 Viewers





