බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් බලය බෙදාහැරීම ගැන සාකච්ඡා කරන්න උතුරට ගිහින්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් යාපනයට ගොස් විවිධ පාර්ශ්ව සමග උතුරට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි හෙළි වේ.
උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ යාපනය නගරාධිපති මනිවන්නන් ඇතුළු විවිධ සංවිධාන කිහිපයක නියෝජිතයන් සමග මෙම සාකච්ඡා පවත්වා ඇති බවත්, ඇය පසුව කිලිනොච්චියට ද ගොස් එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලකයන් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වේ.
මේ අතර ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද උතුරට ගොස්, එස්. ශ්‍රීධරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් හමුවී ඇති බවත් සදහන් ය.
27 Viewers





