බුදුගුණ මහිමය පෙන්වන මහියංගණ පුදබිම
අස්ගිරි මහා සංඝ සභාවේ මනෝපාධ්‍යාය
අමුණුපුර පියරතන නාහිමි

සකල සතවෙත පහළ මහා කරුණා ඇති අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් නව වැනි දුරුතු මස පුරපසළොස්වක් පෝ දින ලංකාදීපයෙහි මිනිපේ ජනපදයට අයත් බිම්තැන්නේ මහානාගවන උයනට වැඩිසේක, ප‍්‍රථමයෙන් තමන්වහන්සේගේ ශ‍්‍රී පාදස්පර්ශයෙන් ලංකාධරණිතලය අතිපාරිශුද්ධ පුණ්‍ය භූමියක් වූ අතර එය පදනම් කරගෙන බෞද්ධ ශිෂ්ටාචාරය ලක්දිව සිසාරා විහිදී යන්නට විය.
අප බුුදුරජාණන් වහන්සේගේ තෙවරක් ලංකා ගමනයත් මහිංගණය ඇතුළු සොළොස්මස්ථානයට වැඞීමත් ඓතිහාසික වාර්තාවල පුන පුනා විස්තර වන්නේය. සිංහල ජාතිය පැමිණීම හා ජනාවාස පිහිටුවීම කාල සමාන්තරව සිද්ධවීමෙන් ජාතික ආගමික අන්‍යොන්‍ය සම්බන්ධය ලංකාවේ සුවිශේෂවූ උදාර ප‍්‍රභාමත් ශිෂ්ටාචාරයක් බිහිවී පෝෂණය වීමට මහෝපකාරි විය.
ලොව්තුරා බුදු බව ලබා නම වැනි මස උරුවේලා ජනපදයෙහි වැඩි හිඳ බුදු රජාණන්වහන්සේ මතු මාගේ ශාසනය නිර්මලව කොහි පිහිටන්නේ දෝ හෝයි දිවැසින් බලා වදාරා මේ ශ‍්‍රී ලංකාදීපය බව දැක දුරුතු මැදි පොහෝ දින පෙරවරුයෙහි උතුරු කුරු දිවයින පි`ඩුසි`ගා අනෝතත්තවිල්තෙරදී දන් වළඳා සවස් භාගයෙහි ලක්දිව මහවැලි ගංතෙර බින්තැන්නේ මහානාග වන උයන් හි රැුස්වූ මහා යක්‍ෂ සමාගමට ඉහළ ආකාශයේ සවණක් ගණ බුදුරැුස් විහිදුවමින් වැඩසිටි සේක. පෙර නොදුටුවිරූ බුදුරදුන් දැකීමෙන් තැතිගත් යක්‍ෂ සේනාව කෙරෙහි කරුණාවෙන් අමතා අපටත් වැඩ හිඳිනා තැනක් දෙවයි වදාළසේක. බුද්ධ තේජසින් දමනය වු සිත් ඇති යක්‍ෂයන් විසින් දුන් තැනට අහසින් වැඩ ස`ගල සිවුර අතුරා පූර්වදිග බලා වැඩසිටි සේක.
දමනය වූ යක්‍ෂයන් බැහැර ගිය පසු සමනොළ ගිර අධිපති සමන් දෙවියන් ප‍්‍රධාන දිව්‍ය සේනාව එතැනට සැපත්ව බුදුන් වැඳ නොයෙක් පුද පූජා පැවැත්වූහ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්මය දේශනා කළ සේක. ධර්මය ශ‍්‍රවණය කළ සමන් දෙවියන් ප‍්‍රධාන දේව සමූහයා සෝවාන් ඵලයට පැමිණි අතර සමන් දෙවිඳු යළි බුදුන් වැඳ ස්වාමිනී බුද්ධෝත්පාද කාලයෙහි මෙලෙස යක්‍ෂාවාස නොවන පරිදි අපට වැඳපුදා ගැනීමට පූජ්‍ය වස්තුවක් දෙවා වදාළ මැනවැයි ආයාචනා කලෙන් බුදුහු කේශධාතු මිටක් දුන්සේක.
සම්බුදු සසුන ආරක්‍ෂා වන්නේ බෞද්ධ සංකේත මාර්ගයෙන් ගන්නා මානසික බලයෙනි. ඒ පිළිබඳව ඇති සංයුතිකාංග වශයෙන් ධාතු, පිළිම, බෝධි හා සෙසු පාරිභෝගික ද්‍රව්‍ය, පොත්පත් ආදී පූජ්‍ය වස්තුවල බලය ශාසනය සජීවීව පවත්වා ගැනීමට හේතුභූත වන්නේය. ධර්මශ‍්‍රවණ මාත‍්‍රයෙන්ම යථාර්ථය අවබෝධ කිරීමෙන් නිවණ පසක් කර ගන්නට බුදුරදුන් දිවමන් කළ හා තදාසන්න කාල පරිච්ෙඡ්ද, විය යුතුය. ක‍්‍රමයෙන් ඥාන ශක්තියත් මාර්ගඵල ලාභී වාසනාවත් හීනවනවිට ඉතිරි වන්නේ සංකේත මගින් ලබන පුණ්‍ය බල මහිමය හා පරිකල්පනයත් පමණි.
සමන් දෙවියන් බුදුරදුන්ගෙන් ලබාගත් කේශධාතු රන් කර`ඩුවක තැන්පත් කොට බුදුරදුන් වැඩසිටි තැන වඩා හිඳුවා සත්රියන් උස ඉඳුනිලමිණි චෛත්‍යයක් කරවා අප‍්‍රමාණ පුද පූජා පැවැත්වූහ.
අප බුදුරජාණන් වහන්සේ මෙසේ ප‍්‍රථම ධාතු ප‍්‍රතිෂ්ඨාපනය කරවා ලක්දිව සිසාරා තුන්යලක් ප‍්‍රදක්‍ෂිණා කිරීමෙන් ආරක්‍ෂාවදී වේළුවනාරාමයට වැඩි සේක. බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා බුදුරදුන් ඉදිරියේදීම දෙවියන් විසින් සිදු කළ මෙම භූමි පූජාව ආරම්භ කළ නිසාම එතැන් පටන් මහියංගණේ තුන් හෙළයේ ගම් නියම් ගම් රාජධානිවල බෞද්ධ ශිෂ්ටාචාරය ව්‍යාප්ත වන්නට මූලාධාර විය.
යළින් මහියංගණ සිද්ධස්ථානය පිළිබඳව සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුවය. අග‍්‍රශ‍්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය සරභූ මහරහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පසු ආදාහන චිතකයෙන් ගී‍්‍රවාධාතු ගෙනවිත් වඩා හිඳුවා මේඝ වර්ණ පාෂාණමය දොළොස් රියන් උස චෛත්‍යයක් කරවා අනේකවිධ පුද පූජා සිදු කළහ. තවත් වරෙක උද්ධ චූලාභය රජතුමා තිස්රියන් උස සෑයක් කරවා අපමණ භෝග පමණින් පුද පූජා සිදු කළහ.
මහියංගණ සිද්ධස්ථානය සංවර්ධනයත් මිනිපේ ජනපදයේ කෘෂිකාර්මික හා ජනතා සාමාජික අභිවෘද්ධියත් සරල සමාන්තරව පෝෂණය වන බව ඓතිහාසික මූලාශ‍්‍රවලින් මොනවට ප‍්‍රකට වන්නේය. ආර්ය ජනාවාස පිහිටුවා සිංහල ජනතාව
ජනපද වශයෙන් දියුණු වන විට ඇතිවූ විශාල ජනවාර්ගික ගැටුම වූයේ ගැමුණු එළාර යුද්ධයයි. ධීර වීර දුටුගැමුණු රජතුමා එම සංග‍්‍රාමය කරගෙන යන විට මහියංගණ ප‍්‍රදේශය යටත් කරගෙන සිටි දමිළ නායකයා ප‍්‍රධාන සේනාව පරදවා බිම්තැන්න ප‍්‍රදේශයම ආගමික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දියුණු කිරීමට අදිටන් කරගත්හ. පසුව සිරිලක එක්සේසත් කළ රජතුමා අසූරියන් උස සෑයක් කරවා ගණ රන් පතින් වසා මහියංගණ සිද්ධස්ථානයට ධන පමණින් පුද පූජා සිදු කළහ.
ආගමික ජාතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ලංකා බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය ලෙස වසර දෙදහස් පන්සිය ගණනක ඓතිහාසික පිය සටහන් වාර්තාවී ඇති මහියංගණ සිද්ධස්ථානය පරාධීන යුගයේ ජනතාවගේ මතකයෙන් දුරස්ථව පැවතින. සිරිස`ගබෝ රජතුමන් වැනි බෝසත් ගුණ ඇති රජ දරුවන් සැදුන වැඩුන මෙම පූජනීය, වන්දනීය සිද්ධස්ථානය පුනරුත්ථාපනය කොට බෞද්ධ සංස්කෘතික වශයෙන් පුනරාලෝකය විහිදුවන්නට පුරෝගාමී වූ ගිහි පැවිදි උතුමන් අතර ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවර ඞී. ඇස්. සේනානායක උතුමාණන්ගේ නම සිහිපත් කළ යුතු වන්නේය.
මහියංගණ සිද්ධස්ථානය අස්ගිරි මහා සංඝ සභාවෙන් පාලනය වන බැවින් අස්ගිරි මහාවිහාරයේ මහ පදවිය හෙබවූ ඉදවලූගොඩ ධම්මපාල, ගුන්නෑපාන සරණංකර, මුල්ලේගම ගුණරතන, යටවත්තේ ධම්මරතන යන ශ‍්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මාර්ග උපදේශකත්වයෙන් පිහිටුවාගත් මහියංගණ චෛත්‍ය වර්ධන සමිතිය හා ශ‍්‍රී ලංකා රජයද මැදිහත්වී ජනතාවගේද ආධාර උපකාර ඇතිව ඒ මහා චෛත්‍යරාජයාණන් ප‍්‍රතිසංස්කරණය කොට කේතු පිලන්දන පුණ්‍ය මහෝත්සවය සිදු කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ සිදුවූ අසිරිමත්, අසහාය මහා පිංකමක් වශයෙනි.
මහියංගණ චෛත්‍යරාජායාණන් වහන්සේගේ රන්කොත මුදුනේ බබලන චූඩාමාණික්‍යයෙන් විහිදෙන බුදුරැුස් මාලා බලයෙන් ශ‍්‍රීලංකාවාසීන්ට නිරෝගී සම්පත් ලැබේවා.
සියලූ සත්වයෝ සුවපත් වෙත්වා
වර්තමාන විහාරාධිපති උරුලෑවත්තේ ශ‍්‍රී ධම්මරක්ඛිතාභිධාන ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රධාන මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.
63 Viewers





