මල්වතු මහනායක හිමි
අද සජබ නියෝජිතයන් ඉදිරියේ මල්වතු මහ නා හිමිගේ හැසිරීම ඔබ දුටුවා නම් ඔබට අද බෞද්ධයන්ට ශ්රී ලංකාවේ මේ ඉරණම අත් වීමට හේතුව පැහැදිලි වෙනවා.
අද ශ්රී ලංකාවේ බුදු දහම ඉදිරියේ දැවැන්ත අභියෝග ගණනාවක් තිබෙනවා.
නිරාගමික, බෞද්ධ විරෝධීන් පිරිසක් බලයට ඇවිල්ලා සංවිධානාත්මකව බුදු සසුනට සහ බෞද්ධයන්ට පහර දෙනවා.
අවසානයේ හෝ ඒ සිදුවීම කේන්ද්ර කරගෙන, ඊට එරෙහිව රටේ බෞද්ධයන්ගේ පිබිදීමක් ඇතිව තිබෙනවා.
ශ්රී ලංකාවේ බුදු සසුනේ යහපැවැත්ම උදෙසා මේ මොහොත අතිශය වැදගත්.
එවැනි පසුබිමක බෞද්ධයන්ගේ නායකත්වය දරන මහ නා හිමිවරුන්ට විශාල වගකීමක් තිබෙනවා.
ඔවුන්ට මේ බෞද්ධ පිබිදීමට නායකත්වය ලබා දීමට හැකියාවක් නැහැ. එය අප පිළිගන්නවා.
නමුත් අවම වශයෙන් මේ බෞද්ධ නැගිටීම අල කර නොදැමීමේ හෝ වගකීමක් ඔවුන්ට තියෙනවා.
කොහොමත් මහ නායක හිමිවරුන් යනු සංඝ සමාජය සංවිධානය කිරීමේ නාමික නායකත්වයක් මිසෙක බෞද්ධයන්ගේ සැබෑ මතවාදී නායකත්වය උන්වහන්සේලාට හිමිවන්නේ නැහැ.
ඉතිහාසය පුරාම බෞද්ධයන්ට නායකත්වය ලබා දුන්නේ ඒ මොහොත විසින් බිහි වූ ස්වාමීන් වහන්සේලා මිසෙක නිකායන් හි නායක ස්වාමීන් වහන්සේලා නොවෙයි.
ඒ අර්ථයෙන් බලද්දී සෝම හිමියන්ගේ රෝම කූපයකට හෝ ලං වීමට තිබ්බොටුවාවේ උන්නාන්සේට බැහැ.
කෙසේවෙතත් අද සබජ නියෝජිතයන් ඉදිරියේ තිබ්බොටුවාවේ උන්වහන්සේ මොකක්ද කළේ ?
සමාජීය කාරණා, දේශපාලනික කාරණා, සාසනයට එල්ල වී ඇති අභියෝග, ජාතික ප්රශ්න කතා කරනවා වෙනුවට, කැමරා ඉදිරියේ උන්නාන්සේගේ පුද්ගලික ප්රශ්න කතා කළා.
මේ මොහොතේ සමස්ථ බෞද්ධයාට ඇතිව තිබෙනා බෝර්න් අගේන්කරණය, උතුරේ බොදු උරුමය විනාශ කිරීම, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම, අනුරාධපුර පූජා නගරයේ හින්දු ආක්රමණය වැනි කිසිම ප්රශ්නයක් උන්නාන්සෙට නැහැ.
උන්නාන්සේ සිය සැප පහසු විහාරාස්ථානයේ, ඉතා හොඳින්, සුව සේ ජීවත් වෙනවා. බෞද්ධයන්ට තිබෙන ගැටළු උන්නාන්සේට නැහැ.
උන්නාන්සේට තිබුණු ලොකුම ප්රශ්නය දළඳා කරඬුව මාරු කිරීම, හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න විසින් විවේචනය කිරීම පමණයි.
බිලියනපතියන්ගෙන් මුදල් අරගෙන දළදා කරඬුව මාරු කිරීම සහ ආණ්ඩුව ඊට ඉඩ දීම නිසා මල්වත්තේ උන්නාන්සේ සතුටින්.
උන්නාන්සේට රටේ ප්රශ්න, ශාසනයේ ප්රශ්න, බෞද්ධයාගේ ප්රශ්න අදාල නැහැ.
දළදා කරඩුව මාරු කිරීමට එරෙහිව නෙරංජන් විජේරත්න අදහස් පළ කිරීම තමයි මේ මොහොතේ මල් වතු නා හිමිට තිබුණු ලොකුම ප්රශ්නය.
උන්නාන්සේ සජබ නියෝජිතයො ඉස්සරහා නෙරංජන් විජේරත්න විවේචනය කළා.
එමෙන්ම සිය පුද්ගලික ගැටළුවක් නිසා ජවිපෙ විසින් බෞද්ධයාගේ මුදුන් මල් කඩ දළදා මාලිගාවට ප්රහාර එල්ල කිරීම තනුක කළා.
කොච්චර ලාමක හැසිරීමක් ද ?
මම අකමැති මිනිහෙක් සත්යයක් කිව්වා. මිනිහාට මම අකමැති නිසා, සාසනයට කොතරම් හානියක් වුනත් මම ඒ සත්යය වසන් කරනවා.
ඔන්න බෞද්ධයන්ගේ මහා නා හිමිවරු!
දළදා කරඬුව මාරු කිරීමට ඉඩ දීම නිසා සහ නෙරංජන් විජේරත්න සමග පවතින ආරෝව නිසා ඔහු ජවිපෙ ආණ්ඩුවත් සුද්ද කළා.
ඉතින් බෞද්ධයාට හරි යාවිද ?
උන්නාන්සේ කතා කරපු කරුණ සාකච්ඡා කළත් 88/89 සමයේ නෙරංජන් විජේරත්න දියවඩන නිළමේතුමා හිටියේ දළදා මාලිගාවේ.
තිබ්බොටුවාවේ උන්නාසේ ඒ කාලයේ කුරුණෑගල රජ මහා විහාරයක විහාරාධිපති.
දළදා මාලිගාවට එල්ල කළ ප්රහාරයට මුහුණ දුන්නේ නෙරංජන් විජේරත්න මිසෙක තිබ්බොටුවාවේ උන්නාන්සේ නොවෙයි.
දළදා මාලිගාව සම්බන්ධයෙන් අපි විශ්වාස කළ යුත්තේ තිබ්බොටුවාවේ උන්නාන්සේ ද ? නෙරංජන් විජේරත්න ද ?
ඇත්තටම වෙනත් සෑම ආගමකම නායකයන් ඉතාමත් දක්ෂ, ශූර සහ බුද්ධිමත් ලෙස දේශපාලනය කරනවා.
ඔවුන්ගේ ප්රජාවට නායකත්වය ලබා දෙනවා. ප්රජාවේ ප්රශ්න අතට ගන්නවා.
ආණ්ඩුවලට පීඩනය දෙනවා. එම නිසා ඒ ආගමික නායකත්වයන් දිනෙන් දින බලවත් වෙනවා.
කාඩිනල් තනතුර බලවත් වීමට මැල්කම් රංජිත්ගේ ශූර බව සහ තියුණු බව බලපෑවා.
තිබ්බොටුවාවේ උන්නාන්සේලාගේ ලෝක ඒ අතින් ඉතා කුඩායි.
ඔවුන්ගේ ජීවිත වල පුද්ගලික ගැටළු විසඳෙනවා නම් ඔවුන්ට ශාසනයේ හෝ ජාතික ප්රශ්න අදාලම නැහැ.
මෙතන දී සජබයත් එක් වරදක් කළා. මුන්නාන්සේලා මුණ ගැසෙද්දී කැමරා රැගෙන යාම ඉතාම අඥාන ක්රියාවක්.
අනුර ලා ඒ වැඩේ කරන්නේ නැහැ. සජබය අනුරලාගෙන් දේශපාලනය උගත යුතුයි.
කෙසේවෙතත් බෞද්ධයෙක් ලෙස තිබ්බොටුවාවේ උන්නාන්සේ මාගේ නායකයෙක් ලෙස මා පිළිගන්නේ නැහැ.
බෞද්ධයාට පවතින අභියෝග අපිට තිබ්බොටුවාවේ උන්නාන්සේලා නොමැතිව විසඳාගත හැකියි.
කෙසේ වෙතත් මල්වත්ත යනු තවමත් ලාංකේය බුදු සසුනේ සංස්ථාපිතයක් නිසා ශාසන ප්රේමී අනු නා හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් මල්වත්තේ පාලනය සියතට ලබා ගත යුතුයි.
විශේෂයෙන්ම මේ මොහොතේ අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, වෙඩරුවේ උපාලි අනු නා හිමියන්, කොටපිටියේ රාහුල නා හිමියන් වැනි නා හිමිවරුන්ගේ මැදිහත් වීම විශිෂ්ටයි.
එවැනි ජාතික අභිලාෂ සහිත නා හිමිවරුන් පෙරමුණ ගත යුතුයි.
තිබ්බොටුවාවේ සුමංගල හිමි ඒ වගකීමට කිසිවිටකත් සුදුසු නැහැ.
7 Viewers





