මල ගෙදර කතාව

සීසර්ගෙ මළ ගෙදර නීරෝ කරපු කතාවට පස්සෙ ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක්වුණු මළගෙදර ස්පීච් එක එයය.
සමහර අයට ඒක තේරිලා නැතිය.
එහෙම එක කට්ටියකට නොතේරෙන නිසාම තව කට්ටියකට වැඩිපුර තේරිලාය.
දැන් මාලිනි ගැන කතාව නතර වෙලා සෞම්‍ය ලියනගේගේ මළගෙදර speech එක සතියෙ ටොපික් එක වෙලාය.
මම වෙන රටක ජීවත් වුනත් ලංකාවට කැමති ඒකය. මළ මිනියකින් වුනත් ආතල් එකක් ගන්න තියෙනවා නම් ගනියි.
ඉන්පස්සෙ රෝමන්කාරයෝයි ගෝල් වැසියොයි වගෙ දෙකට බෙදිලා කෙළ ගනිති.
ආන්ඩුත් ඒකටම තකට තකය.

පුංචිකාලේ හොරා පොලිස් කරනවා වගේය.
එක සැරේකට X හොරා වෙනවාය Y පොලිස්කාරයාය. ඊලඟ සැරේ Y හොරාවී X පොලිස්කාරයා වෙනවාය.
මාරු වෙවි Drama එක play කරනවාය.

සාමාන්‍යයෙන් කතාවක් කරන විට සලකා බලනු ලබන ප්‍රධානම කාරණය Audience එකයි. එනම් ඇහුම්කන් දෙන්නා කවුද කියන එකයි.
මොන්ටිසෝරි ලමයි ඉන්න සභාවක අපි කතා කරන Audience එක කවුද ? ලමයිද? සැබවින්ම ලමයි නොව ඔවුන්ගේ දෙමාපියන්ය.
නමුත් අපොස සාපේ/උපේ, විශ්ව විද්‍යාලවල කතා කරන කොට Audience එක ඒ ඒ බුද්ධි මට්ටම් වල ලමයිය.
එනයින් මලිනිගෙ මළගෙදර Audience එක කුමක්ද ? ඒ ප්‍රශ්නයට උත්තරය සරල නොවෙයි. මන්ද එහි Audience එක Universal වන බැවිනි. එහි විවිධ සමාජ පන්ති, උගත් පන්ති විය. මෙරට සහ නොරට අයද විය.
කතා පවත්වපු කතිකයන් තම තමන්ගේ Audience එක පූර්ව ලෙස නිගමනය කරගෙන කතා පැවැත්වුහ.
උදාහරණයක් ලෙස සමනලී ෆොන්සේකාගේ Audience එක වුනේ ජනාධිපති,අගමැති ඇතුළු පක්ෂ කොමරේඩ්ස්ලාය. එයට ඒ කතාව දෙන්නෙම ඒකටය. ඇය ඔවුන්ට පමනක් ස්තුති කල අතර නැන්දාව පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකින් පිඳුම් දුන්, මාදිවල ඉඩමක් දුන්න ගෙයක් හදන්න ලෝන් එක දුන්න මහින්ද රජපක්ෂයන්ව අමතකම කර දැමීය.
මානිගේ පිළිකාවට වලංගු නීති රෙගුලාසි උල්ලංඝනය කර ලක්ෂ 55 ක් ප්‍රතිකාර සදහා දුන් රනිල්ව අමතක කර දැමීය. ඒ ඇයට පැවරනු රාජකාරියයි.

අනෝජා කතා කලේ නලු නිලි කැලටය.

සෞමය ලියනගේ එතකොට කතාකලේ කාටද ?
ඇත්තම කතාව නම් ඔහු කතා කලේ ඔහුටමය.
ඒ කතාව පරලොව සිට මාලිනියන් අසා සිටියේනම් ඇය වුනත් උංගා බුංගා වනු නියතය.
මන්ද ඇය ඒතරම්ම සරළ නිලියකි.

ලංකාවේ සාහිත්‍යය පවා පක්ෂ දේශපාලනයේ අතකොලුවක්වීමේ ආනිසංස අපට අත්විඳිමට සිදුව ඇත.
සෞම්යගේ කතාව ගැන සාහිත්‍යමය සාකච්ඡාවක් වනු වෙනුවට දැන් වෙන්නෙ වෙන දෙයක්ය.
සෞම්‍ය ලියනගේ මාලිමාවට කඩෙි ගිය මහාචාර්යවරයකු නිසා ඔහුව දිවිහිමියෙන් රැකගතයුතුය යන ස්ථාවරයෙන් මාලිමාවන් ඔහුගේ කතාවට සාරගර්භ අර්ථකතන දෙයි. මාලිමා ආන්ඩුව අපහසුවට පත්කිරීමෙ අරමුනෙන් ප්‍රතිපක්ෂය කරුණු දක්වයි.
ඔවුන් විසින් මැරිච්ච ජැක්සන් ඇන්තනිවද ඒ සඳහා සටනට කැඳවා තිබෙයි.
ලංකාව රටක් විදියට ඉදිරියට යාමට ඇති විශාලම බාධාව වන්නේ මේ කුලල් කා ගැනීම බව පෙනීයයි.
මෙය ඉවරවෙන පාටක්ද නැත.
ඉවර කරන්න එහෙම කාටවත් ඕන කමක්ද නැත.
කොටි විරෝධී ත්‍රස්තවාදයට එරෙහි සටනේදිත් දෙකට බෙදී සිටිය අය මෙබදු සිල්ලර කාරණා වලින් එකතු කල නොහැකිය.
එසේනම් අප සලකා බැලිය යුත්තේ මේ ප්‍රතිවිරෝධතා සමඟ මේ ගමන යන්නේ කෙසේද කියාය.
සමනලිගේ, අනෝජාගෙ සහ සෞම්‍යගෙ ෆුයුරනල් ස්පීචස් අපට කියා දෙන පාඩම එයයි.

– නිලංග සමරසිංහ



13 Viewers