• Home »
  • Articles »
  • මහනායකවරුන්ට නොපෙනෙනන අනාගත බෞද්ධ සංහාරයේ වෛරසය.

මහනායකවරුන්ට නොපෙනෙනන අනාගත බෞද්ධ සංහාරයේ වෛරසය.

රුවන්වැලි මහ සෑය ළඟ තිබුණ බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා කීපදෙනෙක් කරපු උපවාසය ඛේදවාචකයකින් අවසන් වුනා.ඇත්තටම තවමත් උනේ මොකද්ද,කවුද හරි,කවුද වැරදි කියන ප්‍රශ්නය ඇතුලේ ගොඩක් දෙනෙක් අතරමන් වෙලා ඉන්නවා.උපවාසය භූමියට එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයත් එක්ක ජවිපෙ මඩ බලකාය දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් කළා.

ඒක පැලවත්ත හරහා කෙරෙනු දැවැන්ත මානසික මෙහෙයුමක්. ඒකෙන් කියන්නේ ජනතාව ඇවිත් උපවාසයට පහර දීලා බුද්ධාගම සහ රුවන් වැලි සෑ පුදබිම බේරගත්තා කියලයි.12 වෙනිදට ඉස්සෙල්ලා ඉඳන් බෞද්ධයෝ විදිහට වෙස්වලා ගත්ත ජවිපෙ කාඩර්වරු එතනට ඇවිත් ප්‍රශ්නයක් හදාගන්න උත්සාහ කරන හැටි අපි දැක්කා.ජෙප්පන්ගේ ඒ උපක්‍රමයට කස්සප හාමුදුරුවෝ ඇතුළු පිරිස පහසුවෙන් ගොදුරු වුනා.

ඒකට හේතුව තමයි ඒ සටන ජනතාව ඉල්ලපු සටනක් නෙවෙයි. බෞද්ධයාට කරන හිරිහැරවලට එරෙහිව කරන්න සටනක් තියනවා.අටමස්ථානය ඉන්දියානු ආක්‍රමණයෙන් නිදහස් කරගැනීමේ සටනක් තියනවා.ඥානසාර හාමුදුරුවන්ට යුක්තිය ඉෂ්ඨ කරගැනීමේ සටනක් තියනවා.ඒ සටන බලංගොඩ කස්සප හාමුදුරුවෝ කරපු උපවාසය ජාතියේ සටනක් නෙවෙයි.

බලංගොඩ කස්සප හාමුදුරුවෝ හොඳින් අධ්‍යයනය කලොත් ඉතාම පැහැදිලි දෙයක් තියනවා.එක්කෝ උන් වහන්සේගේ තියන පටු පරමාර්ථයක් ඉෂ්ඨ කරන්න මේ වගේ බාල උපක්‍රම තෝරනවා වෙන්න පුළුවන්.එහෙම හීනමාන අය සංඝ සමාජයෙත් ඉන්නවා. දැන් නයි සාදු කෙනෙකුත් ඉන්නේ.එහෙමත් නැත්තං බලංගොඩ කස්සප භාමුදුරුවෝ කොතනක හරි තැනකින් මෙහෙය වෙනවා.

බලංගොඩ කස්සප හාමුදුරුවෝ කරන්නේ අනුන්ගේ සටන් මැද්දට පැනලා තමන්ගේ සැලැස්ම එතනට ඇප්ලයි කරන එකයි.ඒකට මේ වෙලාවේ බුදු දහමට තියන තර්ජණය පාව්චිචි කරගන්න එකයි.මහනුවරින් පටන් ගත්ත ” සිවුරට යුක්තිය ” සටන මේ තැනට පටු කරන්න කස්ප හාමුදුරුවෝ ලොකු වැඩ කොටසක් කළා.මේ සටන දිහා සාශනිකය සහ බෞද්ධ අර්ථයෙන් බලද්දී රටේ රාළට හිතෙන්නේ එහෙමයි.ඒ සටන තවත් හුදකලා සටනක් බවට පත් කරමින් කස්සප හාමුදුරුවෝ මේ උපවාසය පටන් ගන්නවා.

මේ වෙලාවේ වෙනම සටන් තෝරනවා කියන්නේම විනාශයක් තමයි.ඒක භික්ෂූන් වහන්සේටත් අදාලයි විපක්ෂයටත් අදාලයි. ඒක සටන තෝරන පාර්ශවයේ ප්‍රශ්නයක්.එහෙම කියලා ආණ්ඩුවට මැරයෝ දාලා ඒවට පහර දෙන්න අයිතියක් නෑ. රුවන්වැලි සෑ භූමියේ උපවාසයට පහරදීමෙන් ආණ්ඩුවේ මිනීවල ආණ්ඩුව විසින් කපා ගත්තා.උපවාසකරුවන්ට පහරදුන් ජෙප්පෝ දැන් විරයෝ වෙලා.බුකිය ඇතුලේ වොයිෂ් කට් පවා දෙනවා, මැරයෝ වීරයෝ කරපු පොටෝ ජෙප්පෝ ෂෙයා කරනවා.ඒකත් ජවිපෙ උපක්‍රමක්.

ඒක පැත්තකින් මේ මෝඩ රැළ තව වැඩකට යොදාගන්න ඕනි කරන ධෛර්යය හදනවා.රටේ රාළ එකක් කියන්නම්,ඔය ජොලිය තව සතියකට වඩා තියෙන්නේ නෑ.ඔය ෆේස්බුක් වීරයන්ට දාපු පොටෝත් ඩිලීට් කරගෙන හැංගෙන්න වෙනවා.දැවැත්ත සමාජ චලිතයක් අත ලගම එනවා.ඒකට මුහුණ දෙන්න මාලිමා ආණ්ඩුවට බෑ.ඒක මුහුණ දෙන්න පුළුවන්ද බලන උත්තරය තමයි අයවැය.මේ අයවැය කියන්නේ ජනතා නැගිටීම ඉක්මන් කරපු අයවැයක්.

ඊළඟ ප්‍රශ්නය තමයි දැන් බෞද්ධයාට මොකද වෙන්නේ කියන එක.බෞද්ධ උරුමය වෙනුවෙන් පටන් ගත්ත සටනට මොකද වෙනනේ කියන එක.

අපි අහලා තියනවා හැම කළු වළාවකම රිදී රේඛාවක් තියනවා කියලා.හික්ෂූ උපවාසයට පහරදීම විසින් මාලිමා ආණ්ඩුව ලෝකය ඉස්සරහා තමන් ම්ලේච්ඡයන් බව නැවතත් ඔප්පු කළා. මේ ප්‍රශ්නය ඉස්සරහා අපේ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධයන් සම්මා සතිය උපදවා ගන්න ඕනි.ඒ කියන්නේ හොඳ සිහිය උපදවා ගන්න ඕනි.දැන් ආයෙත් එළියට ඇවිත් බලංගොඩ කස්සප හාමුදුරුවන්ට කරන්න සටනක් ඉතිරිවෙලා නෑ.

කොහොම උනත් කස්සප හාමුදුරුවන්ට සහ පීරිසට උන අසාධාරණය වෙනුවෙන් බෞද්ධයන් අනිවාර්යෙන්ම පෙනි ඉන්න ඕනි.මේ වෙනකොටත් එයාගේ බරපතල විදිහට මානව හිමිකම් කඩවෙලා.ඊළඟට මැරයන් නීතීය ඉදිරියට ගේන්න ඕනි.

බෞද්ධයා වෙනුවෙන් කරන සටනක කොටස් කාරයෙක්වත් වෙන එකත් උන්වහන්සේට දැන් ලේසි නෑ.ඒ වගේම තමයි අපේ රටේ ප්‍රතික්ෂේපිත සංඝ සාමාජයක් තියනවා.ඒක ඉස්සරහට දාගෙන මොන සටන කලත් පරාදයි.ඔයාලා හොඳට හිතලා බලන්න ඒ කවුද කියලා.ගමේ පන්සලේ හාමුදුරුවන්ට තියන සමාජ ගෞරවය නැතිවෙලා තියනවද?ගොඩක් දුරට නෑ.කලාතුරකින් තැනක දෙකක එහෙම වෙලා ඇති.

පන්සල කියන්නේ ගමත් එක්ක බැදිලා තියන එකක්.දායකයන් සහ පන්සල අතර එකිනෙකට වෙන් කරන්න බැරි සම්බන්ධයක්. මේ දෙගොල්ලන්ගේ අතර පූර්ණ විශ්වාසයක් තියනවා.ඇත්තටම පන්සල කියන්නේ ගමට ආශීර්වාදයක්.බෞද්ධ උරුමය වෙනුවෙන් කරන සටන ගමේ පන්සලට එන්න ඕනි.පහුගිය කාලේ අමුතු සඟ පරපුරක් බිහිවුණා.රටේ රාළ දිගටම කියන කතාවක් තමයි අනන්‍යතාවය හෙලි කරන්න ඛැරි කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා.

ඒක භික්ෂුවටත් අදාලයි.පන්සලක් නැති,ගුරු හාමුදුරු කෙනෙක් නැති,දායක සභාවක් නැති,ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නැති භික්ෂුවක් විශ්වාස කරන්න එපා.පහුගිය කාලය ඇතුලේ භික්ෂු බලය පාවිචිචි කරගෙන පිස්සු නටන වොයිෂ් කට් සාදුලා බුරුතු පිටින් බිහිවුනා.අර පොඩ්ඩා,මේ පොඩ්ඩා කියලා හිටියා,අර කන්දේ මේ කන්දේ කියලා හිටියා,දේශපාලනඥයින්ගේ වේදිකාවලට නැගලා හිටිවන කවි කියන අය හිටියා.අදත් ඉන්නවා.

රටේ රාළ සජිත්ගේ දේශපාලනයට විරුද්ධයි.රටේ රාළ නිතර සජිත් විවේචනක් කරනවා.ඒක දේශපාලනික විවේචනයක්. පහුගිය කාලෙක අපි දැක්කා එක චීවරධාරියෙක් දේශපාලන වේදිකාවක ඉඳන් කවියෙන් ජලනිට බනිනවා.ඒ තරම් පහත් තත්වයට වැටුන චීවරධාරීන් ඉන්නවා.ඇත්තටම ඥානසාර හාමුදුරුවරුවෝ කවදාවත් ඒ තත්වයට වැටුණේ නෑ.උන් වහන්සේ අද හිරබත් කන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී හිටපු එකෙන්.

සිවුරට යුක්තිය මෙහෙයුම ඇතුලේ මේ වෙයිෂ්කට් සාදුලා නැගිටින්න හැදුවා.එතකොට ආයෙත් බෞද්ධයාගේ පැත්තෙන් විරෝධය ආවා.අපේ රටේ බෞද්ධයෝ අති බහුතරයක් මේ නිරාගමික ආණ්ඩුවට විරුද්ධයි.හැබැයි එහෙමයි කියලා ආයෙත් ඔයිෂ් කට් සාදුලාගේ සංස්කෘතියට යන්න මේ රටේ බෞද්ධයෝ සූදානම් නෑ.ඒ වගේම මේ සටන මහනායක ස්වාම්න් වහන්සේට දැවැන්ත පීඩනයක් එල්ල කරලා තියනවා.

බෞද්ධ සමාජයෙන් විතරක් නෙවෙයි දැන් භික්ෂු සමාජයෙනුත් ඒ විරෝධය ඇවිත්.මල්වත්ත පැලවත්තට යටත් වෙනවා කියන්නේ මොකද්ද?බෞද්ධයා බෝන් එගේන් කල්ලිය ඉදිරියේ දණ ගැහුවා කියන එකයි.බෞද්ධ උරුමයන් බෙදුම්වාදීන්ට පවා දෙන එකයි. මල්වත්ත එහෙම යටත් වෙද්දී අස්ගිරියට ඒක ආරක්ෂා කරන්න බෑ.

මහනායක ස්වාමින් වහන්සේලා මේ තරම් නිහඩ ඇයි කියන එක අද භික්ෂු සමාජය ප්‍රශ්න කරන්න පටන් අරන්.අද තමයි භික්ෂුවට වඩාත් වැඩියෙන් උජීපටිපන්න ගුණය අවශ්‍ය වෙලා තියෙන්නේ.

විශේෂයෙන්ම මහ නායක හාමුදුරුවන් වහන්සේලාට.ඇත්තටම වෙනත් ආගමක පූජක තුමෙකුට උනා නම් ඒ ආගම්වල නායකයන් මේ වෙනකොට දැඩි පියවර අරන්.ඒ අතින් අපේ මහනායක උන්නාන්සේලා ගැන ලැජ්ඡයි.දැන් නියම බෞද්ධ සටනක රිත්තකය තියනවා.එහෙම සටනට විතරයි දැන් ඉඩක් තියෙන්නේ.ඇත්තටම සටන් කරලා දිනාගන්න අයිතින් අද ගොඩක් බෞද්ධයන්ට තියනවා.

ඒ හැම සටන් පාඨයක් ඇතුලෙම බෞද්ධ දර්ශනයේ පදනම තියෙන්න ඕනි.ඒ කියන්නේ මෛත්‍රිය තියෙන්න ඕනි.එහෙම නැතිව අරයගේ ඔළුව පලනවා කියනකොට සාදු….සාදු කියන බෞද්ධකමක් වැඩක් නෑ.දැන් ජවිපෙ ඕනි තරම් මේ භූමිය මත වෛරය වපුරලා තියනවා.ඊළඟට තියෙන්නේ ඒ වෛරයේ අස්වැන්න නෙලන්න.ඒ තමයි ලේ.මහා ලේ වැගිරීමක් අනිවාර්යෙන්ම අත ළඟ.දැන් මේ සමාජයට ඕනි මෛත්‍රියේ සිසිලස.

ඒක කරන්න පුළුවන් බුදුදහම පදනම් කරගත්ත අරගලයකට. ඒකට ශක්තිමත් භික්ෂු නායකත්වයක් සහ ගිහි නායකත්වයක් අවශ්‍යයි.ඒක හිඩස සම්පුර්ණ වෙනවා නම් සටන ජයග්‍රහනයෙන් අවසන් කරන්න පුළුවන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.



3 Viewers