මහාධිකරණයෙන් ඇප ලබාදෙන තෙක් නතාෂා දිගටම රිමාන්ඩ්

ආගම්වලට අපහාස කරන ප්‍රකාශ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත්තුමාගෙන් ඓතිහාසික විශිෂ්ට තීන්දුවක්
නතාෂා එදිරිසූරිය නම් තැනැත්තියක විසින් සිදුහත් චරිතයට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමා විශිෂ්ට නඩු තීන්දුවත් ලබා දුන්නා.
එකී ඇප ප්‍රතික්‍ෂේප කිරීමේ තීන්දුව ලබාදෙමින් ගරු උගත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ බුදුන් වහන්සේගේ ළමා කාලය හාස්‍යයට හා අපහාසයට ලක්කිරීම සුළුකොට තැකිය නොහැකි වරදක් බවයි.
විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව මඟින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් බෞද්ධාගම සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමට පවරා ඇති වගකීම සුවිශේෂී වන බවද ගරු උගත් මහේස්ත්‍රාත්තුමා අවධාරණය කළා.
රටේ පුරවැසියන්ට භාෂනේ නිදහස මූලික ඓතිවාසිකමක් නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (2) වගන්තියේ සීමා කිරීම් මතක තබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් වන මලල්ගොඩ එදිරිව නීතිපති නඩුවේදී ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමේ බලපත්‍රයක් නොවන බව දක්වා ඇති සුවිශේෂී තත්ත්වය උගත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නා.
බුදුන් වහන්සේගේ ළමා කාලය බෞද්ධ ඉගැන්වීම් බෞද්ධ සාහිත්‍ය නතාෂාගේ ප්‍රකාශයෙන් අතිශය හෑල්ලුවට ලක්කර තිබූ බවත්, සිතාමතාම ප්‍රශ්නගත සිදුහත් කුමාරයට අපහාස කරන වාක්‍ය කොටස් රැඟුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම තුළ චේතනාන්විතව මෙම ආගමික අපහාසය සිදු කර ඇති බවටත්, ඇය පෙර පුහුණුවීම් පවා සිදුකර ඇති බවටත් උගත් මහේස්ත්‍රාත්තුමා පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ මෙවැනි ආගමික අපහාසයන් හා අන්තවාදී ප්‍රකාශයන් තුළින් ගැටුම් හා ලේ වැගිරීම් සිදුවී ඇති බව පෙන්වා දුන් උගත් මහේස්ත්‍රාත්තුමා මෙවැනි ප්‍රකාශයන් තුළින් බෞද්ධ ජනතාවගේ සිත් රිදීමක් ප්‍රකෝප වීමක් විරුද්ධ ආගම්වලට එරෙහි පෙළඹවීමක් සිදුවන බවද උගත් මහේස්ත්‍රාත්තුමා අවධාරණය කළා.
එබැවින් සිවිල් දේශපාලන ඓතිහාසික සම්මුති පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව චෝදනා පෙනී යන බැවින් නතාෂාගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ ගරු උගත් මහේස්ත්‍රාත්තුමා මහාධිකරණයෙන් ඇප ලබාගන්නා තෙක් නතාෂා එදිරිසූරිය නැමැත්තියව රක්‍ෂිත බන්ධනාගාර ගත කළා.
නීතීඥ මනෝජ් ගමගේ ඇතුළ පිරිසක් මෙම නඩුවට පෙනි සිටි.
19 Viewers





