• Home »
  • Sinhala Articles »
  • මහාවීර්නාල් තහනම මැද ජෝ බයිඩන්ගේ ශ‍්‍රී ලංකා විරෝධී යෝජනාව

මහාවීර්නාල් තහනම මැද ජෝ බයිඩන්ගේ ශ‍්‍රී ලංකා විරෝධී යෝජනාව

(Courtesy of Diwaina)

පසුගිය සිකුරාදාට (නොවැම්බර් 27) මියගිය කොටි ත‍්‍රස්තයන් හෙවත් මහාවීර්නාල් සැමරුම යෙදී තිබුණි. යහපාලන රජය යටතේ උතුරේ කොටි මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරීම මහත් උත්සවාකාරයෙන් පැවැත්වූහ.

මෙලෙස කොටි හිතවාදීහු උතුරේ කොටි සමරු උත්සව පවත්වන සමයේ යහපාලන රජය රණවිරු සැමරුම අවලංගු කරනු ලැබීය.

මේ මහාවීර්නාල් යැයි හඳුන්වන්නේ මියගිය සිවිල් වැසියන් නොව කොටි සංවිධානය විසින් මහාවීරයන් යැයි හඳුන්වන මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත‍්‍රස්තයන්ය. 2017 වසරේදී කිලිනොච්චියේ තෙරුවිල් සහ කනපුරම් යන කොටි සොහොන්බිම්වලදී ත‍්‍රස්තයන් සැමරීමට යහපාලන රජය ඉඩ දුන්නේය. ප‍්‍රභාකරන් ජීවත්ව සිටියදී කිලිනොච්චි කොටි සොහොන්බිමේ පාලකයා වූයේ තියාගු නමැති කොටියායි. 2017 වසරේදී එනම් යුද්ධය අවසන් වී වසර 8 කට පසු තියාගු නැවතත් එහි පාලකයා විය.

මෙම මහාවීර්නාල් හෙවත් කොටි මිනීමරුවන් සැමරීම ආරම්භ වූයේ කොටි ගුවන් බළකායේ නායකයා වූ ශංකර් 1987 නොවැම්බර් 27 දා හමුදා ප‍්‍රහාරයකින් මියයෑමෙනි ශංකර්ගේ සිරුර මිහිදන් කරනු ලැබුවේ කිලිනොච්චියේ රජය සතු අක්කර 15 කින් යුත් විශාල ඉඩමෙයි. 2008 දී ආරක්‍ෂක හමුදාව මෙම සොහොන් බිමේ තිබූ ත‍්‍රස්තයන් සැමරීමේ සොහොන් කොත් විනාශ කරනු ලැබීය.

එහෙත් 2015 යහපාලන රජය බලයට පැමිණියේය. ඒත් සමඟම ද්‍රවිඩ සංධානයේ ඉල්ලීම මත කිලිනොච්චි සොහොන් බිම් කලාපයෙන් හමුදාවට ඉවත් වීමට සිදුවිය. එහි ප‍්‍රතිඵලය වූයේ කැබලි බවට පත්ව තිබූ කොටි සොහොන් කොත් ඒකරාශීකර කොටි සමරු උත්සව පැවැත්වීමට උතුරේ කොටි ක‍්‍රියා කිරීමයි. එහිදී කිලිනොච්චි ව්‍යාපාරිකයකු රුපියල් හාරලක්‍ෂයක් වැය කර සෝලා විදුලි පහන් කිලිනොච්චි කොටි සොහොන් කුටියට ලබා දී ඇත.

එසේම යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු 2016 දෙසැම්බර් 24 දා කිලිනොච්චි දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව වෙත එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කරමින් කොටි සොහොන් භූමි පූජනීය ස්ථාන ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කෙරුණි.

මේ අතරේ 2015 ජුලි මස උතුරේ කොටි හිතවාදීන් මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ වෙත පැමිණිල්ලක් කරමින් හමුදාව බුල්ඩෝසර් යොදවා මහාවිරු සොහොන් භූමි 20 ක් වනසා ඇතැයි කියා සිටියේය. මෙයට ප‍්‍රතිචාර දැක්වූ නවිපිල්ලේ පැවසුවේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

මේ අතර කොටි සුසාන භූමි පූජනීය ස්ථාන කළ යුතු යැයි යෝජනා කළේ කරච්චි ග‍්‍රාමීය සංවර්ධන සමිතියේ සභාපති ජෙයකුමාර් බව හෙළි විය. එම යෝජනාව ස්ථිර කළේ ඉරණමඩු ගොවි සමිති සම්මේලනයේ ලේකම් සිවමෝහන්ය. මෙරට ඉතිහාසයේ කිසිම අවස්ථාවක සුසාන භූමි පූජනීය ස්ථාන බවට ප‍්‍රකාශ කර නැත. කොටි සංවිධානය අවසන් වරට මියගිය ත‍්‍රස්තයන් සමරනු ලැබුවේ කිලිනොච්චියෙයි. ඒ 2007 නොවැම්බර් 27 දායි. ප‍්‍රභාකරන් එම සමරුවේදී පැවසූවේ කළුකොටි 81 ක් කළු කොටි කාන්තාවන් 18 ක් කොටි 169 ක් සහ කොටි කාන්තාවන් 72 ක් මරුමුවට පත් වී ඇති බවත් ඔවුන්ගේ සිරුරු මහාවිරු සුසාන භූමියේ වළ දමා ඇති බවත්ය.

මේ පසුබිම මැද 2017 දී උතුරේ ස්ථාන කීපයක මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරීමේ තොරණ ඉදිකරද්දී හමුදාවට සිදු වූයේ බලාසිටීමටය. මෙහිදී කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු ත‍්‍රස්තයන් සැමරීම ගැන වචනයක්වත් පවසන්නේ නැතිව මළවුන් සැමරීමට ඉඩදිය යුතු බවට ප‍්‍රකාශ කරනු ලැබීය.

යහපාලන රජය සමයේ වැල්වැටිතුරේ නගරයේ ඊළාම් ධජයද ඔසවා තිබුණි. මෙලෙස 2007 දක්වා ප‍්‍රභාකරන් ජීවත්ව සිටියදී මහාවීර්නාල් නමින් සැමරෙද්දී එය දිගටම ගෙන යෑමට ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් සහ සිවාජිලිංගම් ඇතුළු කොටි හිතවාදීහු ක‍්‍රියා කළහ.

මේ අතර ශංකර්ගේ නියෝජ්‍ය නායකයා වූ කුශාන්තන් හෙවත් ගුෂාන්තන් මාස්ටර් නමැති ත‍්‍රස්තයා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට එවීමට මේජර් ජනරාල් සුමිත් මානවඩු ක‍්‍රියා කළේය. එහෙත් යහපාලන රජයේ ත‍්‍රස්ත මර්දන ඒකකය ඔහුට නඩු ගොනු කළේ නැත. දිනක් ගුෂාන්තන් නිදහස් විය. නිදහස් වූ ගුෂාන්තන් සිය මව පදිංචි ප‍්‍රංශයට ගියේය.

මෙවන් පසුබිමක් මැද 2019 වනතුරු උතුරේ කොටි සැමරුම් දියත් කළ කොටි හිතවාදීන්ට මෙවර වැරදුණි. රජය කොටි සැමරීමට ඉඩ නොදෙන බව දන්වමින් මියගිය කොටි ත‍්‍රස්තයකු වූ පණ්ඩිතිරන්ගේ මව මහේෂ්වරී යාපනය මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ක‍්‍රියා කළාය. ඊට සමගාමීව කෝපායි ඇතුළු අධිකරණ හතරක තවත් නඩු කීපයක්ද ගොනු විය. මෙහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් කළ තර්කය වූයේ කොරෝනා නීතිරීතිවලට මුවාවී රජය මහාවිරු සැමරුම් පැවැත්වීමට ඉඩ නොදෙන බව දැක්වීමයි.

මෙම නඩු ගොනු කිරීමට පෙර උතුරේ සිට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙතද පෙත්සම් යොමු විය.

මේ අතර උතුරේ අධිකරණය කොටි මහවිරු සමරුම තහනම් කිරීමේ ඓතිහාසික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ යාපනය පලාත්බද මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් පේ‍්‍රමශංකර්ය.

මහේෂ්වරී නමැත්තිය පැවරූ නඩුව වෙනුවෙන් පෙනීසිටියේ ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී සුමන්තිරන් ඇතුළු නීතිවේදීන් දස දෙනෙකි. මෙයට පෙර විනිසුරු සරත් අඹේපිටිය මහතා කොටුවේ මහ බැංකු බෝම්බය සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් වසර 200 කට සිරයට නියම කළේය. එම නඩුබේදී හිටපු ත‍්‍රස්ත මර්දන පොලිස් පරීක්‍ෂක නිලවේදීන් සිය දිවි නොතකා ප‍්‍රභාකරන්ගේ ඇ`ගිලි සටහන් සොයාගත් අයුරු අධිකරණය හමුවේ අනාවරණය කළේය.

එහෙත් එවකට පැවැති එ. ජා. ප. රජය නිලබ්දීන් කෙරේ තැකීමක් කළේ නැත. මේ අතර මහේෂ්වරී වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි සුමන්තිරන් ඇගේ නිවසට ගොස් මියගිය කොටි ඝාතකයා වූ පණ්ඩි තිරන් වෙනුවෙන් බුහුමන් දක්වනු ලැබීය. මෙය බලලා මල්ලෙන් එළියට පැන්නා යන කියමනට සමානය. පණ්ඩිතිරන් වෙනුවෙන් බුහුමන් දැක් වූ සුමන්තිරන් කොටි සංවිධාන ඝාතනය කළ ද්‍රවිඩ දේශපාලකයන් 35 කට අධික සංඛ්‍යාවකට බුහුමන් දැක්වීමට ඉදිරිපත් වූයේ නැත. මේ පණ්ඩිතිරන් හෙවත් සින්නතුරෙයි රවීන්ද්‍රන් ප‍්‍රභාකරන්ගේ සගයෙකි. ඔහු 1985 වසරේදී මරුමුවට පත් විය. මෙවන් පසුබිමක් මැද 2017 යහපාලන රජය සමයේ උතුරේ කොටි හිතවාදීන් ත‍්‍රස්තයන් සමරන අවස්ථාවේ ගාමිණි වියන්ගොඩ නමැත්තා පැවසූවේ උතුරට විසඳුම් දිය යුතු බවත් එවිට සැමරුම් අහෝසි වන බවත්ය.

එසේම ආචාර්ය නිර්මාල් රංජිත් ප‍්‍රකාශ කළේ උතුරේ සැමරුම් ගැන දකුණේ ජනතාව කලබල නොවිය යුතු බවයි. මේ හැර එම වසරේදී කොටි කිලිනොච්චියේ මහ විරු යැයි හඳුන්වන ත‍්‍රස්තයන් සැමරීමට පැමිණි අවස්ථාවේ එම ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ පැවසුවේ ඒ සඳහා ප‍්‍රාදේශීය සභාවෙන් අවසරය ගත යුතු බවයි. මේ සිද්ධිය මානුෂිකව බැලිය යුතුයි. මම මේ ප‍්‍රදේශයේ උපන්නේ නම් මමත් ඔබලා කළදේම කරනවා. විපතට පත් වූවන් තමන්ට ඇති වේදනාව දන්නවා යැයි එම පොලිස් නිලධාරියා තවදුරටත් පවසා ඇත. එහෙත් මේ පිරිස සැමරීමට උත්සාහ කරන්නේ බිහිසුණු ඝාතකයන් බව පොලිස් නිලධාරියාට අමතක වී ඇත.

මෙලෙස කොටි හිතවාදීහු උතුරේ කොටි සමරු උත්සව පවත්වන සමයේ යහපාලන රජය රණවිරු සැමරුම අවලංගු කරනු ලැබීය. එකල යහපාලන රජයේ බලධාරීන් පැවසුවේ රණවිරු සැමරුම පැවැත්වීම ද්‍රවිඩ ජනතාවගේ සිත් රිදවීමක් බවයි. මේ අන්දමට ජර්මානුවන් පැරදවීමේ සංවත්සරය අවලංගු කිරීමට රුසියානු ජනපති ක‍්‍රියා කළේ නැත. ජයග‍්‍රහණයේ දිනය පැවැත්වීමෙන් ජර්මානුවන්ගේ සිත් රිදවීමත් සිදුවන බව ජනාධිපති පුටින් ප‍්‍රකාශ කළේ නැති බව කිව යුතුයි. මේ අතර මහාවීර්නාල් හෙවත් බිහිසුණු කොටි ඝාතකයන් සැමරීමට මුල් වී ඇත්තේ ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ මන්ත‍්‍රී කජේන්ද්‍රන්, එම පක්‍ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් ඇතුළු කරච්චි ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ය. මෙහිදී ශ‍්‍රීධරන් විවාහ වී සිටින්නේ කා සමඟද යැයි නිරීක්‍ෂණය කළ යුතුයි. ඔහු විවාහ වී සිටින්න් යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සොහොයුරිය සමඟය.

මේ අතර වරක් සෙබළුන් 10000 ක් පෙට්ටිවලින් උතුරේ සිට කොළඹට එවන බවට තර්ජනය කළ සෙල්වරාජා කජේන්ද්‍රන් නමැති ද්‍රවිඩ මන්ත‍්‍රීවරයා මෙවර රජයට අභියෝග කරමින් නුඹලා මරා දැමූ ද්‍රවිඩයන් සැමරීමට නුඹලාගෙන් අවසර ගන්නේ කුමකටදැයි ප‍්‍රශ්න කර ඇත.

එසේ වුවත් යාපනය කයිට්ස් තෝපායි සහ වවුනියාව යන ප‍්‍රදේශවල අධිකරණ වෙත ගොනු වූ මහාවිරු සමරු පෙත්සම් නිෂ්ප‍්‍රභ විය. මින් වව්නියා අධිකරණය වෙත ගොනු වූ කොටි සමරු පෙත්සම ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී චාල්ස් නිමලනාදන් විසින් යොමු කර තිබුණි. එහෙත් කොටි ත‍්‍රස්තයන් විසින් ඝාතනය කළ කෝපායි මන්ත‍්‍රී අලාලසුන්දරම් ඒ. තංගතුරෙයි අමිර්තලිංගම්, යෝගේශ්වරන් යාපනය නගරාධිපතිනි සරෝජිනී යෝගේශ්වරන්, යාපනය නගරාධිපති පොන් සිවපාලන්, නීලන් තිරුචෙල්වම් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් 43 ක් සැමරීමට ද්‍රවිඩ සංධානය ක‍්‍රියා කළේ නැත.

මේ හැර කොටි සමරු උත්සව සඳහා අවසර දෙන ලෙස උතුරේ අධිකරණවලින් ඉල්ලා ඇත්තේ අහිංසකයන් පිරිසක් අනුස්මරණය කිරීමටද? මේ අහිංසකයන් යැයි හඳුන්වන ත‍්‍රස්තයන්ගේ පැටිකිරිය අප ජනතාවගේ දැන ගැනීම සඳහා හෙළි කරන්නෙමු.

පුත්තලම් සමූල ඝාතනය (1976 පෙබරවාරි 21)

කෝකිලායි සමූල ඝාතනය (1984 දෙසැම්බර් 1)

කෙන්ට්පාම් ඩොලර් පාම් සමූල ඝාතනය 1984 නොවැම්බර් 30

අනුරාධපුර සමූලඝාතනය (1985 මැයි 14)

අලූත්ඔය සමූලඝාතනය (1987)

මධ්‍යම බස් නැවතුම් පළේ බෝම්බ පිපිරීම (1987 අපේ‍්‍රල් 21)

අරන්තලාව භික්ෂු ඝාතනය (1987 ජුනි 21)

පොලිස් නිලධාරීහු 600 ක් සමූලඝාතනය (1990 ජුනි 4)

ගෝමරන්කඩවල සමූලඝාතනය (2006 අපේ‍්‍රල් 23)

ශ‍්‍රී දළදා මාලිගාවට ප‍්‍රහාර එල්ල කිරීම (1998 ජනවාරි 25)

මේ අතර ලන්ඩන් නුවර කොටි ත‍්‍රස්තයන් සැමරීම සිදු විය. කොටි ධජද ලන්ඩන්හි ද්‍රවිඩ කඩ සාප්පුවල ඔසවා තිබුණි. බි‍්‍රතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වුවත් කොටි ධජ ප‍්‍රදර්ශනයට එරෙහිව ලන්ඩන් පොලිසිය පියවරක් ගත්තේ නැත.

මේ අතර වසර 11 කට පසු වන්නි මෙහෙයුම ගැන තවත් රහසක් හෙළි විය. ඒ හිටපු ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා එම මෙහෙයුම නතර කරලීමට දැරූ උත්සාහයයි. මේ බව හෙළි වූයේ ඔබාමාගේ ග‍්‍රන්ථයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවේ සිදු වූ වාර්ගික සංහාරය නතර කිරීමට අපොහොසත් වූ බවත් සිවිල් ජනතාව සිටින ප‍්‍රදේශවලට බර අවි භාවිත කිරීමෙන් වළකින ලෙස නියෝග කළ බවත් ඔබාමා පවසා ඇත.

එහෙත් එක්සත් ජාතීන්ගේ අවසරයකින් තොරව බරක් ඔබාමා පාකිස්තානය වෙත නාවික සීල් භට පිරිසක් යවා අල්කයිදා නායක බින් ලාඩන් ඝාතනය කළේ කෙසේද? එසේම ඇප්ගනිස්තානයේ සිටි ඇමෙරිකානු හමුදා සිවිල් වැසියන් ඝාතනය කළ බව දැන් සනාථ වී ඇත. මේ ගැන පරීක්‍ෂණ කිරීමට බරක් ඔබාමා ඉඩ දුන්නේ නැත.

මෙම පසුබිම මැද වසර 11 කට පසු තවත් රහසක් හෙළි විය. 2009 දෙසැම්බර් 18 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යක්‍ෂිකා ජේන් කොනර් එවකට ජිනීවා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න වෙත ලිපියක් එවමින් කොටි පොලිස්පති නඬේසන් සාම ලේකම් කාර්යාලයේ ප‍්‍රධානී පුලිතේවන් නැගෙනහිර කොටි හමුදා නායක රමේෂ්, සහ නඬේසන්ගේ බිරිය වූ විනිතා ඇතුළු කොටි හමුදා නායකයන් මරුමුවට පත් වූයේ කෙසේද යන්න හෙලි කරන ලෙස ඉල්ලීමයි.

මෙයට සමානව අල් කයිදා නායක බින්ලාදින් මරුමුවට පත් වූයේ කෙසේද යන්න දක්වන ලෙස මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලෙයි ඉල්ලීමක් කළත් ඇමෙරිකානු තානාපතිවරයා බින්ලාදින් ත‍්‍රස්තයෙක් යැයි පවසා නිහඬ විය. මේ සතියේ ආරක්‍ෂක විශේෂාංගය වෙත හෙළි වූ තවත් තොරතුරක් නම් බි‍්‍රතාන්‍ය රජය ශ‍්‍රී ලංකාවට එරෙහිව 30/1 ජිනීවා යෝජනාව හෙවත් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා 2021 මාර්තු මස ඉදිරියට ගෙනයෑමට ක‍්‍රියා කරන බවයි. මේ සඳහා කැනඩාව, ජර්මනිය, මොන්ටි නීග්‍රෝ මැසිඩෝනියාව යන රටවල් දායක වී ඇත. බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ප‍්‍රධානී නීජල් ඇඩම්ස් විසින් පාර්ලිමේන්තුව අමතමින් ඇත්ත දැන ගැනීමට ජිනීවා යෝජනාව අවශ්‍ය බව පැවසීමෙන් බි‍්‍රතාන්‍යයේ ඉදිරි ක‍්‍රියා කලාපය අනාවරණය විය. එහෙත් බි‍්‍රතාන්‍ය රජය ඇත්ත වසන් කර තිබේ. වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6000 ක් 7000 ක් බව එවකට මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ක‍්‍රියා කළ ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් තම රහස් ලියවිලිවලින් හෙළි කර තිබුණි. මේ රහස් ලියවිලිවලින් වන්නි මෙහෙයුමේ අවසාන සතියේ ලියවිලි බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයෙන් අතුරුදන් වී ඇත. මේ රහස් ලියවිලි අතුරුදන් කළේ හිටපු බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති ඬේවිඞ් මිලිබෑන්ඞ් බව සැක කෙරේ.

ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ලූතිනන් කර්නල් ගෑෂ්ගේ රහස් ලියවිලිවල මෙරට ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුව නැති බව සඳහන් වී තිබූ බවයි. එම රහස් ලියවිලි කිසිදු ආණ්ඩුවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැත. මේ නිසා කොටි හිතවාදීන්ට ශ‍්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩයන් සමූලඝාතනය කළ බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීමට හැකි විය.

මේ අතර ඇමෙරිකානු කොන්ග‍්‍රස් සභාව වෙත ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ඉදිරිපත් විය. මේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බ්‍රෙඞ් ශර්මන් සහ ජැසී රැන්කින්ය. එම යෝජනාවෙන් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් අතුරුදන් වූවන් ගැන ඇමෙරිකාව සමඟ එක්ව පරීක්‍ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ඇත. ඇමෙරිකාවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් පත්වීමට නියමිතව තිබියදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ මේ කොන්ග‍්‍රස් සභිකයන් දෙදෙනා කවුද? මේ කොන්ග‍්‍රස් සභිකයන් දෙදෙනාම නව ජනපති බයිඩන්ට හිතවත් ඩිමෝක‍්‍රටික් පාක්‍ෂිකයන්ය. මින් තහවුරු වන්නේ ජෝ බයිඩන් ජනපති වීමට පෙර ඇමෙරිකානු කොටි ඩයස් පෝරාවේ දැඩි බලපෑම් මැද ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයන් ශ‍්‍රී ලංකා විරෝධී මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

මේ ඇමෙරිකානු යෝජනාව 2015 සැප්තැම්බර් මස සම්මත වූ 30/1 ජිනීවා යෝජනාවට සමානය. මෙහි තවදුරටත් දක්වා ඇත්තේ මානව හිමිකම් ආරක්‍ෂකයන් මාධ්‍ය පාර්ශව සහ සිවිල් ක‍්‍රියාකාරීන් මර්දනය නතර කරන ලෙසයි. ඇමෙරිකානු යෝජනාව පසුගිය 19 දා ප‍්‍රකාශයට පත් වූ අතර ඊට පෙර විපක්‍ෂයේ මුස්ලිම් දේශපාලනඥයකු රජය මාධ්‍ය පාර්ශව 200 කගේ ලැයිස්තුවක් සකස් කර ඇති බව දක්වා තිබුණි. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේ මෙන්ම මාධ්‍ය පාර්ශ්ව ලැයිස්තුවක් සකස් වී තිබූ බවට බොරු ප‍්‍රචාරයක් දියත් විය. ඒ සමගම නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායමේ අයෙක් මෙරටින් ඇමෙරිකාවට පැනගොස් සති කීපයකින් පසු ආපසු මෙරටට පැමිණියේය. මේ අතර අතුරුදන් වූවන් ගැන දක්වමින් බ්‍රෙඞ් ෂර්මන් සහ ජැසී රැන්කින් ඉදිරිපත් කළ යෝජනාව තුළින්ද දඬුවම් කිරීමට උත්සාහ කර ඇත්තේ හිටපු හමුදා නිලධාරීන්ටය. ඒ බව සනාථ වන්නේ අතුරුදන් කිරීම්වලට වගකිවයුතු අයට දඬුවම් කිරීම සඳහා ඇමෙරිකාවේ සහාය ලබාගන්නා ලෙස ශ‍්‍රී ලංකාව වෙත කියා සිටීමයි.

 



92 Viewers