මහින්ද සහ අර්චූනා

ඊයේ පෙරේදා ගොඩක් අය ලියපු හින්දා දවසක් දෙකක් පහුවෙලා මේක ගැන ලියන්න හිතුනා.
මහින්ද කොටියෙක් වෙලාලු… කොටිත් එක්ක එකතු වෙලාලු..

මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මහින්දගේ වේදිකාවට ඇවිල්ල කතාවක් කරලා..

අපිට නම් ඒක එච්චර දැනුනේ නෑ..
මොකද ඔයට ඉස්සෙල්ලා මහින්දත් එක්ක ඔයිට වැඩිය ලොකු කොටි එකතුවෙලා තියෙනවා..

ප්‍රභාකරන්ට හිටපු ලොකුම ප්‍රහාරක අණදෙන්නා, ප්‍රභාකරන් උතුරේ වැටෙනකොට නැගෙනහිර ඉඳලා උතුරේ කොටි හමුදාවට අණ දෙන්න ගෙන්න ගත්ත ,
නොනවතින රැල්ලෙන් අපිට ගහලා ,
අවුරුද්දක් ගහලා අපි අල්ලගත්ත,
කිලෝමීටර් හැට ගානක් පැය 48ක් 72 ක් ඇතුලත අපට අහිමි කරන්න කොටින්ට අණදුන්න කරුණා අම්මාන්,

ඔහුගේ දෙවැනියා සිවනේෂන් චන්ද්‍රකාන්තන් ( පිල්ලෙයාන් ) මහින්දත් එක්ක එකතු වුණා..

ඒ එකතු වුනේ මීට බොහොම කාලෙකට කලින්..
එතකොට අපේ හමුදාව එල්ටීටීඊ සංවිධානය පරාජය කරලත් නෑ..
සටන දරුණුවට යන කාලේ තමයි ඔවුන් මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වුණේ..

ඒ එකතු වෙලා ඔවුන් නිකන් හිටියේ නෑ..
නැගෙනහිරින් එල්ටීටීඊ මිනීමරු ත්‍රස්තවාදය පරාජය කරලා දාන්න අපි හමුදාවන්ට උපරිම සහය දුන්නා..
ඔවුන්ගේ සාමාජිකයන් හමුදාවේ සහාය ඇතුව එල්ටීටීඊ සංවිධානයට පහර දුන්නා..

හිටපු හමුදාපතිවරයත් ඉස්සර මාධ්‍ය සාකච්ඡාවකදි කිව්වා ,
ඒ එල්ටීටීඊයෙන් කැඩිලා ආපු කණ්ඩායම්වල සහය එල්.ටී.ටී.ඊ.යට පහර දෙන්න
අපේ හමුදාවට අමතර වාසියක් වුණා කියලා..

ඒ වගේම එල්ටීටීඊ සංවිධානය සතු යුධ රහස් ඔවුන්ගේ බිඳීයාමෙන් හමුදාව අතට පත්වුණා..

හැබැයි ඔවුන් එල්ටීටීඊ සංවිධානයත් එක්ක ඉන්නකම්,
කරුණට පිල්ලෙයාන්ට මොකුත් නොකියපු අය ඔවුන් එල්ටීටීඊ සංවිධානයෙන් කැඩිල ආවට පස්සේ,
මහින්ද රාජපක්ෂට එකතු වුණාට පස්සේ,
විවේචනයට ප්‍රහාරයට ලක් කරන්න පටන් ගත්තා…

කරුණා අම්මාන්ලා පිල්ලියාන්ලා එල්.ටී.ටී.ඊ.
එකෙන් කැඩිලා මහින්දත් එකතු වුණාට පස්සේ තවදුරටත් කිසි විටෙක ඊලම වෙනුවෙන් පෙනී හිටියේ නෑ..

රට බෙදීම වෙනුවෙන් පෙනී සිටියේ නෑ..

ඔවුන් එක රටක් වෙනුවෙන් පෙනී හිටියා..
ඒ රට බෙදනවට විරුද්ධව පෙනී සිටියා..
ඒ රට බෙදෙන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ආයුධ අරගෙන හමුදාවත් එක්ක එකතුවෙලා සටන් කරා..

ඒක නිසා ඔවුන්ගේ සාමාජිකයන් විශාල පිරිසක් එල්ටීටීය විසින් මරා දැම්මා..

ප්‍රභාකරන් නන්දිකඩාල් වලදී මරලා දාපු වෙලාවේ ඔහුගේ මරණය අඳුරගන්න එතෙන්ට ආරක්ෂක හමුදා ප්‍රධානීන් එක්කත් කරුණා අම්මාන් ගියා.

ඔහු බෙදුම්වාදින්ගේ දැඩි වෛරයට ලක්වුනා..
ඒ වගේම දකුණේ ඉන්න බෙදුම්වාදීන්ට කඩේ යන එවුන්ගේ වෛරයට ලක්වුනා..

එල්ටීටීඊ සංවිධානයත් එක්ක ඉන්නකම් කරුණලට පිල්ලෙයාන්ලට මුකුත් නොකියපු අපේ මේ පැත්තෙ සමහරුන්ට ,
එල්ටීටීඊයෙන් ඔවුන් කැඩුනට පස්සේ තමයි අපරාධකාරයන් බවට පත්වෙන්න පටන් ගත්තේ…

අපේම හමුදාපතිවරයා අවසානයේ බෙදුම්වාදීන්ට කඩේ යන අයගේ උගුල් වලට අහු උනාට පස්සේ, අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා කියනකොට ,
කරුණා අම්මාන් ජාත්‍යන්තරයට කිව්වා ලංකාවේ යුද අපරාධ කළේ එල්ටීටීඊ සංවිධානය මිසක් ලංකාවේ හමුදාව නෙවෙයි කියලා..

එහෙම කියනකොට එල්ටීටීඊ සංවිධානයට වගේම ඒකට කඩේ ගිය මෙහේ එවුන්ටත් රිදුනා..

කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා ,
sri lanka ජාතික කොඩිය යට හිටගත්තා.
ජාතික කොඩියට ආචාර කළා.
ජාතික ගීයට හිස නැමුවා…

එහෙම නැතුව මහින්ද හරි,
මහින්දගේ නියෝජිතයෝ හරි ගිහිල්ලා ඊළාම් කොඩියට ආචාර කළේ නෑ..
ඒ කොඩිය ඉස්සරහ තියාගෙන අතට අත දුන්නේ නෑ..

මහින්දත් එක්ක එකතු වෙන කොටින්ට වෙන වැඩේ ,
ඔවුන් වෙනස් වෙන එක මිසක්,
මහින්ද වෙනස් වෙන එක නෙවෙයි..

එදා කරුණලා පිලෙලියාන්ලා තමන්ගේ පැත්තට ගත්තේ ,
මේ රටේ බිහිසුණු ත්‍රස්තවාදය විනාශ කරලා දාලා මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් බිහිකරන්න ඒකෙන් උදව්වක් ලැබෙන නිසා…

කරුණලා පිල්ලෙයාන්ලා අයින් වුනා කියලා එල්.ටී.ටී.ඊ.ය මිනී මරන එක නැවැත්තුවේ නෑ..
ඒක නැවතුනේ ප්‍රභාකරන් නැතුළු එල්ටීටීඊය විනාශ උනාට පස්සේ..
ජයග්‍රහණයෙන් පස්සේ, එල්.ටී.ටී.ඊ. මරණ වරෙන්තු ලැබිලා ,
ඒවට බිය වෙන්නේ නැතුව,
එල්ටීටීය පරාජය කරන්න අපට උදව් කරපු ඒ මිනිස්සු ,
එල්ටීටීඊ අපරාධකාරයන්ගේ ගොඩට දාන එක සුදුසු දෙයක් නෙවෙයි..

අනිත් නායකයෝ සමහරු කොටින් එක්ක ඔවුන්ට හිතවත් අය එක්ක සාකච්ඡා කරලා,
විවිධ වාසි ජයග්‍රහණ සඳහා,
උන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න එකඟ වෙනකොට,
මහින්ද කරන්නේ කොටින් එක්ක ඉන්න අය තමන් ළඟට අරගෙන,
රටේ ඒකීයභාවය වෙනුවෙන් වූ ,
න්‍යායපත්‍රය එකඟ වෙලා වැඩ කරන්නට,
එල්ටීටීඊයෙන් බිඳී එන පිරිස් එකඟ කරගන්නවා..

කරුණා අම්මන් පාර්ලිමේන්තුවා ආවේ ,
පිල්ලයාන් මහ ඇමැති වුණේ ,
ජනතා නියෝජිතයන් විදියට..
ප්‍රජාතන්ත්‍රවාදී විදියට..
එක රටක් පිළි අරගෙන ජාතික කොඩිය ජාතික ගීය පිළි අරගෙන..

ඒ විදිහට වෙනස් වෙන්න කැමති වෙන ඕනෙම කොටියෙක් එකතු වෙනවට අපි අකමැති නෑ.

පාර්ලිමේන්තුවට ආපු ගමන්
” මම කොටියා ….මගේ දෙවියො ප්‍රභාකරන් ….” කියපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අනුරාධපුරේදී කිවුවේ ,
“..තවත් මම රටවල් දෙකක් වෙනුවෙන් කතා කරන්නේ නෑ..
රට කැඩීම වෙනුවෙන් කතා කරන්නේ නෑ…
අපේ මිනිස්සුන්ට මම ගිහින් කියන්නේ අපි දකුණු මිනිස්සුත් එක්ක එකට ඉඳිමු කියලා.
දකුණෙන් බිහිවුණ නියම නායකයා මහින්ද රාජපක්ෂ” කියලා..

ප්‍රභාකරන් මගේ දෙවියො කියපු කෙනෙක් මේ විදියට කියන එක නරක වැඩක් ද…?

වයස අවුරුදු 80 පන්නලා,
සෞඛ්‍ය තත්ත්වය පිරිහිලා,
කලින් තිබිච්ච ජව සම්පන්න බව නැති වුනත්, මහින්ද ළඟට එන කොටින්ට හිතවත්ව සිටින අයට අදත් වෙන්නේ ඒක තමයි..

තවදුරටත් බෙදුම්වාදී සංකල්ප හිතේ තියාගන්නේ නැතුව ,
සැඟවුණු න්‍යාය පත්‍ර තියාගන්නේ නැතුව ,
ආයුධ අතට ගන්නේ නැතුව,
රට කඩන පිටරටවල්වල ඉන්න එවුන්ට එරෙහි මතවාදයකට එකඟ වෙනවා නම් ,
උතුරේ ද නැගෙනහිරද දකුණද බටහිරද කියල නෑ.
ඒ ඕනෑම මනුස්සයෙක් එක්ක එකතු වෙන්න අපි දෙසැරයක් හිතන්න ඕන නෑ..

මට නම් හිතෙන්නේ එහෙමයි…..



4 Viewers