මහින්ද සහ ඉංදියාව

ඉන්දියාවට මහින්ද ගැන අලුත් උනන්දුවක් ඇති වී තිබේ යැයි කීම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව අබමල් රේණුවක් නොසලකා කරනු ලබන ප්‍රශස්තියක් පමණි. සුබ්‍රමනියම් හරහා ඉන්දියාව ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ට මහින්ද පිළිබඳව ඇති වුවමනාව නොව ලංකාව ගැන ඇති උවමනාවයි. භූ දේශපාලනය තුල ඉන්දියානු සාගරයේ ලංකාවේ පිහිටිම පිළිබඳව ඉන්දියාවේ උපායමාර්ගික ස්ථානගත කිරිමයි. සෝවියට් දේශය බිඳ වැටිම තුල ඉදිරියට එන චීනයට එරෙහිව එක්සත් ජනපදය සමග ඇති කර ගෙන ඇති කූඨ එකඟතාවයන්‍ ය.

2015 ජනවාරි 08 දේදුනු සන්ධානය බලයට පත්කිරිමට ඉන්දියාවට තිබු උවමනාවට එහා ගිය ආදරයක් සෙනෙහසක් මහින්ද කෙරේ ඇති වීම බුද්ධියට ගෝචර නොවන සිහිනයක් පමණකි. ලංකාවට පුරුදු නැතිවුවද වෙනත් රාජ්‍යන් ඔවුන්ගේ ජාත්‍යන්තර සම්භන්ධතාවල ප්‍රමුඛතාවන් ,දිසානතිය හා උපාය මාර්ගයන් තීරණය කරන්නේ එම රටේ ජාතික අභිලාෂය මත පමණි. පෞද්ගලික හිතමිතුරුකම් හුදෙක් ප්‍රදර්ශනය සඳහා පමණි.

මේ වන විට ඉන්දියාව ප්‍රමුඛ යහපාලන තිරරචකයන් මුහුණ දී ඇති අර්බුදය දළුලා වැඩෙන මහජන අප්‍රසාදය ඉදිරියේ මෛත්‍රීපාල – රනිල් සන්ධානය 2015 ජනවාරි ඉලක්කයන් කරා ළගා කර ගැනිමට අපෝහසත් වීමය. සරලව කියතොත් බෙදුම්වාදි ව්‍යවස්ථාව සම්මත කර ගැනිම මගින් දුර්වල ශ්‍රී ලංකාවක් බිහිකිරිමට මෛත්‍රීපාල – රනිල් ට මහජන විරෝධය ඉදිරියේ ඇති අපහසුතාවයි. යහපාලන දේදුනු සන්ධානය මේ වන විට අසාර්ථක හොද්දට දැමු කරපිංචා ගොඩකි.

දැන් ඉන්දියාවට අවශ්‍ය වන්නේ තමන්ගේ උවමනාව වඩා හොඳින් ඉටු කල හැකි අශ්වයකු සොයා ගැනිමයි. ඒ සඳහා විකිණිය හැකි හොඳම චරිතය මහින්ද රාජපක්ෂයි. 13+ හෝ වෙනත් ලේබල් එකක් යටතේ 2015 ජනවාරි උවමනාව ජයග්‍රහණය කරවීමට ඉන්දියානු අභිලාෂයන් උත්සහ දරනු ඇත.

රනිල් එක අඩියක් තබන විට අප ඒ ගැන බොහො විමසිල්ලෙන් සිටිමු. රනිල් අසාර්ථක වන්නේ සිංහල බහුතරය තුල ඔහු ගොඩනගාගෙන ඇති අවිශ්වාසය හේතුවෙනි. අපි මහින්ද විශ්වාස කරමු. ප්‍රශ්න නොකරමු. ඉන්දියානු අභිලාෂය පණගැන්වීම එයම ප්‍රමාණවත්‍ ධන සාධකයකි.

සුබ්‍රමනියම් ස්වාමිගේ සම්ප්‍රාප්තිය සොල්හයිම් හෝ රොබට් බෙලෙක් හා සමානව ගැඹුරින් සැලකිය යුතුය. භාරත රත්නය ට්‍රෝජන් අශ්වයකු විය හැකිය.

ස්වප්නයෙන් මිදි අවධානයෙන් අවධානම දුරලමු.



812 Viewers