මානව හිමිකම් උගුලට හිර කිරීමට නීතිඥ සංගමය වැඩ කරයිද? – ජාතික සංවිධාන
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ 57/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කිරීම කිරීම පිළිබඳව ජාතික සංවිධාන ප්‍රශංසාව රජයට ස්තුතිය පළ කර ඇත . ඒ සමගම නීතිඥ සංගමයේ නව සභාපති තුමාගේ යුධ චෝදනා අකල්පයට විරෝධය පළ කර ඇත.
ජාතික සංවිධාන එකමුතුවේ ්‍රියාකාරී න් සාමාජිකයෙක් වන වසන්ත බණ්ඩාර මහතා පවසන ආකාරයට, “මතුපිටින් බලන විට එය ඉතා හොඳ දෙයක්. මීට පෙර ගෝඨාභය රජයත් 46/1 සහ 51/1 යෝජනා ප්‍රතික්ෂේප කළා. නමුත් ශ්‍රී ලංකාවේ නියෝජිතයාගේ කතාව තුළ වෙනත් භයානක යෝජනාවක් හෙවත් පොරොන්දුවක් අන්තර්ගත වෙනවා. ඒ තමයි වගවීම සඳහා දේශීය යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සහ වැරැදිකරුවන්ට දේශීය අධිකරණය මගින් දඩුවම් කරන බවට පොරොන්දු වීම. එතන තමයි රහස එහෙම නැත්නම් ප්‍රශ්නය තියෙන්නේ.
ඒ හදන්නේ දේශීයව සත්‍ය සෙවීමේ කොමිසම සවිමත් කිරීම සාධාරණීයකරණය කිරීම සහ සමාජ අවධානයට ලක් වූ නඩු ප්‍රමාණයක් නැවත කරළියට ගෙන ඒමට. දැන් බළලා මල්ලෙන් එළියට පනිනවා. නිතිඥ සංගමයේ සභාපති කියනවා දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි, නැත්නම් ජාත්‍යන්තරව නඩු වැටෙනවා කියලා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එම්. සුහයිර් කියනවා කියනවා ජනාධිපති තුමාට එම උපදේශය පිළිපදින්න කියලා. මේ හදන්නේ ජනාධිපතිවරු 8 දෙනෙකු නොකළ පාවාදීම ජනාධිපති අනුර හරහා කරවීමටයි
24 Viewers





