• Home »
  • Articles »
  • මාලිමාවේ කොටි ඩයස්‌පෝරාව සහ ෆේඩරල් ඊලම

මාලිමාවේ කොටි ඩයස්‌පෝරාව සහ ෆේඩරල් ඊලම

රටවල් කෑලි වලට කැඩෙන්නෙ බලං ඉන්දැද්දී. මේවා ජාතීන් හැටියට බලය බෙදලා පස්සෙ කඩන් ගියපුවා.

අනුර දිසානායක කොටි ඩයස්පෝරාවේ කීමට රට ෆෙඩරල් කිරීමට යාමේ (ජාතිය අනුව බලය බෙදීමට) භයානක කම මේකයි!
අවුරුදු 2500 ක් තිස්සේ එක දිගට තිබුණ රටවල් නෑ. හැමෝගෙම දේශසීමා බෙදිලා තියෙනවා. බලය බෙදීම වෙන්වීමේ මුල් පියවර!

ඇමෙරිකාවෙ බලය බෙදුවට ජාතීන් හැටියට බලය බෙදලා නෑ. ඕස්ට්‍රේලියාවේ බලය බෙදුවට ජාතීන් හැටියට බලය බෙදලා නෑ.

අද මාලිමාවෙ පච කොට්ටච්චිලට ටිකට් අරන් දීලා රට පෙන්නලා ඕගොල්ලොත් මෙහෙම කරන්න කියන ස්විට්සර්ලන්තය ෆෙඩරල් රටක් වුනේ එකට තිබුණු රටක ප්‍රදේශ වලට බලය බෙදලා නෙවේ. වෙන්ව ග්‍රාමරාජ්‍ය හැටියට තිබුණ ප්‍රදේශ ටිකක් එක්කහු වෙලා. මේ ඕනෑම ෆෙඩරල් ප්‍රදේශයකට තමුන්ගෙ ජනතාවට ඕන නම් මහ රටෙන් වෙන් වෙන්නට පුළුවන්!

ලංකාවේ තාම බලය බාගෙට බෙදපු පලාත් සභා ටිකත් අල්ලන් ඉන්නේ ජනාධිපතිධූරය නිසා. අනුර දිසානායක යනකොට යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ ජනාධිපතිධූරය අහෝසි කළාම රට වෙන් වෙන්න පාර හැදෙනවා. දෙමළ යූටියුබ් චැනල් වලින් උස්සවලා තියලා මාලිමාවට උතුරේ ඡන්ද අරන් දුන්නේ ඒකට. අවුරුදු 30 ත් වෛරයෙන් යුද්ධ කරපු උන්ගෙ ඡන්දෙ ලැබුණම අනේ සහෝදරත්වයේ දෑත් කියන්න පුළුවන් සිංහල මෝඩයන්ටම තමයි!

දෙමළ නායකයො හැමදාමත් කීවෙ “අපේ අභිප්‍රායන්” ඉෂ්ඨ කරන්න කියලා (aspirations). ලෝකෙ ඒකට පිලිගැනීමක් තියෙනවා. මොකද්ද මේ “අපේ අභිප්‍රායන්” කියන්නෙ? “අපි වෙනම ජාතියක්” අපිට ඕන විදියට රට කරන්න අපිට අපේ පලාත දෙන්න කියලා. වෙන දෙයක් නෙවෙයි.

නැගෙනහිර මුස්ලිම්, උඩරට ඉන්දියානු දෙමළ! අභිප්‍රායන් කීයක් ඉටු කරන්න ඕනද? එහෙම කරාම මොකද වෙන්නෙ? සිංහලයට ඉන්න තැන නැති වෙනවා. සිංහලයගේ පැවැත්ම අනතුරට ලක් වෙනවා. ඒකට කියන්නේ existential threat කියලා. ඒකටත් ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. සිංහලයො ඒක දන්නෙ නෑ. තමුන්ගෙ කතන්දරේ තමුන්ට හදා ගන්න බෑ. මඩේ හිටවපු ඉනි වගේ!

අනතුර අත ළඟ!

– රනිල් ජයනෙත්ති



31 Viewers