මුලතිව් කදවුර

අද ජූලි මාසේ 18.. ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ දෙවන විශාලතම පරාජය විදිහට හඳුන්වන මුලතිව් කඳවුර අහිමිවෙලා අදට වසර 30 ක්. 1995 අති සාර්ථක රිවිරැස මෙහෙයුමෙන් යාපන අර්ධද්වීපය අහිමි වීමේ ලැජ්ජාව මකා ගන්න එවක LTTE සංවිධානය දියත් කරන ඔයාත අලෛගල් නොහොත් නොනවතින රැල්ල ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදිහට කොටි ත්‍රස්තවාදීන් 4000 කට අධික පිරිසක් සහභාගී වී ගොඩබිම් සැපයුම් මාර්ග නොමැති හුදෙකලා කඳවුරක් වු මුලතිව් කඳවුරට පහර දෙනවා. හමුදා සෙබළුන් 1400 කට අධික ප්‍රමාණයක් මිය යන මේ ඛේදවාචකය ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසය තුල ඛේදජනකම සන්ධිස්තානයක්. මුලතිව් ප්‍රහාරය ගැන ලියවිලි, සම්මුඛ සාකඡ්ඡා ඕනැ තරම් තිබෙනවා. නව වන සිංහ රෙජිමේන්තුව සහ හයවන විජයබා රෙජිමේන්තුව යන රෙජිමේන්තු ද්විත්වයක බටපිරිස්, ආධාරක අවි බලය නොමැතිව සමුල ඝාතනය වන විට නිවාඩු ගිය අණදෙණ නිළධාරියා සහ දෙවන අණදෙන නිළධාරියා සිය වගකීම් පැහැරහරින විට ඉතාමත් ඛේදජනක ලෙස ජීවිත 1400 කට අධික ප්‍රමාණයක් දින කිහිපයක් තුල අහිමි වෙනවා.
මුලතිව් කඳවුර අහිමිවෙලා අවුරුදු 30 ක් ගතවෙන දවසේ මේ ගැන ඕනෑතරම් ලියවිලි, පසුවිපරම්, කමිටු වාර්තා කියවන්න , නරඹන්න තියෙද්දි මේ කෙටි ලිපිය ලියන්නෙ මුලතිව් ප්‍රහාරය අවස්ථාවේ LTTE ත්‍රස්තවාදීන් කඳවුර අල්ලා ගත් පසුව ඉතිරිවී සිටින භට පිරිස්වලට යටත් වෙන්න, යටත් වුනොත් රතු කුරුසය ඔස්සෙ පවුල්වලට බාර දෙනවා යැයි සිංහල භාෂාවෙන් ඉල්ලීම් නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව යටත්වුන පිරිසද අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ කතාව ගැන මතක් කිරීමක් කරන්න.
1400 කට අධික පිරිසක් හිටිය මේ කඳවුරෙන් අවසානයේදි අසීරුවෙන් ජීවිතය ගලවාගන්නෙ හැටක පමණ පිරිසක්. ඒ වගේම මේ මිය ගිය සෙබළුන්ගේ සිරුරු හාරසීයක් පමණ එවක කිලිනොච්චියට ගෙනගොස් ජනතා ප්‍රදර්ශයනයක් සිදුකිරීමත් LTTE සංවිධානය විසින් සිදුකරනවා. මේවා සහාසික LTTE ඉතිහාසය තුල සත්‍ය වශයෙන්ම සිදුවු දේවල්. මේ කඳවුර අහිමි වීමේදි මිය ගිය සෙබළු අතිශය බහුතරයකගෙ සිරුරුවත් තමන්ගේ පවුල්වලට ලැබෙන්නෙ නෑ. ඒ බොහෝමයක් නම් අතුරුදහන් වුවන්ගෙ ලැයිස්තුවට යන්නෙ. ප්‍රහාරයේ පළමු දින කිහිපයේදීම කඳවුර අහිමිවෙලා සෙබළ ජීවිත සියල්ලම පාහේ අහිමි වුනත් ඒ ගැන පවුල්වලට දැනගන්න ලැබෙන ඊට බොහො කාලයකට පසුව. මුලතිව්වලට සිදුවුනේ කුමක්ද කියන්න එවක රජය තොරතුරු වාරණය කිරීමක් සිදුකරනවා. අදටත් මේ මිය ගිය බොහෝ දරුවන්, සහෝදරයන්, පියවරුන්ගේ සැමරීමට ඉතිරිව ඇත්තෙ නාම ලේඛනයන සළකුණු කල නම සහිත ඵලකයක් පමණයි.
උතුරේ ජනතාවගේ විමුක්තිය උදෙසා පෙනී සිටියා කියන, වර්තමානයේදි අහිංසක පුස් පැටවුන්ට සමාන කරන්න හදන්න ත්‍රස්ත ඉතිහාසයේ පැතිකඩක් මේ.
උතුරේ විමුක්තිය ගැන සටහන් කරන විට LTTE සංවිධානය උතුරේ හඬ ලෙසත්, මෙවන් යුධ අපරාධ ගැන කතා කරන විට උතුරේ විමුක්තියෙන් LTTE සංවිධානය වියුක්තව ගෙන කතා කිරීමක් වර්තමානයේත් නිතර සිදුවන්නක්. මේවා බොහෝ වෙලාවට සැමරීම් සිදුකරන අවස්ථාවල එලිබහින දෙබඩි පිළිවෙත්.
මුලතිව් ප්‍රහාරයට වසර 30 ක් ගෙවෙන මේ මොහොතේ එම කඳවුරේ නැතිවු ජීවිත 1400 ත්, එය ගලවා ගැනීමේ මෙහෙයුමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව දිවිපිදු කර්නල් ෆස්ලි ලෆීර් ඇතුලු විශේෂ බලකායේ රණවිරුවන් සියළු දෙනාටත් පැතූ සුගතිය හිමි වේවායි ප්‍රාර්ථනා කරමි.
“The stupid neither forgive nor forget, the naive forgive and forget, the wise forgive but do not forget”
30 Years Since the Fall of Mullaitivu Camp
Today, July 18, marks the 30th anniversary of the fall of the Mullaitivu Army Camp, widely regarded as the second-largest military defeat in the history of the Sri Lanka Army.
Following the successful Operation Riviresa in 1995, which resulted in the loss of the Jaffna Peninsula by the LTTE, the organization launched Operation Oyatha Alaigal (Unceasing Waves) in an effort to regain the initiative. More than 4,000 LTTE fighters attacked the isolated Mullaitivu camp, which had no land supply route.
The battle became one of the darkest chapters in Sri Lanka Army history, with more than 1,400 soldiers losing their lives.
Much has been written and discussed about the Mullaitivu attack through books, interviews, committee reports, and historical accounts. This post, however, seeks to remember another painful aspect of the tragedy. According to numerous accounts, after the camp had fallen, announcements were reportedly made in Sinhala calling on the remaining soldiers to surrender, assuring them that they would be handed over to their families through the International Committee of the Red Cross. It is alleged that many who surrendered were subsequently killed and their bodies burned.
Of the more than 1,400 personnel stationed at the camp, only around sixty managed to escape with their lives.
Reports also state that approximately 400 bodies of fallen soldiers were taken to Kilinochchi and publicly displayed by the LTTE. Many of those who perished were never returned to their families, and numerous soldiers remained listed as missing. Although the camp had fallen within the first few days of the assault, many families did not learn the fate of their loved ones until much later. At the time, information about the incident was heavily restricted.
Even today, for many of those sons, brothers, husbands, and fathers, all that remains is a memorial bearing their names.
This is a chapter of LTTE history that should not be forgotten. While discussions about the conflict often focus on liberation or political aspirations, it is equally important to remember the suffering, loss of life, and alleged atrocities experienced by countless victims.
As we mark 30 years since the Mullaitivu attack, I respectfully remember the more than 1,400 soldiers who lost their lives, together with Colonel Fazly Lafir and the Special Forces personnel who voluntarily took part in the rescue operation and made the ultimate sacrifice.
May they all attain the supreme peace they so richly deserve.
“The stupid neither forgive nor forget, the naive forgive and forget, the wise forgive but do not forget.”
සුපුන් ජයවීර
3 Viewers





