• Home »
  • Sinhala »
  • මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර නාම පුවරු පොලිසිය බලා සිටියදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවයි…

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර නාම පුවරු පොලිසිය බලා සිටියදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවයි…

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම 2019.06.14 දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය.

මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එකවරම මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් විසින් අදාළ නාම පුවරු දෙකම ගලවා දැමූ බවත් නාම පුවරුව ගලවන අවස්ථාවේදී මුලතිව් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සිටි බවට විහාරාධිපති හිමියන් පැවසීය.

ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාමපුවරුව ගලවන අවස්ථාවේදී ඒ පිළිබඳව විමසීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ අදාළ නාම පුවරු ඉදිකොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියේ බවත් ප්‍රධාන මාර්ගයේ සිට අඩි 15කට එපිටින් නාමපුවරු ඉදිකළ යුතු බවටත්ය.

2019.06.14 දින නාම පුවරුව ඉවත් කිරීමෙන් පසුව පන්සලේ නාම පුවරුවක් නොමැති බවටත් ඉතිරිව ඇත්තේ පසුගියදා අධිකරණ නියෝගයකට අනුව දේවාලයේ නම් කරන ලද නීරාවියඩි පිල්ලයාර් කෝවිලේ නම පමණක් බවද විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් වැඩිදුරටත් පැවසීය .

tempFileForShare_20190615-102734



545 Viewers