මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය
මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. එදා ගුරැකන්දේ ස්වාමින්වහන්සේ මේ උරැමය රැකගන්න මහත් වෙහෙසක් ගත්තා. අන්තිමේ උන්වහන්සේ රොගාතුරව අපවත් වුනා. ඒ අපවත් වූ වේලාවේ උන්වහන්සේ ගේ දේහය උතුරට රැගෙන ඒම වැලැක්වීමට දෙමල සංදානයේ මන්ත්‍රීවරැ සංවිදානත්මකව සැලස්මක් රැගෙන ගියා. මුලතිව් පොලීසියේ පලමුව පැමිණිල්ලක් දැම්මා. අන්තිමට එයින් නොනැවති දේහය උතුරේ නායාරැ ගුරැකන්දේ රජමහාවිහාරයේදි ආදාහනයට එරෙහිව මුලතිව් අදිකරනයේ නඩුවක්ද ගොනු කලා. ඒ වෙලාවේ මෙරට ජාතිමාමක බලවේග මහත් සංවේගයෙන් බලා සිටියා . මොකද වෙන්නේ කියලා. දෙමල අන්තවාදි කන්ඩායම් උතුරේ සටනක් අවුලවන්න බැලුවා. සිංහල දෙමල ගැටුමක් දක්වා වුවද යාහැකි මට්ටමට එම ආදාහනය දිනයේදි සැලසුම් වෙලා තිබුණා. උතරේ සිට ගැටුම නිර්මාණය සදහා සංවිදානත්මක කණඩායමක් බස් රථ වලින් ගුරැන්කද නායරැ වලට එවා තිබුනා. එදා රට හතර වටින් ම මහා සංඝරත්නය වැඩම කලා. ඥානසාර හිමියන්ද වැඩම කර තිබුනා. එදා මුලු ලංකාවෙන්ම මුලු පාර්ලිමේන්තුවම නියෝජනය කරමින් පක්ශ විපක්ශ නියෝජනය කරමින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහබාගි වී සිටියේ නැහැ. මගේ හදවත කඩාවෑටි තිබුණ මොහොතක් ඒ මා තනියෙන්ම මහා රෑම මොනරාගල වෙල්ලස්සේ සිට උතුරට යන්න තීරණය කලා.
මෙය ලියන විටත් අතේ හිරගඩු පිපෙනවා වගේ. පාන්දර 6.00 වන විට පුල්මුඩේට ආවා. ජාතිකාවදි සටනක් තිබෙන බව දැනුනා. හදවතේ තිබුනේ ශ්‍රද්ධාවයි ජාතික හැගීමයි පමණයි. ඒ වෙලාව මට දැනුනේ පක්ශ දේශපලනයට එහා ගිය දෙයක්. මහා වගකීමක් තිබුණා. කිසිදු ලේ හැලීමක් සිදුවිය යුතු නැති බව හදවතේ ගැඹුරේම තිබුනා. ටැම්ල් වෙබ් අඩවි සජීවීව ආදාහනය විකාශනය කලා. මහා අනෝරා වැස්සේ අපේ වැලිඔය සිංහල මිනිස්සු ගුරැකන්දේ නායකහිමිගේ චිතකය නිර්මාණය කලා. උතුරෙන් එවා තිබු බස්වල ගල්මුල් තිබෙනා බව තොරතුරැ තිබුනා.
අරිසිමලේ නායක හිම්යන් උදාර ලෙස ආදහන උත්සවය මෙහයවූවා. ගල්මුල් වරැසාවක් මැද්දේ අපේ නායක හිමිගේ දේහය අපි හැමෝම එකතුවෙලා ගුරැකන්ද විහාරයේ වැව් පිටියේ දොනෝ දාහක් මැද්දේ චිතකයට ගිණිදල්වා මහත් ගෞරවයෙන් ආදාහනය සිදු කලා. හමුදාවත් පොලීසියත් ගැටුමක් ඇතිනොවනවිදිහට සීරැවෙන් තබා තිබුණා.
එදා වැව් පිටියේදි ආදාහන උත්සවයේදී කල කතා අතරේ මා කල කතාව මගේ ජීවිතයේ මරනමංචකය දක්වා සදා අනුස්මරණියයි. එදා අනෝරා වැස්සේ දෙමල සංදානයේ අන්තවාදයට එරෙහිව ලංකා ශාසනික ඉතිහාසයෙන් මා උත්තර දුන්නා. උතුරෙන් ආ කිසිදු දෙමල වැසියෙකුට එක ගල් පාරක්වත් එකම සිංහලයෙකු අතින් ගැසිය යුතු නැති බව මා දැඩි ලෙස එදා අවදාරනය කලා.
අද නැවතත් මේ මතකය අවදි වුනා.ඒ පසුගියදා අප “ආරෝග්‍ය පරමා ලාභා සමූහයේ දායකත්වයෙන් ගුරැක්න්ද රජමහා විහාරයේ මහා සංඝරත්නයට ඖශධ පූජාවක් සිදු කරන්න ගිය ගමනේදියි. මේ ඖෂධ පූජාවට දායකවූ සැමට බොහෝ පිංසිදු වේවා. රට දැය සමය සුරැකේවා..ජාතිකහැගීම් ලියලේවා.සම්බූද්ධ ශාසනය බොහෝ කල් සුරැකේවා….!!!
උදය ශාන්ත
32 Viewers





