• Home »
  • Sinhala »
  • මෙම පනත සම්මත කළහොත් රටට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පොදුවේ ආරක්ෂක හමුදාවට සිදුවන අනර්ථය මෙසේ ය.මෙම පනත සම්මත කළහොත් රටට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පොදුවේ ආරක්ෂක හමුදාවට සිදුවන අනර්ථය මෙසේ ය.

මෙම පනත සම්මත කළහොත් රටට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පොදුවේ ආරක්ෂක හමුදාවට සිදුවන අනර්ථය මෙසේ ය.මෙම පනත සම්මත කළහොත් රටට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පොදුවේ ආරක්ෂක හමුදාවට සිදුවන අනර්ථය මෙසේ ය.

01. එම පනත මගින් ප්‍රධානතම යුද අපරාධයක් ලෙස සැලකෙන අතුරුදහන් කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා දේශීයව යුද අපරාධ විභාග කිරීම ස‍දහා විශේෂ මහාධිකරණයක් පිහිටුවන අතර ඒ මගින් අණදීමේ වගකීම සොයා දඬුවම් කළ හැකි ය.

02. එම පනත සම්මත වුවහොත් අතුරුදන්වීම් පිළිබඳ සොයාබැලීම සඳහා රටතුළ පිහිටවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට අදාළව බලපෑම් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර කමිටුවකට ලැබේ. ඒ අනුව මීට පෙර අතුරුදන්වූවන්ගේ කාර්යාලය නමින් පිහිට වූ අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු මෙහෙයවීමේ හැකියාව ද එම ජාත්‍යන්තර කමිටුවට ලැබේ.

03. අතුරුදන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසමේ පැමිණිලි විභාග කිරීමේ දී සාක්ෂි ආඥාපනතට අදාළ නොවේ. ඒ අනුව බොරු සාක්ෂි ගොතා පිටරටවල දැනටත් ජීවත්වන ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදන් කළ බවට ආරක්ෂක හමුදා සාමාජිකයන් චූදිතයන් බවට පත්කළ හැකිය. නව පනත මගින් එවැනි චූදිතයන්ට රටතුළ දඬුවම් කිරීමට ඉඩ ලැබේ. ඊට අමතරව එම පනත යටතේ එවැනි චූදිතයින් ජාත්‍යන්තර නීතිය නිරාවරණය වේ.

04. එම නිසා එසේ ව්‍යාජ සාක්ෂි මත චූදිතයන් බවට පත්වුණ ආරක්ෂක හමුදා නායකයින් පිටුවහල් කරන ලෙස ප්‍රඥප්තියට අත්සන් කළ සම්මුති රාජ්‍යයක් විසින් ඉල්ලා සිටියහොත් ඔහු එම රටට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවේ.

05. එසේම එම ප්‍රතිපාදන අනුව චූදිතයින් බවට පත්වන හමුදා නායකයින් එවැනි විදේශ රටකට පයතැබූවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන එම රටේ දී යුද අපරාධ නඩු පැවරිය හැක.

06. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් පිටුවහල් කරනු ලබන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන හමුදා නිලධාරියෙකුට හෝ සෘජුව විදේශයක දී අත්අඩංගුවට ගනු ලබන චූදිතයෙක් ලෙස සැලකෙන එවැන්නෙක්ට අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ඇත්නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දඬුවම් කළ හැක. එහිදී ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නොමැති වීම යන කරුණු සැලකිල්ලට ගැනෙන්නේ නැත.

07. මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ පිටුවහල් නීතිය ඉබේම සංශෝධනය වන අතර යම් රටවල් අතර පිටුවහල් ගිවිසුමක් නොතිබුණා වූවත් එම රටවලට චූදිතයන් පිටුවහල් කිරීමට ප්‍රතිපාදන සැලසේ.

08. ඒ අනුව මෙම පනත සහ ඊට පෙර සම්මත කළ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත එක්ව ක්‍රියාත්මක වන විට තෝරාගත් හමුදා නිලධාරීන් ලැයිස්තුවකට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත්කොට ඔවුන් චූදිතයන් බවට පත්කොට දේශීය යුද අපරාධ අධිකරණයේ දී දඬුවම් කිරීමට හෝ පිටුවහල් කොට විදේශීය රටක අපරාධ අධිකරණයක දී දඬුවම් කිරීමට හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දඬුවම් කිරීමට ඉඩ සැලසේ.

09. එම පනත් දෙක එකට ක්‍රියාත්මක වන විට රටින් පැනගොස් ජීවත්වන දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදහන් බවට බොරු චෝදනා ඉදිරිපත් කොට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඉතා පහසු නීතිමය පදනමක් සක්‍රිය වේ. එසේ ම එම ක්‍රියාවලියට ජාත්‍යන්තර රටවල් වලට අත පෙවීමට සහ බලපෑම් කිරීමට ද හැකියාව ලැබේ.

10. මෙම පත සම්මත කරන්නට උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ පිටපත් ලබාදීමෙන් තොරවයි. එම නිසා මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රඥප්තියේ සඳහන් බරපතළ කරුණු නොදැනය.

11. මේ වනවිට සම්මත කොට ඇති අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනත අතීතයට බලපාන නමුත් අතුරුදන්වීම් වැළක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අතීතයට බලනොපානබවට රටේ පාලකයා විසින් මහජනයා නොමග යැවීමට උත්සාහ කරති. නමුත් ව්‍යවස්ථාවේ 13 (6 ) ව්‍යවස්ථාවේ ව්‍යතිරේකයට අනුව එය පට්ටපල් බොරුවකි.

-මහජන රාජ සභාව-



948 Viewers