• Home »
  • Sinhala »
  • මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී රණවිරුවා

මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී රණවිරුවා

ඊළාම් යුද්ධයේදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂ බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී රණවිරුවාට පසුගිය රජය පැවති කාලයේදී ත්‍රිකුණාමලය අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කෙරුණා .

ඉන්පසුව එම රණවිරුවාගේ බිරිඳ ඇතුළු දරුවන්ට විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීම් ඛේදවාචකය පිලිබඳ අප මීට පෙර රටට හෙලිකලා. එහෙත් පැවති රජය තම පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා දෙමල ඩයස් පෝරාවේ හා ජාත්‍යන්තරයේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් මෙරට රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස සිරගත කිරීමට හා පෝරකයට යැවීමට කටයුතු කළා.

පසුගිය රජය සමයේ සාවද්‍ය චෝදනා සිදු කරමින් 2016 පෙබරවාරි මස 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ මහතාගේ වැඩ තහනමකට ලක් කරනු ලැබූ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා සහ නාවික හමුදාපතිවරයා සමග සිදුකල කරුණු විමසීමකින් අනතුරුව නැවතත් යෝෂිත රාජපක්ෂ මහතා 2016 පෙබරවාරි 28 වනදා සිටම බලපැවැත්වෙන පරිදි යළි සේවයෙහි පිහිටවනු ලැබුවා.

ඒ අනුව අදාළ කාලය සඳහා ඒ මහතාට හිමිවීමට නියමිතව තිබු හිඟ වැටුපෙන් ලද මුදලින් රණවිරුවන් හා අසරණ වූ පවුල් වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඒ මහතා තුල තිබු සංකල්පයකට අනුව මෙම රණවිරු පවුල වෙනුවෙන් ඒ මහතා මුදල් හා භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

කිසිවෙකුත් මෙම රණවිරු පවුල සම්බන්ධයෙන් සොයා නොබැලූ කාලයක අසරණව සිටි ඔවුන් ගැන සොයා බැලීමට කිසිම මාධ්‍ය දැනුවත් කිරීමකින් තොරව ඒ මහතාගේ පැමිණීම ප්‍රදේශවාසීන්ගේ පැසසුමට ලක් වී තිබුණා.

army1

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා එම රණවිරුවා නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමටත් ඒ වෙනුවෙන් කළහැකි ඕනෑම උපකාරයක් කිරීමටත් සුදානම් බව පවසා සිටියා.

army2

armr3

1972.03.29 දින උපත ලැබූ ඩික්සන් රාජමන්ත‍්‍රී මහතා 1993.12.31 යුධ හමුදා සේවයට එක් උනා.

army5-

ඩික්සන් රාජමන්ත‍්‍රී රණවිරුවාට මරණ දඬුවම ලබාදීමෙන් පසු ඔහු පිලිබඳව ගෙන ආ පුවත පහතින්

ඊළාම් යුද්ධයේදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂ බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී හා එහි කෝප‍්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලය අධිකරණයෙන් අද මරණීය දණ්ඩනය නියම කර තිබේ.

1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි බළකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.

එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප‍්‍රබල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල්ගත කර ඇත්තේ මේජර් රාජමන්ත‍්‍රී හා කෝප‍්‍රල්වරයා විසිනි.

army5

එවකට පැවැති පොලිස් පරීක්ෂණවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත‍්‍රී, රොනී බර්තලමියුස් යන බුද්ධි නිලධාරීන් දෙදෙනා සහ අදාළ කෝප‍්‍රල්වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබී ඇත.

ඉන්පසුව ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළිත් සක‍්‍රිය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග වී ඇත.

මරණීය දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී යාපනය අර්ධද්වීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරිවල නිරත වෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයාගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප‍්‍රකටය.

ඊට අමතරව සිව්වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම සඳහා වැලිඔය සිට ඇරඹි කි‍්‍රයාන්විතයේදී 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප‍්‍රභාකරන්ගේ හදවත ලෙස පැවැති මුලතිව් වන්-ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂ බුද්ධි මෙහෙවරක් කළ නිලධාරියෙකි.

army6



244 Viewers