• Home »
  • Articles »
  • මේ සතියේ මාතෘකාව සිවනේසතුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයාන් ය.

මේ සතියේ මාතෘකාව සිවනේසතුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයාන් ය.

මීට වසර 16 කට පෙර සිදුවුවායැයි කියනු ලබන නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රවින්ද්‍රනාත්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබේ.

ප්‍රවෘත්තිය බවට පත්වුයේ පිල්ලයාන් අත් අඩංගුවට ගැනීම නොව උදය ගම්මන්පිල නීතීඥයකු වශයෙන් පිල්ලයාන් හමුවීමට කටයුතු කීරිමයි. කැලේ පැනලා හිටපු ටිල්වින් නොදන්නවා වුවාට අධිකරණයේ නඩු කතා කිරිම හැර නීතී වෘත්තිකයකුට නීති කේෂේත්‍රය තුළ තව බොහෝ දේ කල හැකි බව නීති විද්‍යාල ප්‍රවේශය හදාරන දරුවකු පවා දනියි.

කැප්පෙට්ටිපොල මෙන් අවසන් මොහොතේ රජයේ හමුදාවන් සමග එකතු වු කරුණා සහ පිල්ලයාන් දේශප්‍රේමියකු හෝ ජාතික වීරයකු ලෙස අභිකේෂ කල හැකිද? අරංතලාව භික්ෂු ඝාතනය සහ යටත් වු පොලිසියේ 600 ක් ඝාතනය කිරිමට නායකත්වය ගත් පිල්ලයාන්ට “දේශප්‍රේමියා”සළුව බර වැඩිය. ඔහු එල්ටීටීයට සේවය කරන කාලය තුළ ඔහුගේ වගකීම ඉහටත් උඩින් කර ඇත. ඒවා ජාත්‍යන්තර යුද අපරාධ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරිම් වුවත් එල්ටීටීඊයට එරෙහිව මේ චෝදනා ගෙන ඒමට ඊනීයා මානව හිමිකම් වෙළෙන්ඳන්ට අමතකව ඇත.

එල්ටීටීඊ කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරිම හුදෙක් යුද ජයග්‍රහණයක් පමණක් නොව මෑත ඉතිහාසය තුළ අප ලැබු අති විශිෂ්ඨතම ආර්ථිකමය, දේශපාලනමය සහ ඓතිහාසික ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය වේගවත් කිරිමට, පහසුකිරිමට සහ හානීය අවම කිරිමට කරුණා අම්මාන්ගෙන් සහ පිල්ලයාන්ගෙන් වු දායකත්වය කිසිසේත්ම අවතක්සේරු කල නොහැක. තමන්ගේ සංවිධානයේ දෙවනියා සහ ගරිල්ලා සටන් වල ප්‍රමුඛයා වු සන්නද්ධ අංශයේ නායකයා කරුණා සහ පිල්ලයාන් ගැලවීම , ප්‍රභාකරන්ට යාපනය අහිමි වීමට වඩා දරුණු මානසික පරාජයකි. ඔහුගේ ත්‍රස්තවාදි නඩයේ මානසික වීරත්වයට එය මල්ටිබැරල් ප්‍රහාරයකට වඩා දරුණුය. ඔවුන් සතුව පැවති සංග්‍රාමික භුමීය සහ සංවිධානයේ උපායමාර්ග පිළිබඳව දැනුම හමුදාවට දැවන්ත මෙහෙයුම් ශක්තියක් වන්නට ඇත. ප්‍රභාකරන්ගේ ඊනියා නිජභුමි සිහිනයෙන් 2/3 ක් කරුණා සහ පිල්ලයාන් විසින් ගලවා පතුරු ගහන ලදි. ඒ අනුව කරුණා සහ පිල්ලයාන් අපේ යුධ ජයග්‍රහණයේ උපායමාර්ගික මිතුරෙකි.

ත්‍රස්තවාදි හෝ විප්ලවවාදි කණ්ඩායමක නායකයන් සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයන්ට එකතු කර ගැනීම සඳහා විවිධ උපායන් යොදා ගනු ලැබේ. ඔවුන්ට ආයුධ අතහැරිම වෙනුවෙන් ආණ්ඩුවේ වගකිව යුතු තනතුරු දීම සහ කරන ලද අපරාධ සම්බන්ධයෙන් මුක්තිය දීම සාමාන්‍ය තත්වයකි. එවකට ත්‍රස්තවාදි කණ්ඩායමක් වු ජව්පේ නායක රෝහණ විජේවීරටද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් එවැනි ආරාධනාවක් විය. ප්‍රභාකරන්ට චන්ද්‍රිකාගේ ස්වයං පාලන යෝජනාවත් රනිල්ගේ ඊනීයා සඨන් විරාම ගිවිසුමත් එවැනි උත්සාහයන් වේ. නේපාලයේ මාවෝ ගරිල්ලන්ගේ ප්‍රහාර උත්සන්න වන විට ගිර්ජා ප්‍රසාද් කොයිරාළ අගමැතිවරයා මාවෝ නායකයාට ආණ්ඩුවට ආරාධනා කරන ලදි. මෙවැනි අවස්ථා අප්‍රිකානු කලාපය තුළ ඕනෑ තරම් ඇත. සතුරාගේ සතුරා අපගේ මිතුරා බව අප අමතක නොකළ යුතුය. උපායමාර්ගික මිතුරකු වශයෙන් කරුණා සහ පිල්ලයාන් ට ඔවුන්ට ඇති සියලු චෝදනාවලට එරෙහිව මුක්තිය ලබාදිම රජයක් විසින් කල යුතුම දෙයකි.

උතුර නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු සඳහන් කල ආකාරයට එල්ටීටීඊය පරාජය කිරිමට දායකවු කිසිවකුට නිදහසක් ලබාදීමට ඔවුන් සුදානම් නැත. ආණ්ඩුව මේ කරමින් සිටින්නේ ඔවුන් බලයට ගෙන ඒමට උදවු කල දෙමළ අන්තවාදි ඩයස්පොරාවේ පළිගැනීමේ ක්‍රියාවලිය රාජ්‍ය යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කිරිමයි. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්තවාදයේ අළුගෝසුවකු ලෙස හැසිරෙන බිමල් රත්නායක නන්දිකඩාල් කළපුවේ දෙමළ ජනයා ගැන කිඹුල් කඳුළු හෙළුවද කැබිතිගොල්ලෑව ඩොලර්ෆාම්, කෙන්ට් ෆාම්, කාතන්කුඩි, පිටකොටුවේ , ශ්‍රි මහා බෝධිය අසල ත්‍රස්තවාදය විසින් කපා කොටා ඝාතනය කල දහස් ගණනක් මිනිසුන් වෙනුවෙන් වචනයක් කතා නොකරන්නේ ඩයස්පොරාව වෙනුවෙන් ඇති ණය ගැතිකම නිසාවෙනි. නන්දිකඩාල් කළපුවේ ප්‍රභාකරන්ගේ මිනිස් පළිහේ වැලි කොට්ට බවට පත්කර තිබු අහිංසක දෙමළ ජනයාට අභයදානය දිනා දුන් ලොව දැවන්තම මානුෂීක මෙහෙවර කල අපේ රණවිරුවන් සම්බන්ධයෙන් රත්නායකලාග් නඩයට ඇත්‍තේ වියරු තරහකි. හමුදා ආරක්ෂාව සහ මුරපොළ තිබියදි කොළඹ මරාගෙන මැරෙන බෝම්බ පිපුරණත් , විශ්ව විද්‍යාල මහාචාර්‍යවරයා කොළඹදි අතුරුදහන් වීම ශ්‍රි ලංකා හමුදාවේ අනුග්‍රහය මත සිදුවුවාක් යැයි ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිම වෙළෙන්දන් විසින් චෝදනා කිරිම ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කීමට අපුරු දර්ශකයකි.

උතුරේ රෑස්වීම් වල සිංහල බෞද්ධයාට තග දාන ගමන් ප්‍රාදේශිය සභාවක බලය වෙනුවෙන් මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් හැසිරෙන ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ද ඇතූළුව සංඝතව සැලකීමේදි හොරු ඇල්ලීමට ආණ්ඩුවක් කියා පත් කරගෙන ඇත්තේ මිනිමරු ප්‍රභාකරන්ගේ එල්ටීටීඊයේ දේශපාලන අංශයේ සෙට් එකක්දැයි අපට සැක හිතේ.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ.



23 Viewers