යස්මින් සුකාට පදක්කම අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකාට ඔටෝ ගාන් මානව හිමිකම් පදක්කම අහිමි වී ඇත.

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිතව තිබූ එම එක්සත් ජාතීන්ගේ සම්මාන උත්සවය ඊශ්‍රායල් රජයේ බලපෑම මත ජර්මන් රජය අත්හිටුවා තිබේ.

බර්ලින් නගර ශාලාවේ පැවැත්වීමට සංවිධානය කර තිබූ මෙම උත්සවයට නගර ශාලාව ලබාදීම නගරාධිපතිනි ෆ්‍රැන්සිස්කා ජෙයෙෆ්රි අත්හිටුවා ඇත.

යස්මින් සුකා ශ්‍රී ලංකාවට අමතරව ඊශ්‍රායලය ද මානව හිමිකම් උල්ලංඝනය කරන බවට මානව හිමිකම් කවුන්සිලයට වාර්තා රැසක් ගොනු කර තිබිණි.

මෙම සංවිධානය නතර කිරීම සුකාට එල්ල වූ බරපතළ පහරකි.



57 Viewers