• Home »
  • Sinhala News »
  • යහපාලන කාලේ හිරේ යෑවූ රණවිරුවන් නිදහස්‌ කරන්න – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම

යහපාලන කාලේ හිරේ යෑවූ රණවිරුවන් නිදහස්‌ කරන්න – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම

පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබේ.

අභූත චෝදනා මත ද්‍රෝහි යහපාලකයන්ගේ  යහපාලක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එදා අත්අඩංගුව ගෙන සිරකර තැබූ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලු නඩු ඉවත් කර, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්‌ කරන ලෙසට “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම” විසින් නිර්දේශ කර ඇත.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර
රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක

කර්නල් ශම්මි කුමාරරත්න
කර්නල් ප‍්‍රබෝදය සිරිවර්ධන
කර්නල් එරන්ත පීරිස්
කර්නල් සීවලී බුලත්වත්ත
කපිතාන් සුමිත් රණසිංහ
කමාණ්ඩර් අනිල් මාපා,
කමාණ්ඩර්දයානන්ද
කමාණ්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු තවත් වීරෝධාර රණවිරුවන් 25 දෙනකුට පමණ එරෙහිව පවරා ඇති නඩු මෙසේ ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇත.

ඔවුන් කරන ලද පැමිණිලි අනුව ජනාධිපති කොමිසම මගින් සිදු කරන ලද දීර්ඝ සාක්‍ෂි විමසීමකින් අනතුරුව කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කළේය.



114 Viewers