යාපනයේ දි හමුදාවට පහරදුන් තිදෙනෙක්කොටුවෙයි..
කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේදී යුද හමුදා සෙබලෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි අදාළ සැකකරුවන් උරුම්පිරායි හන්දිය ප්‍රදේශයේ රාජකාරී කළ එම හමුදා සෙබලා තල්ලු කර පලා ගොස් තිබෙනවා.
කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන්, සැකකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලාගෙන කෝපායි පොලිසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27, 28 සහ 30 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙක්. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
161 Viewers





