යාපනය ගුවන්තොට පෞද්ගලික අංශයට බදුදෙයි.
ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු තොරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ය.
මේ අතර මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දීය රුසියානු සමාගම් දෙකකට පැවරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට යොමු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගනේශ් වීදියබණ්ඩාර
109 Viewers

ප්‍රතිසංස්කරණය කෙරුණු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.



