• Home »
  • Sinhala News »
  • යුද හමුදාවේ රහස් ලේඛන වහාම එළියට දාන්න බැෂලේ රජයෙන් ඉල්ලයි

යුද හමුදාවේ රහස් ලේඛන වහාම එළියට දාන්න බැෂලේ රජයෙන් ඉල්ලයි

යුද හමුදාවේ රහස් ලේඛන වහාම විවෘත කරන ලෙසත් සෝදිසි කිරීම් සහ නිරීක්‍ෂණය කිරීම් අත්හිටුවන ලෙසත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ අතුරුදන්වූවන් පිළිබඳ දැන ගැනීමට බව දන්වා තිබේ. මේ හැර කමල් ගුණරත්න, ජයනාත් කොළඹගේ ඇතුළු හමුදා නිලධාරීන් රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීම ගැනද ඇය විරෝධය පා තිබේ.

ශී‍්‍ර ලංකා රජයට එරෙහි චෝදනා රැුසක් එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හෙට (3 දා) සිය වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත.

කීර්ති වර්ණකුලසූරිය

(Courtesy of divaina.lk)



55 Viewers