• Home »
  • Articles »
  • රටක හදවත බඳු රාජ්‍ය සහ සන්නද්ධ හමුදා බුද්ධි අංශ

රටක හදවත බඳු රාජ්‍ය සහ සන්නද්ධ හමුදා බුද්ධි අංශ

ලෝකයේ බොහෝ රටවල් සිය බුද්ධි අංශ
ඉතාමත් ඉහල තැනක ලා සලකන අතර ,
රාජ්‍ය ආරක්ෂාව , රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් කරන නිහඬ මෙහෙය ඉමහත් ඇගයීමකට ලක් කරයි.

මේ වසරේ මුල ඉන්දියාවේ තිරගතවූ,
ඉතාමත්ම ඉහළ ජනප්‍රියත්වයකට පත්
ධුරන්දර් සිනමා පටය,
ඉන්දීය බුද්ධි නිලධාරියකු ත් විසින් කරනු ලැබූ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන්,
වෙනත් රටක ත්‍රස්ත සංවිධානයක් තුළට ඇතුළුවී,
කරනු ලැබූ සිතාගැනීමටත් නොහැකි බුද්ධි මෙහෙයුමක් ගැන කතාවකි..

අපේ රටේ දශක තුනක් පුරා පැවැති බිහිසුණු ත්‍රස්තවාදය ජයගැනීමට අපාට හැකි වූයේ,
අපේ බුද්ධි අංශත් එවැනි අති විශිෂ්ට වූ මෙහෙයුම් කිරීම තුළින්මය…

අපේ දුර දිග විහිඳුම් බලකාය වන්නියේ කොටි අඩවි තුළ,
කිලෝ මීටර් 30/ 40 දුර ගොස් කොටි නායකයන් ඉලක්ක කර ගත්තේ ,
බුද්ධි අංශ විසින් ඔවුනට දෙනු ලබන තොරතුරු පදනම් කරගෙනය..

ගුවන් හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට බොහෝවිට බුද්ධි අංශ විසින් තොරතුරු සොයා දෙනු ලැබීය..

ඉතාමත් රහසිගත ස්ථානයක සිටි එල්.ටී.ටී.ඊ ඉහළම නායකයෙකු වූ තමිල් සෙල්වම් සිටින ස්ථානය හරියටම නිවැරදිව ඉලක්කගත කිරීමට ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවන්ට,
හැකි වූයේ බුද්ධි අංශ විසින් එම තුරු තුරු තිතට අනාවරණය කරගෙන තිබීම නිසාය..

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහලාගේ කණ්ඩායම්වලට ,
උතුරේ වනාන්තර තුළදී ශංකර්ලා වැනි ප්‍රබල කොටිනායකයන් ඉලක්ක කර ගැනීමට හැකිවූයේ බුද්ධිය සපයා දීම තොරතුරු නිසාය.

තමාට හිතවත් බොහෝ අය අගනුවර සිටියත් යුද්ධයේ තීරණාත්මක අවශයේදී ,
උතුරේ කොටි මර්මස්ථානවලට හමුදාව දරුණු ප්‍රහාර එල්ල කරමින් යටත් කර ගනිද්දී ,
එල්ටීටීඊ ත්‍රස්තයන්ට ,
අගනුවර ඇතුළු දකුණේ බෝම්බ පුපුරවා ගන්න අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට තිබූ අවස්ථා බොහොමයක් වළක්වා ගැනීමට හැකි වූයේ අපේ බුද්ධි අංශවල තිබෙන දක්ෂකම නිසාය.

අද කිසිදු අගක් මුලක් නොදැන,
බුද්ධි අංශ වලට චෝදනා කරන අයගේ ජීවිතත් බොහෝ විට බේරෙන්නට ඇත්තේ ,
එම බුද්ධි අංශ විසින් කරනු ලැබූ ඒ විශිෂ්ට බොදු මෙහෙයුම් නිසා බව නොසලකා හැරිය නොහැකි සත්‍යයක්ය…

බුද්ධි තොරතුරු සොයා ගැනීමට අනිවාර්යෙන්ම බුද්ධි නිලධාරීන්ට ත්‍රස්ත සංවිධාන ඇතුළට යාමට සිදුවේ..
එම ත්‍රස්තයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට සිදුවේ..

අද ඇමෙරිකාව ඉරානයේ රහස් අවි ආයුධ ගබඩා සොයා ගනිමින් ඉරාන නායකයන් තුළට තම ඔත්තු කරුවන් රිංගුවමින් කටයුතු කරන්නේ බුද්ධි නිලධාරීන් විසින් කරනු ලබන මෙහෙයුම් තුළින්ය..

ඊශ්‍රායලයද ඉරාන ලෙබනන නායකයන් මරා දමන්නේ සිය බුද්ධි අංශ ඉරානය තුළට රිංගවා සොයාගන්නා තොරතුරු තුළින්ය…

එම ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයන් තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමට තොරතුරු ලබාගැනීමට ඔවුන්ට යම් යම් වරදාන වරප්‍රසාද ගෙවීම් කළ යුතුවේ..

එසේ නොමැතිව එම තොරතුරු ලබා ගන්නේ කෙසේද..?

බුද්ධි මෙහෙයුම් කිසිවිටෙක රටක පවතින නීතියට අනුවම කළ හැකි ඒවා නොවන බව කවුරුන් හෝ තේරුම් නොගන්නවා නම් එය රටේ අවාසනාවකි..

සමහරවිට ත්‍රස්ත සංවිධානයක් ඇතුලට රිංගා ගන්නා බුද්ධි නිලධාරියා බුද්ධි නිලධාරියකු බව කිසිවිටකත් ත්‍රස්ත සංවිධානය හඳුනා ගන්නේ නැත..
ඔහු ඒ අවස්ථාව වන විට ත්‍රස්තවාදියෙකුම විය යුතුය..
නැතිනම් ඔහුගේ ජීවිතය ඒ මොහොතේම අවසන් වනු ඇත..

ඒ නිසා සමහරවිට ත්‍රස්තවාදීන් විසින් විසින් පවරනු ලබන මෙහෙයුම් සිදුකිරීමට පවා එම බුද්ධි නිලධාරීන්ට සිදුවිය හැක..

බුද්ධි අංශ රැක බලාගන්නා රටවල් ඒ වෙනුවෙන් ඔවුන්ට මුක්තියක් ලබාදෙන බව අසා ඇත..

ඔවුන් ඒවා කරන්නේ එම සංවිධානය තුළ තම ස්ථානය තහවුරු කරගෙන වඩාත් වැදගත් තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමටය..

එහෙත් ඒ මෙහෙයුම් වෙනත් ආකාරයට අර්ථ දක්වමින් ,
බුද්ධි නිලධාරීන් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ යැයි කවුරුන් හරි චෝදනා කරනවානම්,
ත්‍රස්තවාදීන්ට පඩි ගෙව්වා යැයි කියනවා නම්,
මින් ඉදිරියට මේ රටේ උවදුරකදී තොරතුරු සොයා යාමට කිසිදු නිලධාරියෙක් සූදානම් නොවනු ඇත..

රාජ්‍යයක පැවැත්මේ ආරක්ෂාවේ අවසානය වන්නේ බුද්ධි අංශවල බිඳ වැටීමයි..

මේ රට බැහැගැනීමට සිටින ,
මේ රට කඩා ගැනීමට සිටින ,
ත්‍රස්තවාදය අනුගමනය කෙරෙමින් දීර්ඝ කාලයක් ඒ සඳහා සටන් වැදී ,
දෙදහස් නවයේ මැයි මාසයේ නන්දිකඩාල් වලදී පරාජයට පත්වුණු කණ්ඩායම් වලට ,
අවශ්‍ය වී තිබෙන්නේ එය මිස වෙන කුමක්ද..

අද අපි රටක් වශයෙන් කරමින් සිටින්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටුකර දීම නම්,

එදා පරාජයටු බලවේග අද සිනහසෙමින්
” උඹලා ලවාම අපි උඹලාට කෙලවනවා”
යනුවෙන් සතුටු වෙන බව නිසැකය..
සිදුවන්නේ එය නම් අප වැනි අමන ජාතියක් ලෝකයේ කොහේවත් නැති බව ඊටත් වඩා නිසැකය..



1 Viewers