රටේ රාළ නිහඩ කිරීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා යුද හමුදාවට
ගිය 29 වෙනිදා රටේ රාළට මරණ තර්ජන එල්ල කරපු සිද්ධිය දැන් ප්‍රසිද්ධ රහසක්.එදා රෑ 8.36 ට විතර තමයි ඒ මරණීය තර්ජනය ආවේ.ඒ හඩපටය ඔයාලත් මේ වෙනකොට අහලා ඇති.ඒ සම්බන්ධව පොලිස්පතිට,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට,යුද හමුදාපතිට පැමිණිලි කරලා තියනවා.
ඊට අමතරව Human Rights Watch – Geneva Office,OHCHR – Office of the High Commissioner for Human Rights General inquiries,UN Special Rapporteur on Human Rights Defenders,Asian Human Rights Commission (AHRC) කියන ජාත්‍යන්තර සංවිධානවලටත් පැමිණිලි කරලා තියනවා.
තර්ජණය කරපු දුරකථන අංකය Truecaller හරහා පරීක්ෂා කළහම “ Col Bandara Dhammanthota” (කර්නල් බණ්ඩාර ධම්මතොට) කියන නම පෙන්නුවා.ඒ නමට අදාල LinkedIn සහ FB ගිණුමවලට අනුව ඒ ලුතිනන් කර්නල් බණ්ඩාර ධම්මතොට කියලා හදුනගන්න පුළුවන්. AI තාක්ෂණය ඔස්සේත් රටේ රාළ එයාගේ නම තහවුරු කරගෙන තියනවා.
AI ට අනුව බණ්ඩාර ධම්මතොට දැනට කොකාවිල්වල තියන 09 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වෙනි අණ දෙන නිළධාරියා. රටේ රාළ තියන හමුදා සම්බන්ධතා හරහා නිශ්චිතවම බණ්ඩාර ධම්මතොට තවමත් සක්‍රීය හමුදා සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්.සිම් එක එයාට අයති එකක් හින්දා ඒ දුරකතන ඇමතුම සම්බන්ධ වගකීමෙන් මිදෙන්න එයාට බෑ.
ඒ වගේම රටේ රාළට ජවිපෙ හරහා එන තොරතුරුවලට අනුව මේ පුද්ගලයා පැලවත්ත පාර්ශවයේ සහ අනුර පාර්ශවයේ ඇමතිවරුන් කීපදෙනෙක් සහ නිළධාරීන් කීපදෙනෙක් එක්ක ඉතා කුළුපග ඇසුරක් පවත්වනවා.බණ්ඩාර ධම්මතොට හමුදාවේ ඉහල නිළධාරියෙක් නිසාත් එයාට ජවිපෙ එක්ක තියන කිට්ටු සම්බන්ධය නිසාත් මේ තර්ජණය නොසලකා හරින්න බෑ.
මේක අර රුපියල් 5000 ට කමෙන්ට් දාන ඩෝබිලා දවස ගානේ අපට කියන කුණුහරුපවලට එහා ගිය තර්ජණයක්.ඇත්තටම මේ තර්ජණය ගන්න ඕනි ලුතිනන් කර්නල් බණ්ඩාර ධම්මතොට රටේ රාළට කරපු මරණ තර්ජනයක් විදිහට නෙවෙයි. දැනට සක්‍රීය සේවයේ ඉන්න ඉහල යුද හමුදා නිලධාරියෙක් සිවිල් සමාජ ක්රියාකරියෙකුට කරපු මරණ තර්ජණයක් විදිහටයි.බණ්ඩාර ධම්මතොට සහ රටේ රාළ කවදාවත් හම්බවෙලා නෑ,
පෞද්ගලික ප්‍රශ්නයක් අපි දෙන්නා අතර නෑ.ඒක නිසා මේක පිටිපස්සේ මෙහෙයවීමක් තියෙන්න ඕනි.එතනින් තමයි මේක දේශපාලනික වෙන්නේ. ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරියෙකුට ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු රටේ රාළට මරණ තර්ජණය කරන එක ඇතූලේ බණ්ඩාර ධම්මතොට ජවිපෙ කුලීකාරයෙක් බව පේනවා.එදා යුද්ධය කාලෙත්,ජනාධිපති අනුරගේ දිව රණවිරුවා කියන්න නැමුණේ නැති කාලෙත් රටේ රාළ රණවිරුවා වෙනුවෙන් පෙනී හිටියා.
ජෙනරල් සුරේෂ් සලේගේ අනීතික අත්අඩංගුවට ගැනීමේ සිට කොටි ඩයස්පෝරාවේ උවමනාවට දංගෙඩියට දක්කන්න හදන රණවිරුවන් වෙනුවෙන් පෙනී හිටියා.ඒ බව යුද්ධ කරපු මහින්දලා,ගෝඨාභයලා සහ ඔයාලා දන්නවා.ඒ ත්‍රිවිධ හමුදාව ඇතූලේ බණ්ඩාර ධම්මතොට වගේ නිවටයෙක් හිටියා කියලා රණවිරුවන් වෙනුවෙන් කරන පෙනී සිටීම රටේ රාළ නවත්තන්නේ නෑ.
ශ්‍රී ලංකා යුද හමුදා පනත සහ හමුදා විනය රීති අනුව සේවයේ නිරතවෙලා ඉන්න කිසිම හමුදා නිලධාරියෙකුට සක්‍රීය දේශපාලනයේ යෙදෙන්න බෑ.
දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න බෑ. අඩුම ගානේ තමන්ගේ සේවා කාලය ඇතුලේ කිසිම දේශපාලන පක්ෂපාතිත්වයක් ප්‍රකාශ කරන්නවත් බෑ.සක්‍රීය සේවයේ නියුතු හමුදා නිලධාරියෙක්ගේ වගකීම තමන්ට පැවරී තියන රාජකාරිමය වගකීම ඉෂ්ඨකිරීම විතරයි.ඒක නිසා ලුතිනන් කර්නල් බණ්ඩාර ධම්මතොටගේ මේ හැසිරීම නීති විරෝධී,හමුදා පනතට අනුව විනය විරෝධී වගේම සදාචාර විරෝධී.
හමුදා පනතට සහ විනය නීතිවලටත් එහාට ගිහිල්ලා බණ්ඩාර ධම්මතොට මාලිමාව වෙනුවෙන් රටේ රාළට මරණ තර්ජන කරනවා. ඇත්තටම කරපු මරණ තර්ජණයට වගකියන්න ඕනි බණ්ඩාර ධම්මතොට එක්ක රටේ රාළ දැනුත් තරහා නෑ.හැබැයි මෙතන තියන ප්රශ්නය ඒක නෙවෙයි.කොහොමද ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුලේ මෙහෙම දේශපාලන කල්ලි හැදෙන්නේ කියන එකයි.
මේ අද්දැකීම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ඇතුලේ ඕනි තරම් හම්බවෙනවා.
ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ඇතුලේ හිටපු නායකයෝ අරක්ෂක අංශ සහ බුද්ධි අංශ භාවිතා කළේ විරුද්ධවාදීන් ඝාතනය කරන්න. අනුරට සහ ටිල්වින්ට තියෙන්නෙත් ඒ මනස. එයාලා රාජ්‍ය බලය අල්ලනවා කියලා කරන්නේ ඒක.ඒ කියන්නේ හැම දෙයක්ම පැලවත්තේ අණට යටත් කරනවා.පූර්ණ වශයෙන් යටත් කරගන්න තුරු එයාලා කරන්නේ ඒවා ඇතුලේ කල්ලි හදන එක.පහුගිය කාලේ එයාලා ඒක දිගටම කළා. පොලීසිය ඇතුලේ මාලිමාවට පක්ෂපාතී කල්ලියක් හදලා ඒක ශක්තිමත් කළා.
අද පොලීසියට කියන්නේ මාලිමා පොලීසිය කියලා.රාජ්‍ය සේවය ඇතුලේ,විදේශ සේවයේ දැනට දෙන පත්වීමී සියල්ල ඇතුලේ එයාලා මාලිමා යුනිට් එකක් හදමින් ඉන්නවා.පහුගිය කාලේ භික්ෂු සමාජය ඇතුලෙත් එහෙම බෙදීමක් කළා.දැන් භික්ෂූන් වහන්සේලා අතර පැලවත්ත නිකායකුත් තියනවා.හමුදාව ඇතුලෙත් එහෙම කල්ලියක් හදන්න පහුගිය කාලේ පැලවත්තෙන් පිරිස් හදුනාගනිමින් හිටිය බව ඒ දවස්වලම රටේ රාළ හෙලි කළා.
ජනතාවගෙන් මේ සා විශාල අප්‍රසාදයකට ලක්වුන ආණ්ඩුවක් ඉදිරියට ගෙනියන්න පුළුවන් මර්ධනයෙන් විතරයි කියලයි පැලවත්ත විශ්වාස කරන්නේ.මර්ධනය තුලින් රටක් ඉදිරියට ගෙනියන්න පොලීසිය සහ හමුදාව අතිශයින් වැදගත්.පොලිස් රාජ්‍යයක් කියනකොටත්,හමුදා පාලනයක් කියනකොටත් බය හිතෙනවා,මෙතනදී හැදෙන්නේ ඊටත් වැඩිය භයානක පාලනයක්. තමන්ගේ ම්ලේච්ඡ උවමනාවන් පොලීසිය සහ හමුදාව හරහා ඉෂ්ඨ කරගන්න පාලනයක්.
පොලීසියේ සහ හමුදාවේ සියලු දෙනා ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ.හැබැයි ඒ අතරින් බණ්ඩාර ධම්මතොටලා කීපදෙනෙක් හොයා ගන්න බැරි නෑ. ඇත්තටම පැරා මිලිටරි කණ්ඩායම්වලට නායකත්වය දෙන්නේ බණ්ඩාර ධම්මතොට වගේ ආණ්ඩු ගැති බත්බැලයෝ තමයි.නැත්තම් මෙච්චර දේශද්‍රෝහි ආණ්ඩුවක් වෙනුවෙන්, මෙච්චර ජනතා ද්‍රෝහී ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් මොන රණවිරුවාට?
කොටි ඩයස්පෝරාවේ උවමනාවට රණවිරුවන් දංගෙඩියට යවන මේ කාලකණ්ණි ආණ්ඩුව ආරක්ෂා කරන්න තව කෙනෙන් ඝාතනය කරන්න පුළුවන් මොන රණවිරුවටද?ඒක පුළුවන් වෙන්නේ බණ්ඩාර ධම්මතොට වගේ මස් වැද්දන්ට විතරයි.මෙතනදී රටේ රාළගේ මතකයට එන්නේ බල නහර කපලා ඝාතනය කරපු රංග නිශාන්ත. රංග නිශාන්ත පපුවේ ලොකු දියබුබුලක් වගේ පිලිස්සුම් තුවාලයක් හදුනා ගන්න පුළුවන්.
ට්රේෂර් gun එකකින් එයා අඩපණ කරලා බල නහර කැපුවා කියන සැකය බරපතල විදිහට මතුවුනා.ඒ වගේ ඝාතනයක් කරන්න පූළුවන් විශේෂ පුහුණුව ලබපු ඝාතකයෙකුට විතරයි.එදා ඉදන් අනුර යටතේ පැරා මිල්ටරි group එකක් ඉන්නවද කියන සැකයක් රටේ මතුවුණා.හමුදා විනය කඩමින් පුද්ගලයෙකුට ආණ්ඩුවක් වෙනුවෙන් මරණීය තර්ජන කරන බණ්ඩාර ධම්මතොටලා වගේ අය හරහා තමයි පැරා මිල්ටරි කණ්ඩායම් සහ නිල නොවන ඝාතකයෝ හදන්නේ.
රටේ රාළට කරපු තර්ජනයේ හැටියට බණ්ඩාර ධම්මතොට ආණ්ඩුවෙන් මෙහෙයවන නිල නොවන ඝාතකයෙක්.ඒකට එයාගේ හමුදා නිලය ආභරණයක් කරගෙන,එයාට දීලා තියෙන්නේ රටේ රාළ නිහඩ කරවන කොන්ත්‍රාත්තුව.යම් මොහොතක රටේ රාළ ඝාතනය කලොත් ඒකේ වගකීම මාලිමා ආණ්ඩුව සහ ආණ්ඩුවේ කුලී ඝාතක බණ්ඩාර ධම්මතොට බාරගන්න ඕනි.
රටේ රාළ අවසාන වශයෙන් හමුදාපති වරයාගෙන් ඉල්ලන්නේ හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.ඊට අවශ්‍ය පැමිණිල්ල මේ වෙනකොටත් හමුදාපතිවරයාට එවලා තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
3 Viewers





