රට ලැබූ ජයග්‍රහණයක් ද ද්‍රවිඩ ඩයස්පෝරාව ලැබූ ජයග්‍රහණයක් ද???
මේ ප්‍රශ්නයට හරි උත්තරය අපි අපිම නුදුරේ දී සොයා ගත යුතුව ඇත.
මේ ආකාරයට, ද්‍රවිඩ අන්තවාදීන් හෝ බෙදුම්වාදීන්ගේ ආශීර්වාදය ද සහිතව, දකුණේ සිංහල ආණ්ඩුවක් පිහිට වීමට උතුරු, නැගෙනහිර හා කඳුකර ප්‍රදේශ දායක වීම කිසිකලෙක මෑත ඉතිහාසයේ නම් සිදුවූවක් නොවෙති.
පසුගිය ජනාධිපතිවරණයේ දී වත් මෙම ප්‍රාදේශ වලින් NPP නොලැබූ ඡන්ද සංඛ්‍යාවක්, මෙවර මහ මැතිවරණයෙදී, ඔවුන් ලබා ගැනීමට උත්සුක වූ සැබෑ කරුණ කුමක්ද???
මෙහි අභ්‍යන්තර යථාර්තය අප අද හෙටම සොයා ගත යුතුය.
ඓතිහාසක ජයග්‍රහණයක් යැයි පවසමින් අද බහුතරය උදම් ඈනූවද, මෙහි අභ්‍යන්තරය අවසන් වන්නේ ජාතියේ ඛේදවාඡකයකින් නම්, 68 ලක්ෂයක් ජනතාව, මාලිමාවට දුන් ඡන්දයම, දිනක ජාතියේ මළගමේ මූලික සාධකය වන වාතාවරණයක් තුළ වුවොත් , එසේ නම් අද අප සමරනු ලබන්නේ එම ඛේදනීය
සිද්ධාන්තයේ ඇරඹුමද???
මෙම සටහන, ජාතිවාදය ඇවිස්සීමක් යැයි බැහැර කිරීමට හැකියාව අද සමාජය තුළ බිහි වී හෝ බිහි කර ඇත.
ජනාධිපතිවරණයේදී, NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වන පිටුවේ, ඔවුන් පැහැදිලිව, 2015 සිට 2019 තුළ සම්පාදනය කළ නව ව්‍යවස්ථාව හෙවත් “ඔරුමිත්ත නාඩු ” ව්‍යවස්ථාව ගෙන එනවා යැයි කියා තිබියදීත්, උතුරු, නැගෙනහිර හා කඳුකරයේ දෙමළ ජනතාව විශ්වාසය තැබුවේ, එම කරුණම වෙනත් ආකාරයෙන් පැවසු සජිත් ප්‍රේමයදාස ගේ “එක්සත් ශ්‍රීලංකාවක්” බිහිකිරීමේ ප්‍රතිපත්තිය හා රනිල් වික්‍රමසිංහ යන් ගේ “ෆෙඩරල් පාළන ක්‍රමය ” නම් වූ ප්‍රතිපත්තිය බව අප ප්‍රතිපල තුළින් දුටුවේය.
නමුත් එම ප්‍රතිපලය මෙම මහ මැතිවරණයේ දි නැවත අංශක 360 ක දිශාතියකට කැරකි, වත්මන් ප්‍රතිපලය ලැබීමට තරම් NPP රජය මේ කෙටි වපසරියේදී රට තුළ කළ ඇස්බැන්දුම කුමක් ද??
නව ව්‍යවස්ථාවක්, එක්සත් ශ්‍රීලංකාවක් හෝ ෆෙඩරල් පාලනයක් යනු වෙන් වෙන් පිටකවර තුළින් එලි දක්‌වනුයේ එකම කථාoඟය වනු ඇත.
එනම් එය, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අභිබවා ගිය උතුරු නාගෙනහිරට ඉඩම් බලතල, පොලිස් බලතල, මුදල් බළතල, රාජ්‍යයන් හා ඍජු ගණුදෙනු කිරීමේ බලය වැනි අසීමිත බළතල ප්‍රමාණයක් හා ස්වයං පාලනයක් ලබා දීමේ නෛතික ක්‍රමවේදය වනු ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපල ප්‍රකාශ වීමත් සමග, මෙ රටට පැමිණි ඉන්දියානු විදේශ ඇමති, S ජයෂන්කර්, ඔබට මතක ඇතැයි මා විශ්වාස කරමි.
නාමල් රාජපක්ෂ හා පොදුජන පෙරමුණ හැර ජනාධිපති අපේක්‍ෂකයින් වූ සජිත් හා රනිල් සමගද, අභිනව ජනාධිපති අනුර කුමාර ට අමතරව ජයෂන්කර් සාකච්චා පවත්වන ලදි.
ඉන් අනතුරුව “ලයිකා මොබයිල් ” අයිතිකරු හා ද්‍රවිඩ ඩයස්පෝරා නියෝජිත අලිරජා සුබාෂ්කරන් ගේද මැදිහත්කාර කමින් සියළුම උතුරු, නැගෙනහිර හා කඳුකරයේ ද්‍රවිඩ දේශපාලන චරිතයන් සමග සාකච්ඡා ඔහු පැවැත්වුනි.
ඒ කෙටි ඉන්දීය, විදේශ ඇමති සංචාරය තුළ මෙම උතුරු, නැගෙනහිර හා කඳුකරයේ බහුතර ඡන්ද මාලිමාවට ලැබීමේ රහස වනු ඇත.
හැංගි හැංගි, වෙස් මුහුණු බැන්දාට, නටන්න මාලිමාව එලියට පැමිණිය යුතුය.
අන්න එදාට මුළු රටේම දකුණේ ජනතාව අතීතයේ ජීවිත දන්දුන් රණවිරුවන්ගේ ගෞරවය අරාක්ෂා කිරීමට මහ පාරට පැමිණෙනු ඇත.
එතෙක් කකුළුවා දිය කෙලියේ සිටිනවාට අපේ අකමැත්තක් නොමැත.
(දිනේෂ් ද අල්විස්)
62 Viewers





