රණවිරු විරොදි මාලිමාව
කාලයකට පසු මෙවර මැයි 18 යුධ ජයග්‍රහණය පිළිබඳව සමාජ මාධ්‍යයේ වැඩි උනන්දුවක් තිබෙන බව පෙනේ. ඒ ඇයි?
ආසන්නත ම සිදුවීම ලෙස කැනඩාවේ දෙමළ ඊළාම් කොටි ස්මාරකය ඉදි කිරීම එක් හේතුවකි. බෙදුම්වාදී දෙමළ කොටි ඩයස්පොරාව තවමත් සක්‍රීය බවත් ඔවුන් දෙමළ ඊළාම් සිහිනය අත් හැර නොමැති බවත් ඔවුන් විසින් ම ඔප්පු කර පෙන්වීමෙන් බෞද්ධ සිංහලයාගේ ඇස් ඇරී ඇති සැටියකි.
එය වඩාත් තීව්‍ර වන්නේ එම අනීතික කොටි ස්මාරකය ඉදි කිරීම වැළැක්වීමට අනුර-හරිනි ආණ්ඩුව අපොහොසත් වීමෙනි. මාලිමා පාණ්ඩුව යටතේ රාජ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වෙමින් තිබෙන බව ජනතාවට අවබෝධ වෙමින් තිබේ.
දිනපතා සිදුවන වෙඩි තැබීම් සහ බිහිසුණු ඝාතන රැල්ල විසින් නැවතත් සිංහලයාට 2009 ට පෙර පැවැති ම්ලේච්ඡ යුගය මතක් කරවීම තවත් හේතුවකි. රාජ්‍ය ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියා කටමැත දොඩා පැමිණි අරුණ ජයසේකර යටතේ රටේ අභ්‍යන්තර ආරක්ෂාව දරුණු ලෙස බිඳ වැටී තිබේ.
උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය වෙනුවෙන් අනුර කුමාර විසින් ඔවුන්ට පමණක් විශේෂ පොරොන්දු දීමත්, විශේෂ වරප්‍රසාද සැපයීමත්, උතුරේ බෞද්ධ සිංහල ජනතාවට කෙනෙහිලිකම් කිරීමත් තවත් හේතූන් ය. තිස්ස විහාරයට එරෙහි ව නොනවත්වා සිදු කරන පහර දීම් සහ බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කිරීම දෙස අඳ ගොළු බිහිරන් සේ සිටින අනුර-හරිනි විසින් තමන් හට අසාධාරණයක් කරන බව බෞද්ධ සිංහලයාට දැන් අවබෝධ වෙමින් තිබේ.
ගෝඨාභය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව පෙරළා දැමීම සිදු වූයේ ඇමරිකානු USAID ඩොලර් සහ දෙමළ ඩයස්පොරා සහායෙන් බව හෙළිදරව් වීම තවත් හේතුවකි. යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ ඊළම ව්‍යවස්ථාවන් ලියා දීම මාලිමා ආණ්ඩුව යටතේ සිදු වීමේ අවදානම සත්‍යයක් බව බෞද්ධ සිංහලයාට අවබෝධ වෙමින් තිබේ.
අනුර කුමාර බලයට ගෙන ඒම සඳහා ත්‍රිවිධ හමුදා තුළ අනීතිකව සිදු කළ මොළ සේදීම්වල ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබේ. හමුදාවේ වැය ශීර්ෂය දරුණු ලෙස අඩු කිරීමත්, සේනාව කපා දැමීමත්, ඡන්ද කාලයේ දුන් පොරොන්දු ඉටු නොකිරීමත් යන කාරණා මත හමුදා සෙබළුන් මාලිමාව අවිශ්වාස කිරීම ඇරඹී තිබේ.
ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරුගේ ආරක්ෂාව ඉවත් කිරීම, ඔවුන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම, රණවිරු දඩයම නැවතත් ඇරඹීම වැනි කාරණා නිසා ආරක්ෂක අංශ සාමාජිකයන් අනුර කුමාර කෙරෙහි කලකිරී තිබේ. එම නායකයන්ට සලකන්නේ එසේ නම් තමන්ට කෙසේ සලකාවිද යන්න ඔවුන් කල්පනා කරයි. තම සහෝදර හමුදා සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් ගෞරවාචාර පිදීමට සේනාධිනායකයා හැටියට අනුර කුමාර ඉදිරිපත් නොවීමත් එයට දැඩි ලෙස බලපා තිබේ.
අප හට දිනා දුන් නිදහසේ වටිනාකම දැනෙන්නේ එය අහිමි වීමට යන විට ය. දැන් එය සිදු වෙමින් තිබෙන බව ජනතාවට දැනේ. දිවි පිදූ සියලු රණවිරුවන්ටත් ආබාධිත ව සිටින සියලු රණවිරුවන්ටත් යුධ බිමේ සටන් කළ සියලු රණවිරුවන්ටත් අපගේ ගෞරව පූර්වක ආචාරය පුද කරමු!
එරන්ද ගිනිගේ
2025 මැයි 18
11 Viewers





