රාජිත ගැන නොදත් කතාවක් කවුද මේ රාජිත කියන්නේ
චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට් නම් වාණිජ ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය කරගෙන යාමයි. ඔවුන් මේ ව්‍යාපාරය විශාල ධනයක් උපයන ජාවාරමක් ලෙස පවත්වාගෙන ගියා. රහස් පොලිසියට ලැබුන තොරතුරක් මත මේ ආයතනයට අයත් ගබඩාවක් වටලලා පරීක්‍ෂණයක් ආරම්භ කළා. එහිදී කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණ ලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවා ඖෂධ විකුණන නීච ක්‍රියාවලියක් ද සොයා ගැනුණා. මතක තබා ගන්න එම බෙහෙත්වල කල් ඉකුත් වූ දින වෙනස් කොට ඉදිරි දින සහිත ලේබල් අලවා තිබුනේ ආරක්ෂක හමුදාවලට සපයන්න. මෙය එම පරීක්ෂණයෙන් හෙළිදරව් වුණා. මේ සම්බන්ධ සොයාගත් සාක්ෂි මත රාජිතට විරුධව නඩුවක් මහාධිකරණයේ ගොනු කළා.ලස්සනම වැඩේ කියන්නේ නඩු විභාගය ඉවර වෙන්න ආසන්න කාලයේ මේ නඩුව විභාග කරන මහාධිකරණය විනිසුරු සහ රාජිත මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී එකට ආහාර ගන්නා අවස්ථාවක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවකුට හසු වුණා.
එම පුවත පුවත්පත්වල පළ කළ ද වැඩි කාලයක් නොගෙනම විනිසුරු නඩුව අවසන් කලේ රාජිත නිදහස් කරමින්. ඇති හැකි අය ඉදිරියේ නීතියේ ස්වාධීනත්වය හා මහාධිකරණ විනිසුරුගේ අපක්ෂපාතීතත්වයේ තරමද මේ සිදුවීමෙන් පේනවා.
නමුත් ඊට එරෙහිව කෝවරන්ටෝ රීට් ආඥවක් මගින් අභියාචනාධිකරණයේ නැවත රාජිතට විරුද්ධව පෙත්සමක් ගොනු කරනවා. දින 10 ක් පුරා පෙත්සම් අංක 1164/98 යටතේ මෙම නඩුව අභියාචනාධිකරණයේ දී විභාග වුණා. ජනාධිපති නීතිඥ චොක්‌සි ඇතුළු රටෙ නමගිය ඉහළම නීතිඥ පිරිසක් රාජිත වෙනුවෙන් පෙනී හිටියා. නමුත් 2000 වසරේ මාර්තු 31 දා අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ රාජිත වැරදිකරු කරමින්. අභියාචනාධිකරණය ඔහු මන්ත්‍රී ධුරයක් දරන්නට නුසුදුස්සෙක් ලෙස තීන්දු කළා. වැරදි ආකාරයට ඖෂධ ජාවාරමක නියැළී උසාවියේ වැරැදිකරු වී මන්ත්‍රී ධූරය ද අහිමි කරගත් පළමු කෙනා රාජිත. එදා හමුදාවට එහෙව් බෙහෙත් සපයපු රාජිතට අද යුධ ජයග්‍රහණයේ විරුවන් ගැන කැක්කුමක් තියෙන්න විදිහක් නෑ. එදා හමුදාවට විෂ බෙහෙත් දුන් කෙනෙකුට අද ත්‍රස්‌තවාදීන් අපේම දරුවන් ලෙස පෙනීම පුදුමෙකුත් නෑ. මම හෘද සාක්ෂ්‍යයක් ඇති මිනිසුන්ගෙන් එක දෙයයි අහන්නේ. මෙවන් අයට තවදුරටත් ඔබ ඔබේ වටිනාම කතිරය ගසන්නේ ඇයි. මොවුන් පාර්ලිමේන්තු යැවිය යුතු මිනිස්සු ද ?
තව දෙයක් කියන්න ඕන. එදා රාජිතට නීතිය ක්‍රියාත්මක කළ චන්ද්‍රිකාත් රාජිතත් අද එක පැත්තේ. නීති විශාරදයකු ලෙස මෙම නඩුවේ දී රාජිතට එරෙහිව කරුණු දැක්වූ විජේදාසත් ඒ පැත්තේ. ත්‍රිවිධ හමුදාව ඇතුළු රජයේ ඔසුහල්වලට කල් ඉකුත්වූ බෙහෙත් විකුණා දඩුවම් ලැබූ රාජිත අද සෞඛ්‍ය ඇමති. කාලය මොනතරම් දේවල් වෙනස් කරලද ? ඔහු මේ අමාත්‍යංශය ඔහු ඉල්ලලා ගත්තේ. ඔබ හිතනවද පෙර දඩුවමෙන් වැරදි හදාගෙන නිවැරදි වෙන්න ඇති කියා. විෂයභාර ඇමැති කියන ලයිසන් එකත් තියාගෙන අද මොනවද කරන්න බැරි.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ගාල්ලේදී රාජිතට විරෝධය

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන් සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණවිරුවන් පිරිසක් හා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු පිරිසක් අද (19) ගාල්ල නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි විරෝධතාවයක නිරත වුහ.
පළමුව මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාරද දැක්වනු ලැබිය.
රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවුහ.
රාජිත ඇමතිවරයාගේ මෙකි ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දක්මින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවුහ.





945 Viewers





