• Home »
  • Sinhala »
  • රැඳවුම් භාරයේ සිිටින කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.

රැඳවුම් භාරයේ සිිටින කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.

mm

 

රැඳවුම් භාරයේ සිිටින  කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.

1. කන්දවන් ගෝකුලනන්දන් – දැයට කිරුළ ප‍්‍රදර්ශනයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම

2. තම්බිරාසා ප‍්‍රකාශ් – හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම

3. ශන්මුගලිංගම් සූරිය කුමාර් – මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම

4. එන්. කුගදාසන් – කටුබැද්දේ මගීන් 26 ක් මරාදැමීම සහ බිම්බෝම්බයක් ඇටවීම

5. නඳවේච සෂිකලා – කතරගමදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම

6. වේලූ යෝගරාජා – මහනුවරදී දුම්රිය පාලම් පිපිරවීමට උත්සාහ කිරීම

7. සිමියොන් සන්දිරියාම්, සිරිල් රාසමනි, මුත්තු මරික්කාර, සිත්තප්පන් පාක්‍යනාදන්, සන්දන් ස්ටානිෂ් රමේෂ්, රාසවන් යුරේන්, සිවප‍්‍රකාශන් ශිවශිලන් – ගත්කරු නිහාල් සිල්වා ඇතුළු 7 ක් ඝාතනය වූ කැබ්රියට බිම් බෝම්බ ඇටවීම

8. කන්දයි ඉලන්ගෝ, වයිරමුත්තු සරෝජා – ගාලූ නාවික කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම

9. ඒ. අරුල්ප‍්‍රකාශ් – හමුදා සහ නාවික භටයන් 26 ක් ඝාතනය කිරීම

10. එස්. තිලයිරාජ් – ලයන් එයාර් මගී යානාව මිසයිල ප‍්‍රහාරයකින් වැනසීම, එම්. අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටරයක්ද විනාශ කිරීම

11. යි ජෙගන්, එන්. සිවලිංගම් – විල්පත්තුව වනයේදී හමුදා භටයන් 37 ක් මරාදැමීම

12. වීරකුමාර රගුලන් – පාදුක්කේදී මගී බස් රියක් පුපුරුවා හැරීමට උත්සාහ කිරීම

13. දේවරාසා සිවපාලන් – පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය

14. රාසයියා දේවරාසා – පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක් මගින් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම

15. තංගවේලූ සිවකුමාරන්, සිලවන් ආනන්දරාසා – පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම

16. ඩාර්වුඩ් මොහොමඩ් – පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ කොටින්ට රැකවරණ ලබාදීම

17. තංගවේලූ නිර්මලන් – පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජැකට් සන්තකයේ තබාගැනීම

18. සූරියමූර්ති ජිවෝෂන්, විශ්වනන්දන් රමේෂ් කුමාර, රාමනන්දන් නවදීවන් – මධ්‍යම කඳුකරයේ දුම්රිය පාලම් පුපුරුවා හැරීමට සැලසුම් කිරීම

19. ජී. දර්ශන් – හමුදා සහ නාවික භටයන් 26 කගේ මරණ සිදුකිරීම

 

 



806 Viewers