• Home »
  • Articles »
  • ලංකා යුධ ඉතිහාසය වෙනත්ම මගකට හැරවූ තිස් අටේ කල්ලිය !

ලංකා යුධ ඉතිහාසය වෙනත්ම මගකට හැරවූ තිස් අටේ කල්ලිය !

විශේෂ බළකායේ මුල්ම කණ්ඩායම.

1985 ඇරබුණු මෙම කණ්ඩායම combat tracker team යනුවෙන් හැදින්වුනි.නිලධාරින් දෙදෙනෙක් සහ සෙසු නිලයන් ගෙන් 38 දෙදෙනෙක් මෙයට ඇතුලත් වන ලදී.

පසුව rapid deployment force නමින් මෙම ඒකකයේ නම වෙනස් වූ අතර 1988 දී ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය නමින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

ආරම්භක අණදෙන නිලධාරින් ලෙස එවකට මේජර් ගාමිණී හෙට්ටිආරච්චි (පසුව මේජර් ජෙනරාල් ) සහ ලුතිනන් අස්ලාම් ෆස්ලි ලාෆීර් (මුලතිව් මෙහෙයුමේ දිවිපුදා පසුව කර්නල් පරම වීර විභූශණ ලැබූ ) කටයුතු කරන ලදී.

ශ්‍රීලංකා යුධ ඉතිහාසයේ කොටි බල බිඳ දැමීමට අපරිමිත මෙහෙයක් කල ප්‍රධනම විශේෂ ඒකකයක් වූ විශේෂ බළකාය ඇතම් මෙහෙයුම් වලදී විශේෂ බළකා බලඝන සියල්ලමද සටන් බිමට පැමිණ එක්ව මෙරු මෙන් එකා පිට එකා පැමිණ ත්‍රස්තවාදීන්ට පහර දී ඇත.

මින් බියකරුම සටනක් වන්නේ මුලතිව් මෙහෙයුමයි ! ඉන් අප හට දැඩි හානි වුවත් එදා එකා පිට එකා වැටෙන විට පවා යලි යලි සටන් බිමට බැස පැමිණ ඔවුන් කල මරාගෙන මැරෙන සුලු භයානක සටන් සාමාන්‍ය ජනතාව ලෙස අපට සිතා ගැනීමට පවා නොහැකි බියකරු සිහිනයක්ම වැනිය ..

සටනේ දිවි පිදූ අමරණීය රණවිරුවන්ට අමාමහ නිවන් සුව

Don Shyam



9 Viewers