ලෝගු පාතාලයට ගසා දැමිය යුතුය…

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම අනුරගේ මැතිවරණ පොරොන්දු අතර ආකර්ශනීයම පොරොන්දුව විය.
එම පොරොන්දුව ඉටු කරනතුරු ජනයා නොඉවසිල්ලෙන් බලා සිටියි.
නමුත් ආණ්ඩුව කරන්නේ පොරොන්දුව ඉටු කිරීම නොව කූට ආකාරයට ජනයා රැවටීමය.
මෙම ලියුම්කරු අයි.එස් ත්‍රස්තවාදය සම්බන්ධ නඩු නිමිත්තකට PTA යටතේ මාස හයක් රඳවා ගැනීමට ලක් විය.
CID යට ත්‍රස්ත ක්‍රියා සම්බන්ද විමර්ශනයක් නිමා කිරීමට මාස 2ක් ප්‍රමාණවත්ය.
ආණ්ඩුව පසුගිය දා අටමස්ථානාධිපතිට එරෙහි ළමා අපයෝජන නඩුවේ විමර්ශන සති 2න් අවසන් කළේය.
සලේට එරෙහි විමර්ශන අවසන් කිරීමට මාස 3 ඕනවටත් වැඩියෙන් ප්‍රමාණවත්ය.
කරුණු එසේ හෙයින්,
කතෝලික සභාව සහ ආණ්ඩුව කියන පරිදි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සලේ නම් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම ප්‍රමාද කරන්නේ ඇයි?
සැබැවින්ම, එය ප්‍රමාදයක් නොවේ, නමුත් පිළිකුල දනවන කුමන්ත්‍රණයකි.
ඇත්ත කතාව සලේට එරෙහිව චෝදනා ගොනු කිරීමට සාක්ෂි නැත.
ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිකුල දනවන්නේ පහත හේතු නිසාය
1. ඊනියා පරීක්ෂණ මුවාවෙන් ජනයා රැවටීම.
2.සලේ, සිරිල් ගාමිණිට එරෙහිව අපහාස නඩුවක් පවරා ඇත. සිරිල් එම නඩුවට වංගුවක් දැමීමට කසකවයි.
කරුණු එසේ හෙයින් මෙහි ඇති ඛේදවාචකය සලේ නම් හමුදා නිලධාරියා PTA භාවිතා කොට සිරගත කිරීම නොවේ. ( තව නොබෝ දිනකින් සලේට ඇප ලැබෙනු ඇත)
සැබෑ ඛේදවාචකය ආණ්ඩුව සහ කතෝලික සභාව ඉතා කූට ලෙස ජනයා රැවටීමය.
එනම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දඬුවම් කරන බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීමය.
යුක්තියේ ප්‍රමාදය යනු යුක්තිය අහිමි කිරීමකි.
පාස්කු රැවටීම, අනුර කරන රැවටීම් අතර සාහසිකම රැවටීම වෙයි
උ/ගැ Keerthi Ratnayake
3 Viewers





