වසර 33කට පෙර මට අවුරුදු 6දි මගේ පියා , මගේ මවට නොකියා ගිය තීරණාත්මක ගමනක් ගැන කතාවක්…

1993 නොවැම්බර් 11 වන දින, පූනරීන් කදවුර කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණුම ප්‍රහාරයකට ලක් වුනි. එහිදි 500කට අධික හමුදා සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී තවත් සිය ගණනක් නිලධාරීන් හා භට පිරිස් පූනරීන් කලපුවේ සිර වූයේ ගුවන් ප්‍රහාර වලින් පවා සහය ලබා ගත නොහැකි අන්දමිනි.
එවකට ආරක්ෂක හමුදා සේනා ප්‍රධානී ( Security Forces Commander ) මේජර් ජෙනරාල් රොහාන් දලුවත්ත මහතා වහාම ක්‍රියාත්මක වී , සියලුම හමුදා වල ජ්‍යේෂ්ඨ නිළදාරීන්ගෙන් සමන්විත හදිසි රැස්වීමක් කැදවීය. එහි බ්‍රිගේඩියර් ශාන්ත කොට්ටේගොඩ, ගුවන් කොමදෝරු වීරක්කොඩි , කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් චන්ද්‍රවංශ සහ එවකට කරේයිනගර් නාවික කදවුරේ අණදෙන නිළධාරීන් කපිතාන් සරත් වීරසේකර යන අය විය.
අපේ භටයන් වට කර ඇති කොටි ත්‍රස්තවාදීන් ප්‍රමාණය හො ඔවුන් සතු අවි බලය පිලිබද කිසිදු අනුමානයක් නොමැතිව , පූනරීන් වෙරළේ ගොඩබැසීම මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන බව එම රැස්වීමේදීම සනාථ විය.
නොවැම්බර් 14 වන විට සිරවී සිටි භටයන් හට ආහාර , ඇදුම් ,ප්‍රථමාධාර , පානිය ජලය , පතුරම් යනාදි සියල්ල අවසන් වී තිබුනු අතර තව දින දෙකක් යන්නට මත්තෙන් කොටි විසින් ඔවුන්ද සමූලඝාතනය වීමට නියමිත වී තිබුනි.
එවන් තීරණාත්මක මොහොතක , සරත් වීරසේකර ස්වෙච්ඡාවෙන් ( තම බිරිඳට පවා කිසිදු ඉඟියක් නොකර ) ඉදිරිපත් වූයේ, කොමාන්ඩෝ භටයන් 500ක් පූනරීන් වෙරළට ගොඩබැස්සවීමේ නාවික මෙහෙයුමේ අණදෙන නිළධාරී ලෙසය. එය බොහෝ විට නොඑන ගමනක් වීමට තිබුනි. එවිට රොහාන් දලුවත්ත , වීරසේකරගේ අත අල්ලා පැවසූයේ. ” සරත් මට ඔයාට මේක කරන්න කියලා අණ කරන්න බෑ , හැබැයි එතන අපේ කොල්ලො ගොඩක් හිර වෙලා ඉන්නවා” කියා ය.
වීරසේකර ගේ සහයට ස්වෙච්ඡාවෙන් එක්වන්නෙ තවත් අතිදක්ෂ නිළධාරීයෙක් වන, විශේෂ යාත්‍රා බලඝණයේ ( Special Boat Squadron ) ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්නයන් ය.
සතුරාට පහර දිය යුත්තේ නොසිතන මොහොතකය. ( You must attack the Enemy with an element of Surprise). එනම් මෙවන් මෙහෙයුමක නම් රාත්‍රී කාලයේ ය. නමුත් 4 වන දිනයේත් රාත්‍රීය තෙක් සිටියානම් සෙසු හමුදා නිළධාරීන් හට අත්වන ඉරණම දුර තියා දුටු වීරසේකර , විශාල යාත්‍රා 2ක් ( Landing Crafts) හා කුඩා යාත්‍රා 10ක් පමණ දියත් කරන්නට ආරම්භ කලේ මහා දවාලේ ඉර මුදුන් වෙද්දී සතුරාට ඉතා පහසුවෙන් තමා සිටින තැන දිස්වන අයුරින් උක්ත න්‍යායයට පටහැනිව යමින් ය. ඒ , තවත් වෙන විකල්පයක් නොතිබූ නිසාය.. එය හුදෙක් තම සහෝදර සෙබලුන්ව නිරුපද්‍රිතව රැගෙන ඒමට තිබූ කැක්කුමක් මිස ඔවුන්ගේ මළසිරුරු නැවත ගෙන ඒමේ මෙහෙයුමක් නොවූ නිසාය.
නමුත් ඉදිරියට ඇදෙන යාත්‍රාවේ සිට, නාගදීපය දෙස බලා ඔහු ඉල්ලන්නේ මෙය අවම තුවාලකරුවන් සහිතව සාර්ථක කරගන්න ලැබේවා කියා ය. එලෙසම ඔහුගේ ගමනට ස්වභාව ධර්මයා ආශිර්වාදයක් වෙන්නේ වෙරළ දෙසට ඇදෙන මහා කලු වලාවක් මවමිනි. වලාව යටට මනාව යාත්‍රාවන් පෙලගැස්වූ වීරසේකර , කොටින්ගේ රේඩාර් වලින් අපගේ ගමන්පථය සගවා ගොඩබිමට ලංවීමටත් නිසි ස්ථානයකට කොමාන්ඩෝ භටයන් ගොඩබැස්සවීමටත් සමත් වන්නේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙනි.
එම මාරන්තික දින හතර තුල තම සහෝදර භටයන් මනාව කලමණාකරණය කර සහය ලැබෙන තෙක් කොටින්ගේ ග්‍රහණයට හසු නොවී ඔවුන්ට අණ දුන් කර්නල් TTR ද සිල්වා
( වර්තමාන විශ්‍රාමික මේජර් ජෙනරාල් ) මහතාවත් ඉතාම අභිමානයෙන් සිහි කරන්නේ හද පිරි බැතියෙනි.
දින 4ක් පුරාවට කන්න බොන්නත් නොමැතිව ජීවිතයත් මරණයත් අතර සැබෑ සටනක් දියත් කල නිළධාරීන් හා සෙබළුන් 400කගේ දිවිගලවා ගත් නිර්භීත නාවික ක්‍රියාන්විතයෙන් මදකි මේ.
එම සටනේදී නාගතේවතුරේ නාවික අනුඛණ්ඩයේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ ,
පසුව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න තමා සමග සිටි නාවිකයන් හැට හත් දෙනකු සමගින් කලපුව තරණය කරමින්, නිර්භීතව සටන් කරමින් නිරුපද්‍රිතව පැමිණීමට විශිෂ්ට රණවිරුවකු ලෙස සටන් වැදුණු ආකාරය ද සඳහන් කළ යුතුය. (කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියෙකුගේ කට උත්තරයක් මත, මාස තුනක් හිර බත් කෑවේ ද ඔහු ය.)
මගේ පියා ඇතුලු නිර්භීත රණවිරුවන් රැසකට රණවික්‍රම
පදක්කම් හිමි වූ වික්‍රමාන්විත කතා පුවත මෙයයි. ❤?
මලත් නොමැරෙන වීරයන්ගේ
සිරිත් බැතියෙන් ඉගෙන ගන්නේ
අපිත් ඒ මගමැ යන්නේ
හෙටත් මේ ලක්මව රකින්නේ !
රියර් අද්මිරාල් සරත් වීරසේකරයන්ගේ පුත් සචිත්‍රගේ අදීෂ වීරසේකරගේ ලිපියකි !
16 Viewers





