• Home »
  • Sinhala »
  • ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි!
    මල්වතු-අස්ගිරි හ රාමඤ්ඤ අමරපුර මහා නායක හිමිවරුන්

ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි!
මල්වතු-අස්ගිරි හ රාමඤ්ඤ අමරපුර මහා නායක හිමිවරුන්

මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව මැතිවරණ ක්‍රමය හැර නව ව්‍යවස්ථාවක් තබා සංශෝධයක්වත් අනවශ්‍ය බව ඒකමතිකව ප්‍රකාශයට පත් කළා. එය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කළා. සංඝයා වහන්සේලා ගේ මේ ප්‍රකාශය සිංහල විරෝධී ඊනියා එන්ජිඕ කූට ව්‍යවස්ථා සැලැස්මට එල්ල වූ කනේ පහරක්. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් මල්වතු මහා නායක හිමියන්ගේ අඩුව පෙන්වමින් පළවූ වාර්තා ජනතාව නොමග යැවීම් බව කියා සිටියේය. ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේදී පළකළ අදහස් ද හෙට පුවත්පත්වල පළකරන මෙන් තග දැමී ය. ඔහු මෙහිදී පුවත්පත් කීපයක් ම පෙන්වමින් මල්වතු මහා නායක හිමියන්ගේ ඡායාරූපය යොදා තිබීමත් ප්‍රශ්න කළේ මල්වතු මහා නාහිමියන් ගැන කාරක සංඝ සභාවටත් වඩා අයිතියක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව ප්‍රේක්ෂක අපට අගවමිනි. දැන් මහා නා හිමියන් ගේ ඡායාරූපයක් මාධ්‍යක පළ කරන්නත් සිරිකොතෙන් විමසිය යුතුය යන හැගීමක් එය දැකි අපට ඇති විය.

රනිල්ගේ මේ ප්‍රශ්න කිරීම ගැන එක අතකට අපට පුදුම නැත. මන් ද පසුගිය කාලයේ උන්වහන්සේද රටට පෙන්නුම් කලේ තමන් මල්වතු පාර්ශ්වයේ මහා සංඝයාගේ හා සිංහල බෞද්ධයන්ගේ මහා නායක හිමියන්ට වඩා සිරිකොතේ මහා නායක හිමියන් බවයි. මේ පුවත්පත් වාර්තා දුටු විට එජාප නායකයා කලබල වන්නට ඇත්තේ එනිසාය. පවුලේ සාමාජිකයෙක් තරමට තමන් හොදින්ම දන්නා මල්වතු මහා නාහිමියන් ගැන මෙබදු පුවත් පළ කිරීමට පත්තරකාරයෝ දන්නේ මොනවා ද යන්න වික්‍රමසිංහ මහතාට හිතෙන්නට ඇත. නමුත් අද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවති ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදෙන හැටි කෘතිය ජනගත කිරීමේ උළෙලට පැමිණි මැදගම ධම්මානන්ද හිමියන් වගකීමෙන් ප්‍රකාශ කලේ මල්වතු මහා නායක හිමියන්ගේ කැමැත්ත හා ආශීර්වාදය ඊයේ කාරක සංඝ සභාවේ ප්‍රකාශයට තිබුණු බවයි. ව්‍යවස්ථා මගඩිය ගැන මල්වතු මහා නාහිමියන්ට කරුණු පැහැදිලි කළ පසු ඒවා පිළිගත් බවයි.

එහෙත් අපි නිකමට හිතමු ඊයේ ප්‍රකශයට මල්වතු නා හිමියන් පමණක් විරුද්ධයි එනම් නව ව්‍යවස්ථාවට පක්ෂයි කියා. මල්වතු මහා නාහිමියන්ගේ එජාපයට ඇති ලැදියාව මත රනිල් වික්‍රමසිංහ මහතා බුදු දහම ගැන හෝ සිංහල බෞද්ධයන් ගැන තීරණ නොගත යුතුය. ත්‍රෛනිකායික මහා නායක හිමිවරු අතරින් එක් මහා නායක ස්වාමීන්වහන්සේ නමක් යනු සමස්ත භික්ෂු නියෝජනය හෝ සමස්ත සිංහල බෞද්ධ නියෝජනය නොවේ. මල්වතු අස්ගිරි උභය විහාරීය කාරක සංඝ සභාවේ මහා නායක දෙනමත් ඇතුළුව සමස්ත භික්ෂුන් වහන්සේලා 40 නමක් පමණ සිටින බව පැවසේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නේ එක් භික්ෂුවක් පමණක් කියන දේ ද බහුතර භික්ෂුන්ගේ ඉල්ලීම ද ? බුද්දාගමට ප්‍රමුඛතාවය දෙනවා කියනවා නම් දැන් ඉතින් ඔය ව්‍යවස්ථා සෙල්ලම ඇතෑරපල්ලා. බහුතර සංඝයා නව ව්‍යවස්ථාවට විරුද්ධයි. ප්‍රමුඛතාවය දෙන්නේ බහුතර සංඝයාගේ ඉල්ලීමට පයෙන් ගසමින් ද

මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ අමරපුර නිකායන්ගේ මහා නායක හිමිවරුන් වහන්සේ දැනුවත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේගේ බලවත් විරෝධය යෝජිත නව ව්‍යවස්ථාවට එල්ල කරන බව මල්වතු පාර්ශවයේ අනුනාහිමි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසූහ.

ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප රැස්වීම් ශාලාවේදී මල්වතු-අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් සහ විද්වත් පිරිසක් ඊයේ (18දා) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ.
මේ රටට අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අප මල්වතු-අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් සාකච්ඡා කළා. මේ ව්‍යවස්ථාවේ ඇති භයානකකම බලතල බෙදීම පිළිබඳ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවටත් නැති බලයක් මේ ප්‍රාදේශීය සභාවලට සහ පළාත් සභාවලට ලැබෙනවා. ඒ නිසා එය රටට අහිතකරයි. මේ නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය බව අප තීරණය කළා. ඒකීය රටක් බවත් බුද්ධාගමට නිසි තැන දෙනවා කීවත් ඒවාට නිසි තැනක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ අමරපුර නිකායන්වල නායක හිමිවරුන්ද දැනුවත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේගේ බලවත් විරෝධය අප මෙම ව්‍යවස්ථාවට එල්ල කරනවා.

ඒ නිසා අප ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව අකුළාගන්න. මේ ව්‍යවස්ථාව ගේන්න එපා කියලා අපට පරණ ව්‍යවස්ථාව හොඳයි. නමුත් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රිවරු පත් කිරීමට අප විරුද්ධ නැහැ. ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු අප සියලු දෙනා වහන්සේම එක්ව මේ සඳහා එක හ¾ඩින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කළා. මෙය පළාත්වලට බලය බෙදා දෙන්න කළ උපක්‍රමයක්. එසේ නැතිව රටට වෙන වාසියක්, ප්‍රයෝජනයක් රටට ලැබෙන දෙයක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන මහතා කළ දෙයින් අපේ රට හිඟන තත්ත්වයට පත්වුණා. පළාත් සභා පත් කරලා ලේකම්වරු, මහ ඇමැතිවරු, කාර්යාල යානවාහන දීලා විශාල ධනස්කන්ධයක් වියදම් කරනවා. මෙය රටට මහා බරක්. මෙය අපරාධයක්. මේ පුංචි රට පාලනය කරන්න එහෙම ඕනෙ නැහැ. මීට පෙර මේ රට දිසාපතිවරුන් ලස්සනට පාලනය කළා. මන්ත්‍රිවරුන්ගේ ලිපි සාක්කුවේ දාගෙන මේවා සම්මත කළේ. දැන් මේවා අවසන් වුණත් මේ ව්‍යවස්ථාවත් මහා විනාශයක් වන්න පුළුවන්. ඒ නිසා අප එක හ¾ඩින් මෙයට විරුද්ධ වුණා.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

අද දින අස්ගිරි-මල්වතු මහා නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් එක්ව අනුනායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ යෝජනා පිළිබඳ අප අධ්‍යයනය කර ඒ ගැන අද සාකච්ඡා කළා. අප මීට පෙරත් සඳහන් කළා අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමෙන් ජාතීන් අතර යම් බෙදීමක් ඇති කරන බව. දැනටමත් මේ සාකච්ඡා තුළ අප අතර යම් බෙදීමක් සහ අෑත්වීමක් ඇති වී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව තුළින් ගෙන එන යෝජනා අප රටේ ඒකීය භාවය මෙන්ම රාජ්‍ය බලය විභේදනය කිරීම තුළ රටට විශාල හානියක් සිදු වෙනවා. රට කොටස්වලට බෙදීමක් ඇතිවන බව පේනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී අදහස් කළේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තබාගෙන ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කර සිදුකරන තුරු අලුත් ප්‍රවේශයකින් එය කරන තුරු මේ ඉදිරිපත් කරන යෝජනා පසෙක තබා රටේ ජාතික සමඟිය සහ සංහිඳියාවත් සංවර්ධනයත් ඇති කරන්න කටයුතු කළ යුතුයි කියලයි. ඉදිරියේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව වහා නතර කළ යුතුයි. මෙය මහා භයානක ව්‍යවස්ථාවක්. මේ මඟින් රට මෙන්ම රටේ ජනකොටස් අතර බෙදීමක් සිදුවිය හැකි බවද උන්වහන්සේ කීහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අති පූජ්‍ය වේඬරුවේ උපාලි, අස්ගිරි පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර හිමිවරු ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



1078 Viewers