වික්‍රමසිංහ ආරච්චිගේ ලසන්ත වික්‍රම රුද්‍රිගු

උපන් දිනය 1970 වසරේදී උපත ලබා කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් මූලික අද්‍යාපනය ලබා ඇත. දක්ෂ හා බහුවිධ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සිය පාසලේ ක්‍රිකට්, පන්දු යොවුන් (Basketball) සහ රග්බි (Rugby) යන කණ්ඩායම් තුනේම නායකත්වය දරා ඇත. එකම වසරක ප්‍රධාන ක්‍රීඩා තුනක නායකත්වය දැරීම සුවිශේෂී ජයග්‍රහණයකි. මීට අමතරව ඔහු පාසල් මලල ක්‍රීඩා කණ්ඩායමේද ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත අතර ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කර ඇත.
ලුතිනන් ජෙනරාල් රුද්‍රිගු පියුමි දර්ශනී මහත්මිය විවහ වී දියණියන් දෙදෙනෙකු සිටී. ඔවුන් දෙදෙනාම දැනට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වේ.
ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළ කීර්තිමත් නිලධාරියෙකි.
1989 ජනවාරි 20 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට පාඨමාලා අංක 31 යට්තේ බැදී මූලික පුහුනු වීම් සදහා (Regular Intake 31) ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් දියතලාව සහ ඉන්දියානු යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලබා ඇත. පසුව ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත 2 ලුතිනන් වරයෙකු ලෙස අනුයුක්ත කරන ලදී.
ඔහු තම වෘත්තීය ජීවිතය තුළ වැදගත් අණදෙන සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත
# 2024 දෙසැම්බර් 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාපති ලෙස පත් විය.
# හමුදාපති ධුරයට පත්වීමට පෙර ඔහු යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.
# ස්වේච්ඡා බලසේනාවේ ආඥාපති: ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ආඥාපති ලෙසද සේවය කර ඇත.
# ආඥාපති – මධ්‍යම බලප්‍රදේශය: ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස කටයුතු කළේය.
# අධ්‍යක්ෂ (විදේශ මෙහෙයුම්): යුද හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් කටයුතු කර ඇත.
# 66 වන සේනාංකාධිපති (පූනරින්), ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක වැනි තනතුරු ද හොබවා ඇත.
ඔහු යුද ශිල්පයට අමතරව ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සහිත නිලධාරියෙකි
# Master of Arts (Strategic Security Studies): ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් (NDU).
# Master of Science (Security and Strategic Studies): ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් (KDU).
හමුදා දිවිය තුළ ඔහු ක්‍රීඩාවට ඉහළ ලැදියාවක් දක්වන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා රග්බි සහ මලල ක්‍රීඩා කමිටුවල සභාපතිවරයා ලෙසද සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් යුද හමුදා රග්බි ක්‍රීඩාව ජාතික මට්ටමට රැගෙන ඒමට ඉතා විශාල මෙහෙයක් කළේය.
යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇත
දශක තුනකට අධික සේවා කාලය තුළ, සටන් බිමේ පෑ වීරත්වය සහ විශිෂ්ට සේවය වෙනුවෙන් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත
# රණ ශූර පදක්කම (RSP): සටන් බිමේදී සතුරා හමුවේ පෑ විශිෂ්ට වීරත්වය වෙනුවෙන් පිරිනමනු ලැබේ.
# විශිෂ්ට සේවා විභූෂණය (VSV): වසර 25 කට අධික නොකැලැල් සහ විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පිරිනමන ඉහළම ගෞරව සම්මානයකි.
# උත්තම සේවා පදක්කම (USP): කැපී පෙනෙන විනයගරුක සේවය වෙනුවෙන් පිරිනැමේ.
# සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම: වසර 20 කට වැඩි සේවා කාලය අගයමින් පිරිනැමේ.
# දේශපුත්‍ර පදක්කම: සටන් බිමේදී සතුරු ප්‍රහාර හමුවේ තුවාල ලැබූවන්ට පිරිනමන පදක්කමකි (ඔහු තුන් වතාවක් තුවාල ලබා ඇත).
# මානුෂීය මෙහෙයුම් පදක්කම්: උතුරු සහ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් සඳහා සහභාගී වීම වෙනුවෙන් පිරිනැමූ පදක්කම් (North & East Humanitarian Operation Medals).
විශේෂ යුද පුහුණුවීම් (Foreign Qualifications)
# ඉන්දියාව: කාලතුවක්කු නිලධාරීන්ගේ උසස් පාඨමාලාව සහ යුද විද්‍යාලයේ (War College) පාඨමාලාව.
# ඇමරිකා එක්සත් ජනපදය: වොෂින්ටන්හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් (National Defense University) උපායමාර්ගික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය.
# පාකිස්ථානය සහ බංග්ලාදේශය: ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා.
රට මුහුන පෑ ගංවතුර උවදුරේදී මෙන්ම ඉන් පසුද හනි වූ සාමාන්‍ය ජනතාවට ලගාඅවිය නොහැකි ස්තනයන් වෙත ඉතා කඩිනමින් සහන හා සේවා යතා තත්වයට පත්කිරීම වෙනුවෙන් හමුදාව මෙහෙයවමින් කපීපෙනෙන සේව්‍යක් ඉටුකරන ලදී.
විශේශයෙන්ම වසර 30 යුද්දයෙන් මියගිය ආබදිත තත්වයට පත්වුනු විරුවන් ව්නුවෙන් හමුදා පතිවරයා ලෙස ක්‍රියාත්මක කල වැඩපිලිවෙලවල් තිශයින්ම ප්‍රශංශනීයයි.
10 Viewers





