විග්නේශවරන්ට ප්‍රශ්න පත්‍රයක්.

- ලෝකයේ ආදිතම භාෂාව නම් නමුත් එම භාෂාවට අනන්‍ය ස්වාධීන රටක් මිහිපිට නැති වුනේ කෙසේද?
- 32 km එහා කෝටි ගණනක් දෙමළ භාෂාව කතා කරන ජනතාවක් සිටියදීත් ඔබ කියන අයුරින් ලංකාවේත් මුල්ම පදිංචි කරුවන්ගේ භාෂාව දෙමළ නම් සහ ඔවුන් රට පුරාම වයප්තව සිටියා නම් රටේ ජනග්‍රහණයෙන් බහුතරයක් ක්‍රිස්තු පුර්ව 4 වන සියවසටත් පෙර සිට සිංහල භාෂාව කතා කරන්න පෙළඹුනේ ඇයි?
- මහාචාර්යය ඉන්ද්‍රපාල කාර්තිගේසු අනුව 12-13 වන සිය වෙනකම් දෙමළ ජනාවාස තිබුනේත් නැත්නම් ඉන්පසුවද එම ජනාවාස අඛණ්ඩව ලංකාව පුරා ව්‍යාප්ත වූ බවට සාක්ෂිත් නැත්නම් මෙරටේ දෙමළ මුල් පුරවැසියන් කියන්නේ කෙසේද?
- ලංකාව පුරා දෙමල ජනතාව දීප ව්‍යාප්තව ජිවත් වූ බවට ඓතිහාසික ලිඛිත ශිලා ලේඛන වැනි සාක්ෂි නැත්තේ ඇයි?
- රටක් පිලිබඳ අනන්‍යතාවයක් තිබුනා නම් ඉතිහාසය රචනා කරන්න යාල්පානම් වයිපවමලෙයි නැමති ව්‍යාජ ග්‍රන්ථය රචනා කරන්න බෙදා වෙන්කිරීමේ න්‍යායයෙන් රට පාලනය ගැනීමට උත්සාහ කල ලන්දේසින් ඉල්ලා සිටිනකම් සිටියේ ඇයි?
- යාපනයේ සිටි ප්‍රාදේශීය රජු කෝට්ටේ අධිරාජ්‍යයට තෑගි යවමින් කෝට්ටේ රාජ්‍යට යටත් රාජ්‍යක් ලෙස කටයුතු කලේ ඇයි?
- පෘතුගීසි ලන්දේසි පවා යාපනයේදී ගිවිසුම් අත්සන් කලේ සිංහලෙන් නම් යාපනය එදවස පවා සිංහල රාජ්‍යට අයත් බව නොවේද කියවෙන්නේ.
- උතුරු නැගෙනහිර එකම දෙමල ජනතාවක් විසුවා නම් නැගෙනහිර දෙමල ජනතාව අඩු කුලයක් වශයෙන් සලකා පහත් කොට සලකන්නේ ඇයි?
- මහැදුරු නලින් ද සිල්වා මහතා පෙන්වා දී ඇති පරිදි දකුණු අප්‍රිකාවේද ලංකාවේ උතුරු කරයේ කෘෂිකාර්මික ජනතාවක් ලන්දේසීන්ට ද බ්‍රිතාන්‍යන්ට ඉන්දියාවේ මලබාරයේ සිට ගෙනඒමට සිදු වුයේ ඇයි?
- මලබාරයේ සිට ගෙන්වන ලද දෙමල වෙල්ලාල ජනතාව නැවත තම මව් රටට යා නොදී තවදුරටත් යාපනයේ දුම්කොළ වගාවට සහ අනෙකුත් වගාවන් සඳහා කුලී කම්කරුවන් ලෙස රඳවා ගැනීමට මලබාරයේ ක්‍රියාත්මක තේසවලාමේ නිතිය ලන්දේසීන්ට පැනවීමට සිදු වුයේ ඇයි?
- ලංකාවේ දෙමල ජනතාව වසර දහස් ගණනක් දකුණු ඉන්දියාවෙ දෙමල ජනතාවගෙන් වෙන්ව වාසය කලද, දකුණු ඉන්දියාවේ එකම ආසන්න ප්‍රාන්ත වල ද්‍රවිඩ භාෂාව එම ප්‍රාන්ත වලට අනන්‍ය ලෙසට නවතම භාෂා ලෙස වර්ධනය වූ ලෙසට වර්ධනය නොවී තමිල් නාඩුවේ භාවිතා වෙන දෙමල භාෂාවට අසන්න උච්චාරණයක් සහ භාවිතාවක් සහිතව යාපනයේ දෙමළ ජනතාවද භාවිතා කරන්නේ මන්ද? යාපනයේ දෙමල සහ තමිල්නාඩුවේ දෙමල භාෂා වෙනස වසර 200 කට වඩා පැරණි නොවන බව ද්‍රවිඩ භාෂා විද්වතුන් පෙන්වා දෙන්නේ ඇයි?
- ශ්‍රී ලංකාව සිංහලද්වීපය ලෙස ක්‍රිස්තුවර්ෂ මුල් සියවස් වල පවා සදහන් වුවත් චෝල පාණ්ඩව ලෙස වෙන් වෙන්ව තිබු රාජ්‍යන් තමිල්නාඩු ලෙස නම් මෑතකදී නම් කලේ ඇයි? දෙමළ භාෂාවට අනන්‍ය රාජ්‍යක ගොඩ නැගීමක් අතිතයෙවත් නොතිබුනේ ඇයි?
- උතුරු කරයේ ජිවත්වන දෙමල ජනතාවගේ පරම්පාරා ඉතා පහසුවෙන් දකුණු ඉන්දියාවේදී දැනටත් පහසුවෙන් හදුනා ගත හැක්කේ ඇයි?
- දකුණේ කොළඹ සියලු සැප පහසුකම් ඇතිව හැදී වැඩි සිංහල ජනතාව සමග නෑ හිතවත් කම් ගොඩ නගාගෙන තිබියදීත් තවදුරටත් ජාතිවාදය වෙනේදේසි කරමින් තම බල තන්හාවට සහ ඊනියා දෙමල ඊළමක් පිහිටුවීමට සිතා නහින දෙහින කාලේ දෙමල සිංහල සමගිය බිඳීමට උත්සාහ කරමින් බොරු කියල ජාතිවාදය වපුරන්නේ ඇයි?
- පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොදන්නා ඒවගේම එම සම්ප්‍රදායන්ට පටහැනිව නව කතානායකට සුබ පැතීමට ලැබෙන අවස්තාව ජාතිවාදය වැපිරීමට යොදා ගත්තේ ඇයි?
- තම ජාතිවාදය හෙළිකරමින් ඉතිහාස සාක්ෂි නැතිව පදනමක් නැතිව ස්වප්නයෙන් ස්වයං වින්දනයක සිටිමින් බොරු වැපිරීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු නොකරමින් සිංහලයන් ඔබේ කතාවට කුලප්පු කරගෙන ප්‍රථම පාර්ලිමේන්තුවේදීම දෙමල ජනතාවට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්තාවක් නැහැ එමනිසා වෙනම දෙමල ඊළමක් අවශ්‍යයි කියා ජාත්‍යන්තරයට පෙන්වීමට ගත් නිහීන උත්සාහය සබුද්ධික සිංහල ජනතාව මෙවරත් පරාජය කළා කියා ඔබ පිළිගන්නේද?
විනේශ්වරන් ව්‍යාජ ඉතිහාසයක් කියාපාමින් ජාතිවාදය වපුරන්නේ නැතිව දැන්වත් රටේ සිංහල දෙමළ ජනතාව අතර ස්වාභාවිකවම සමගිය ගොඩ නැගෙන්න ඉඩ දෙන්න.
96 Viewers





