විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශය/13 අහෝසි කරන්න – සරත් වීරසේකර
සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් “දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව” ලෙස සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
සි.වි. විග්නේෂ්වරන් මහතා සිටින්නේ “රට බෙදීමේ න්‍යාය පත්‍රයේ” බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.
මේ අතර විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.
Watch following Video link on the related issue
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රජයට යෝජනා කර ඇත.
13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස රජයේ ඇමැතිවරයෙක් ඉදිරිපත් කළ මුල්ම යෝජනාව මෙය වේ. ‘‘පළාත් සභාවල බර ජනතාවට දරාගත නොහැකියි. පළාත් සභා පිහිටුවීමෙන් පසු කෘෂිකාර්මික, ධීවර, පාරිසරික ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍රවලට ඇමැතිවරු 10 බැගින් පළාත් සභා 9 යටම සිටිති. එහෙත් ඉන් රටට කිසිදු සේවයක් සිදුවී නැහැ’’ යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම පළාත් සභා ක‍්‍රමයට අදාළ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සංධානය ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ලෙස 13 සංශෝධනය අහෝසි කළ යුතු බවට තමා රජයට යෝජනාවක් කළේ ජනතා යහපත උදෙසා බව ද සරත් වීරසේකර මහතා කීවේය.
පළාත් සභා නිසා එහි මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර දීම ඇතුළු වෙනස් වරප‍්‍රසාද දීමට රජයට වසරකට රුපියල් මිලියන 800 ක් පමණ වැය වේ.
Another Answer for Vigneswaran lies; https://m.youtube.com/watch?v=roOZ5bTPm0A&t=520s
72 Viewers





